වර්තමනයේ දැඩිසේ කතාබහට ලක්වී ඇති නව රජයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීම වෙනුවෙන් වැය කළ මුදල් සහ ඒ සඳහා දායක වූ විද්වතුන් කවුරුන්දැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කළ විමසීමකදී, මෙරට ප්‍රධාන අධ්‍යාපන ආයතන තුනක් පරස්පර විරෝධී පිළිතුරු ලබා දෙමින් තොරතුරු ඉල්ලුම්කරු නොමඟ යවා ඇති බව අනාවරණය වේ.
ගෝලීය සන්දර්භය තුල මුලික අයිතිවාසිකමක් ලෙස සැලකෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද සපතකර තිබේ. එසේ වූ පසුබිමක 2015 වර්ෂයේදී පත්වූ යහපාලන රජය යටතේ ජනතාවට තොරතුරු වෙත ප්‍රවේශ වීම 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ ව්‍යස්තපිතව තව දුරටත් සපත කරන ලදී.
එසේ වූ පසුබිමක වර්තමානයේ බලයට පත්වූ ජාතික ජනබලවේගය රජය පත්වීමට මත්තෙන් ඔවුන් ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දු අතර ජනතාවගේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් පෙරට ගෙනා පොරොන්දු අතර විනිවිධභාවය සම්බන්ධයෙන් ඔවුන් ලබාදුන් පොරොන්දු කැපී පෙනේ. එය එසේ වුවත් පුරවැසියන් තොරතුරු ඉල්ලන විටදී රාජ්‍ය ආයතන එයට දක්වන ප්‍රතිචාර හා තොරතුරු සැගවීමට දරන උත්සාහය වර්තමානයේ පෙරට වඩා දක්නට ලැබනෙ බව පසුගිය කලය තුලදී විවිධ රාජ්‍ය ආයතන රාශියකට යොමුකල තොරතුරු ඉල්ලුම්පත් මගින් කපිපෙනන දෙයක් වේ. මෙම සිදුවීමද එයට නිසදුනක් සපයන්නකි.
සිද්ධියේ පසුබිම
නව රජය යටතේ 2025 වර්ෂය තුළ සකසන ලද නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් වැය වූ පිරිවැය, විද්වත් කමිටු සාමාජිකයින් තේරූ නිර්ණායක සහ මීට පෙර (2020-2022) සකස් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීමට හේතු විමසමින් 2025.07.මස සිට ජාතික අධ්‍යාපන ආයතනය,අධ්‍යාපන අමාත්‍යාංශය,ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යන පොදු අධිකාරීන් තුන සඳහාම තොරතුරු අයදුම්පතක් යොමු කරන ලදී.
එකම තොරතුරට පිළිතුරු තුනක්
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය (NIE), අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව (NEC) ලබා දී ඇති පිළිතුරු මෙසේය:
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් ලාබාදුන් ඉල්ලීම මගින් ලබාදුන් පිළිතුරෙහි සඳහන් වන්නේ මෙම තොරතුරු තමන් සතු නොවන බවත් පිරිවැය සහ විද්වත් කමිටු තොරතුරු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ලබා ගන්නා ලෙසත්, අමාත්‍ය මණ්ඩල තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසත් දන්වමින් ලිපිය ගොනු කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ අදාළ තොරතුරුවල භාරකාරීත්වය පවතින්නේ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සතුව බවයි. ඒ අනුව අමාත්‍යාංශය විසින් අභියාචනය නැවතත් NIE වෙතම යොමු කර ඇති බවයි .
එමෙන්ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වඩාත්ම පුදුම සහගත පිළිතුර ලබා දෙමින් කොමිෂන් සභාව පවසන්නේ 2025 වසරේදී එවැනි කිසිදු ප්‍රතිපත්ති රාමුවක් සකසා නොමැති බවත්, ඒ නිසා මුදල් වැයවීමක් ද සිදු නොවූ බවත්ය. එසේම 2022 දී සකස් කළ ප්‍රතිපත්ති රාමුව තවමත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය පතා පවතින බව ඔවුහු පවසති.
ප්‍රතිපත්ති සම්පාදනයේ විනිවිදභාවය පිළිබඳ ගැටලුව
රජය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ප්‍රසිද්ධියේ කතා කරන පසුබිමක, එම ප්‍රතිපත්ති සකසන ආයතනය හෝ ඒ සඳහා වැය වූ මහජන මුදල් පිළිබඳ දත්ත කිසිදු ආයතනයක් සතු නොවීම බරපතල ගැටලුවකි. එක් ආයතනයක් තවත් ආයතනයකට වගකීම පවරමින් සිටින අතරතුර, කොමිෂන් සභාව එවැනි ප්‍රතිපත්තියක් ගැන තමන් නොදන්නා බව පැවසීම මගින් රජයේ නිල නිවේදන සහ ක්‍රියාකලාපය අතර පරස්පරයක් ඇති බව විශද වේ.
තොරතුරු පනතේ 24 වගන්තිය ප්‍රකාරව තොරතුරු ලබාදීමට සහය වීම වෙනුවට ආයතන එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා නැඟේ. මෙම නොමඟ යවන සුළු පිළිතුරු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා අංක 1350/2025 යටතේ විභාගයක් ද පැවැත්වේ.එමෙන්ම මේ සම්බන්ධයෙන් වූ අභියචානා විභාගයන් නැවත 2026.03.25 දිනට කැඳවීමට තොරතුරු කොමිසම තීරණය කර තිබේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd