ලෝකයේ ඉදිරිගමන සඳහා නව සොයාගැනීම් සහිත විද්යාත්මක පර්යේෂණ හා තාක්ෂණික නවෝත්පාදනයන් අත්යවශ්ය සාධකයක් බවට පත්ව ඇති යුගයකි මේ. එවන් යුගයක ශ්රී ලංකාවේ අධ්යයන හා විද්යාත්මක ප්රජාව ජාත්යන්තර තලයේ අතිදැවැන්ත ජයග්රහණයක් අත්කරගෙන තිබේ. ඒ ජාත්යන්තර එල්සෙවියර් (Elsevier ) ආයතනය විසින් 2026 ඔක්තෝබර් මාසයේදී ප්රකාශයට පත් කරන ලද ස්ටැන්ෆර්ඞ් එල්සෙවියර් ලොව විශිෂ්ටතම විද්යාඥයින්ගේ 2% ලැයිස්තුවට (Stanford–Elsevier World’s Top 2% Scientists List 2026 ) ශ්රී ලාංකික විද්යාඥයින් 82 දෙනකු ඇතුළත්ව තිබීමය.
මීට අමතරව, තනි වසරක පර්යේෂණ බලපෑම (Single-year impact dataset ) ඇගයීමේ ලැයිස්තුව සඳහා ද දේශීය පර්යේෂකයින් 68 දෙනෙකු තේරී පත්ව සිටීම විශේෂත්වයකි. එමගින් පෙන්නුම් කරන්නේ සීමිත පර්යේෂණ පහසුකම් හමුවේ වුවද, ශ්රී ලංකාවේ විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන තුළින් බිහිවන විද්යාත්මක සොයාගැනීම්වල ගෝලීය බලපෑම සහ උපුටා දැක්වීම් (citations ) ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවයි.
ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්යාලයේ පර්යේෂකයින් විසින් එල්සෙවියර් ආයතනයේ Scopus දත්ත සමුදාය ඇසුරින් සකස් කරනු ලබන මෙම වාර්ෂික වර්ගීකරණය, විද්යාත්මක ක්ෂේත්ර 22 ක් සහ උප ක්ෂේත්ර 174 ක් පුරා ලොව වඩාත්ම බලපෑම්සහගත විද්යාඥයින් හඳුනාගනී. සාම්ප්රදායිකව පර්යේෂණ පත්රිකා සංඛ්යාව පමණක් සැලකිල්ලට ගන්නා ක්රමවේදයන්ගෙන් බැහැරව, මෙහිදී භාවිත කෙරෙන්නේ සම්මත සංයුක්ත දර්ශකයකි ($c$-score ). මුළු උපුටා දැක්වීම් සංඛ්යාව, h-index අගය, සම-කර්තෘත්වයන් සහ කර්තෘනාමයේ පිළිවෙළ ආදී සියලු සාධක සලකා බලමින් සිදුකරන මෙම විද්යාත්මක ඇගයීම, විද්යාඥයෙකුගේ සැබෑ අධ්යයන බලපෑම මැන බැලීමේ වඩාත්ම විශ්වාසනීය ජාත්යන්තර මිනුම ලෙස සැලකේ.
ප්රධාන උසස් අධ්යාපන ආයතන සහ සම්මානනීය විද්යාඥයින්
කොළඹ විශ්වවිද්යාලය (පර්යේෂකයින් 11 දෙනෙක්)
වෛද්ය පීඨය සහ විද්යා පීඨය කේන්ද්ර කරගනිමින් නිවර්තන කලාපීය රෝග, සායනික පෝෂණය, රෝග නිවාරණය සහ නැනෝ තාක්ෂණය යන ක්ෂේත්රවල ජාත්යන්තර කීර්තියට පත් විද්යාඥයින් 11 දෙනෙකු කොළඹ විශ්වවිද්යාලයෙන් තේරී පත්ව සිටිති:
සම්මානිත මහාචාර්ය කාමිනී මෙන්ඩිස් - වෛද්ය පීඨය (මැලේරියා පර්යේෂණ)
සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ - වෛද්ය පීඨය (සායනික වෛද්ය විද්යාව)
මහාචාර්ය සෙනක රාජපක්ෂ - වෛද්ය පීඨය (නිවර්තන කලාපීය වෛද්ය විද්යාව)
මහාචාර්ය නදීරා ඩී. කරුණාවීර - වෛද්ය පීඨය (පරපෝෂිතවේදය)
මහාචාර්ය ප්රියංග රණසිංහ - වෛද්ය පීඨය (ඖෂධවේදය සහ දියවැඩියා පර්යේෂණ)
මහාචාර්ය රනිල් ජයවර්ධන - වෛද්ය පීඨය (සායනික පෝෂණය)
මහාචාර්ය දීපිකා ප්රනාන්දු - වෛද්ය පීඨය (පරපෝෂිතවේදය සහ මහජන සෞඛ්යය)
මහාචාර්ය දක්ෂිත වික්රමසිංහ - වෛද්ය පීඨය (ශල්ය වෛද්ය විද්යාව)
මහාචාර්ය කේ. එම්. නලින් ද සිල්වා - විද්යා පීඨය (රසායන විද්යාව සහ නැනෝ තාක්ෂණය)
ආචාර්ය උමේෂ් ජයරාජ් - වෛද්ය පීඨය (ශල්ය වෛද්ය විද්යාව)
ආචාර්ය මෙරාන් කේෂව එදිරිවීර - වෛද්ය පීඨය (ජෛව රසායන විද්යාව)
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය (පර්යේෂකයින් 8 දෙනෙක්)
පරිසර විද්යාව, වෛද්ය ප්රතිශක්තිකරණ විද්යාව, ක්ෂුද්රජීව විද්යාව සහ ජෛව තාක්ෂණය යන ක්ෂේත්රවලින් විශිෂ්ට දායකත්වයක් ලබාදුන් විද්යාඥයින් 8 දෙනෙකු ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් ඇතුළත් කර ඇත:
මහාචාර්ය මෙත්තිකා විතානගේ - ශ්රී ලංකාව තුළිඑක් වසරක බලපෑම’ (single-year impact ) පිළිබඳ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි. ඇය පාරිසරික ප්රතිසංස්කරණය, ජෛව අඟුරු ((biochar ) තාක්ෂණය සහ ක්ෂුද්ර ප්ලාස්ටික් (microplastics ) පිළිබඳ පර්යේෂණ ක්ෂේත්රවල පිළිගත් පුරෝගාමියෙකි.
ජ්යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ - වෛද්ය විද්යා පීඨය (ප්රතිශක්තිකරණ විද්යාව සහ බෝවන රෝග)
මහාචාර්ය ඉසුරු විජේසේකර - අනුප්රයුක්ත විද්යා පීඨය (ආහාර විද්යාව සහ සාගර ජෛව සම්පත්)
ආචාර්ය කසුන් එම්. තම්බුගල - අනුප්රයුක්ත විද්යා පීඨය (දිලීර විද්යාව සහ ශාක රෝග වේදය)
මහාචාර්ය කේ. කේ. ඒ. සංජීව - තාක්ෂණ පීඨය (සාගර ජෛව තාක්ෂණය)
මහාචාර්ය දිමුතු එස්. මනම්ගොඩ - අනුප්රයුක්ත විද්යා පීඨය (ශාක විද්යාව)
ආචාර්ය අනුෂා හසිනි ඒකනායක - නගර සහ ජලජ ජෛව සම්පත් පීඨය
ආචාර්ය ධනුෂ්ක උදයංග - අනුප්රයුක්ත විද්යා පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය (පර්යේෂකයින් 13 දෙනෙක්)
ඉංජිනේරු, වෛද්ය, කෘෂිකර්ම සහ විද්යා යන පීඨයන්හි බහු-ක්ෂේත්ර අධ්යයන විශිෂ්ටත්වය නිරූපණය කරමින් පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් විද්යාඥයින් 13 දෙනෙකු මෙම ලැයිස්තුව නියෝජනය කරති:
මහාචාර්ය ජානක ඒකනායක - ඉංජිනේරු පීඨය (ස්මාර්ට් බලශක්ති පද්ධති)
ආචාර්ය හිමාල් ඒ. සුරවීර - ඉංජිනේරු පීඨය (දුරස්ථ සන්නිවේදනය)
මහාචාර්ය ඩී. එස්. කේ. කරුණාසිංහ - ඉංජිනේරු පීඨය (පරිසර ඉංජිනේරු විද්යාව )
මහාචාර්ය එස්. ඒ. එම්. කුලරත්න - වෛද්ය පීඨය (සායනික විෂවේදය සහ සර්ප විෂ පර්යේෂණ)
මහාචාර්ය අර්ජුන මැදගම - වෛද්ය පීඨය (දියවැඩියා වෛද්ය විද්යාව)
මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න - වෛද්ය පීඨය (ප්රජා වෛද්ය විද්යාව)
මහාචාර්ය නිමල් සේනානායක - වෛද්ය පීඨය (ස්නායු වෛද්ය විද්යාව)
ආචාර්ය සම්පත් බී. අලහකෝන් - විද්යා පීඨය
ආචාර්ය පවනි දුලංජා දිසානායක - කෘෂිකර්ම පීඨය (පස් විද්යාව)
ආචාර්ය අවන්ති ඩී. ඉගලවිතාන - කෘෂිකර්ම පීඨය (පරිසර විද්යාව)
මහාචාර්ය එරේෂා මෙන්ඩිස් - කෘෂිකර්ම පීඨය (ආහාර විද්යාව)
මහාචාර්ය නිරංජන් රාජපක්ෂ - කෘෂිකර්ම පීඨය
අභාවප්රාප්ත මහාචාර්ය සී. බී. දිසානායක - වෛද්ය භූ විද්යාව සහ පාරිසරික භූ රසායන විද්යාවේ පුරෝගාමියෙකු වූ මහාචාර්ය දිසානායකගේ ශාස්ත්රීය පියසටහන ජාත්යන්තර විද්යා ක්ෂේත්රයේ ගැඹුරින් සටහන් වී ඇත. 2026 ලැයිස්තුවට ඔහු ඇතුළත් කිරීම පේරාදෙණිය සහ ලොව පුරා පර්යේෂකයින් පරම්පරා ගණනාවක් වෙතින් පිරිනැමුණු කීර්තිමත් උරුමයකට සුදුසු විශිෂ්ට උපහාරයකි.
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT ) සහ කැලණිය විශ්වවිද්යාලය (පර්යේෂකයින් 7 දෙනා බැගින්)
SLIIT ආයතනය: පර්යේෂකයින් 7 දෙනෙකු (දිගුකාලීන ක්ෂේත්ර නියෝජනය සහ තනි වසරක බලපෑම් නියෝජනයන් ඇතුළත්ව) තේරී පත්වීමෙන්, රාජ්ය නොවන උසස් අධ්යාපන ක්ෂේත්රයේ විද්යාත්මක පර්යේෂණ වර්ධනය මනාව තහවුරු වේ.
කැලණිය විශ්වවිද්යාලය: මහාචාර්ය සචිත් ගෝපීත මෙත්තානන්ද (වෛද්ය පීඨය / ළමා රෝග විද්යාව) ඇතුළු ජ්යෙෂ්ඨ පර්යේෂකයින් 7 දෙනෙකු වෛද්ය සහ විද්යා පීඨයන් නියෝජනය කරමින් තේරී පත්ව ඇත.
මූලික අධ්යයන ආයතනය (NIFS ) මහනුවර
මහනුවර පිහිටි ශ්රී ලංකාවේ ප්රමුඛතම පර්යේෂණ ආයතනයක් වන NIFS ආයතනයෙන්, භෞතික විද්යාව සහ ජෛව තාක්ෂණය වෙනුවෙන් කැපවූ ජ්යෙෂ්ඨ විද්යාඥයින් රැසක් මෙහි ඇතුළත් වේ:
මහාචාර්ය කීර්ති තෙන්නකෝන් - සෛද්ධාන්තික භෞතික විද්යාව සහ සූර්ය බලශක්තිය
මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක - පදාර්ථ භෞතික විද්යාව
මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් - පරිණාමීය ජෛව විද්යාව සහ ජෛව විවිධත්වය
මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න - ක්ෂුද්රජීවී ජෛව තාක්ෂණය සහ කෘෂිකර්මය
ජාත්යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI )
කොළඹ පිහිටි ජාත්යන්තර ජල කළමනාකරණ ආයතනයේ මූලස්ථානය නියෝජනය කරමින් ජල සුරක්ෂිතතාව, කෘෂිකර්මය සහ පරිසර ඉංජිනේරු විද්යාව පිළිබඳ ජාත්යන්තර පර්යේෂක ආචාර්ය ඬේවි වෑන්හැම් (Dr. Davy Vanham ) තේරී පත්ව ඇත.
මොරටුව විශ්වවිද්යාලය
තාක්ෂණික හා ඉංජිනේරු ක්ෂේත්රයේ නවමු මානයන් සපයමින් මොරටුව විශ්වවිද්යාලයේ සම්මානනීය මහාචාර්යවරියන් දෙපළක් ඇතුළත්ව සිටිති:
මහාචාර්ය දුලානි මීදෙනිය - පරිගණක විද්යා හා ඉංජිනේරු අධ්යයනාංශය (කෘත්රිම බුද්ධියAI, Deep Learning සහ මෘදුකාංග ඉංජිනේරු විද්යාව)
මහාචාර්ය තිළිණි යූ. ආරියදාස - රසායනික හා ක්රියාවලි ඉංජිනේරු අධ්යයනාංශය (ජෛව තාක්ෂණය සහ ක්ෂුද්ර ඇල්ගී පර්යේෂණ)
අනෙකුත් රාජ්ය විශ්වවිද්යාල:
යාපනය විශ්වවිද්යාලය: විද්යාඥයින් 5 දෙනෙකු තේරී පත්ව ඇත.
රජරට විශ්වවිද්යාලය: මහාචාර්ය චන්න ජයසුමන (ඖෂධවේදය) ඇතුළුව තවත් පර්යේෂකයන් 3 දෙනෙකු ඇතුළත් ය.
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලය: සඳුන් අබේරත්න (සත්ත්ව විද්යාව) ඇතුළු විද්යාඥයින් තේරී පත්ව සිටිති.
දේශීය විද්යාඥයින් 82 දෙනෙකු මෙලෙස ජාත්යන්තර ඇගයීමට ලක්වීම, මෙරට මුහුණ දෙන ප්රධාන ආර්ථික සහ සමාජයීය අභියෝගයන්ට ස්ථිරසාර විසඳුම් සෙවීම සඳහා අතිශය වැදගත් වේ. දේශගුණික විපර්යාස, සෞඛ්ය ක්ෂේත්රයේ අභියෝග, ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ කෘත්රිම බුද්ධිය වැනි තීරණාත්මක ක්ෂේත්රයන්හි නව පර්යේෂණ මගින් රටේ අනාගත දැනුම පදනම් කරගත් ආර්ථිකය (Knowledge-based Economy ) ගොඩනැගීමට මෙම ප්රඥාවන්තයින් වෙතින් ලද හැකි දායකත්වය අතිමහත් වනු නිසැකය. ඉරිදා ලංකාදීපය ඔවුන් වෙත සිය ප්රනාමය පළ කර සිටියි.
සුගත්ප්රිය කුලතුංගආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd