
ඊශ්‍රායල-ඇමෙරිකන් ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඊශ්‍රායල-ඇමෙරිකන් ප්‍රහාර හමුවේ අයතුල්ලා අලි කමේනි සහ ඉරානයේ සෙසු නායකයන් සැඟවීමට උත්සාහ ගත් නමුත් එසේ කිරීමට ඔවුන්ට නොහැකි වුණු බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.
අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයත් සමඟ ඉස්ලාමීය පාලනයෙන් මිදීමට ඉරාන ජනතාවට හැකිවනු ඇති බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ පොලිසිය සාමකාමීව එරට දේශප්‍රේමීන් සමඟ එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ට්‍රම්ප් අවධාරණය කළේය.
1979 ඉරාන විප්ලවයේ නිර්තෘ අයතුල්ලා කුමේනිගේ සමීපතම අනුගාමිකයකු වූ ඔහු, ෂා රජුගේ පාලනයට එරෙහිව සක්‍රීයව කටයුතු කළේය. මේ හේතුවෙන් කිහිප වතාවක්ම ඔහුට සිරගත වීමට පවා සිදු විය. ඉරාන විප්ලවයෙන් පසු පිහිටුවනු ලැබූ නව රජය තුළ විවිධ තනතුරු හෙබවූ කමේනි, 1981 සිට 1989 දක්වා ඉරානයේ තෙවන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. 1989 දී අයතුල්ලා කුමේනිගේ අභාවයෙන් පසු, ඉරානයේ උසස්ම තනතුර වන උත්තරීතර නායක (Supreme Leader) ධුරයට ඔහු පත් කරනු ලැබීය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔහු දැඩි දැඩි මතයක් දරන්න විය. ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක හමුවේ වුවද, ඔහු සිය ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සූදානම් නැත. සිරියාව, ලෙබනනය සහ යේමනය වැනි රටවල ඉරාන හිතවාදී කණ්ඩායම් ශක්තිමත් කරමින් මැදපෙරදිග තුළ ඉරානයේ බලය ව්‍යාප්ත කිරීමට කමේනි සමත් විය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ඔහු දැඩි ස්ථාවරයක සිටින අතර, එය සාමකාමී අරමුණු සඳහා බව කමේනි නිරන්තරයෙන් පවසා තිබුණි.
අලි කමේනිගේ පාලන කාලය අභියෝගවලින් තොර වූවක් නොවේ. එරට පවතින දැඩි ආගමික නීති, මානව හිමිකම් පිළිබඳ ගැටලු සහ ආර්ථික අර්බුද හේතුවෙන් විවිධ අවස්ථාවලදී මහජන විරෝධතා මතු විය. එසේ වුවද, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සහාය ඇතිව මේ දක්වා සිය පාලනය ස්ථාවරව පවත්වා ගැනීමට ඔහු සමත් විය.
අයතුල්ලා අලි කමේනි 1939 වසරේදී ඉරානයේ මෂාඩ් නගරයේදී උපත ලැබීය. ඔහුගේ පියා වූ අයතුල්ලා සෙයියද් ජාවඩ් කමේනි, ඉතාමත් ශීලවන්ත මෙන්ම සරල ජීවිතයක් ගත කළ ආගමික විද්වතෙකි.
කමේනිගේ පවුල් පසුබිම දැඩි ආගමික නැඹුරුවක් සහිත වූ අතර, ඔවුන් ඉතාමත් දුප්පත් මට්ටමක ජීවත් වූහ. ඔහුගේ ළමා කාලය ගෙවුණේ එක් කාමරයක් පමණක් තිබූ කුඩා නිවසක වන අතර, බොහෝ රාත්‍රීන්වල ආහාර පවා නොමැතිව නින්දට ගිය අවස්ථා තිබූ බව ඔහු පසුව මතකයන් අවදි කර ඇත.
ඔහුගේ මව වූ ඛදීජා මිර්දමාදි, ඉතා උගත් සහ භක්තිමත් කාන්තාවකි. ඇය ආගමික පවුලකින් පැවත ආ අතර, කමේනිගේ මූලික අධ්‍යාපනයට සහ ගුණධර්ම හැඩගැස්වීමට ඇයගෙන් විශාල බලපෑමක් ලැබුණි. අලි කමේනි පවුලේ දරුවන් අට දෙනෙකුගෙන් දෙවැන්නා වූ අතර, ඔහුගේ සහෝදරයන් ද ආගමික කටයුතුවල නිරත වූ පුද්ගලයන් වූහ.
කමේනි පවුලේ පරම්පරාව සලකා බැලීමේදී, ඔවුන් මොහොමඩ් නබිතුමාගේ පරම්පරාවෙන් පැවත එන බව විශ්වාස කෙරෙන බැවින් ඔහු 'සෙයියද්' යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබයි. ඔහුගේ මුතුන් මිත්තන් ඉරානයේ අසර්බයිජාන ප්‍රදේශයට අයත් 'කමේනෙහ්' නගරයේ සිට පැමිණි අය වෙති.
1964 වසරේදී ඔහු මොජ්ගාන් බගෙරි (Mansoureh Khojasteh Bagherzadeh) සමඟ විවාහ විය. මෙම යුවළට දරුවන් හය දෙනෙකු සිටින අතර, පුතුන් සිව්දෙනාම පියා මෙන්ම ආගමික අධ්‍යාපනය ලබා පූජකවරුන් ලෙස කටයුතු කරති.
ඔහුගේ දරුවන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ දේශපාලන කරළියෙන් බැහැරව සිටීමට උත්සාහ කළද, ඔහුගේ දෙවන පුත් මුජ්තබා කමේනි ඉරාන දේශපාලනය තුළ යම් බලපෑමක් ඇති අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd