ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුස පත්වීම සිහිකෙරෙන මහ සිකුරාදා අදයි (03) ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළවේ.
අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිපත් කළ මහා සිකුරාදා දිනය අදයි. මහ සිකුරාදා දිනය පිළිබඳව මෙනෙහි කරන විට ඒ සඳහා විවිධ නාමයන් ව්‍යවහාර වේ. ශුද්ධ වූ සිකුරාදා, මහ සිකුරාදා, ස්වාමින් වහන්සේගේ දුක් ප්‍රාප්තිය දැක්වෙන සිකුරාදා යනුවෙන් හැඳින්වේ. අප ස්වාමින් වන ජේසු සමිදාණන්ගේ ඒ උත්තරීතර පූජාවීම හේතු කොටගෙන එය මහා සිකුරාදා නමින් ව්‍යවහාරයට පත් විය.
කතෝලික, ලුතරන්, එංගලන්ත සභාව සහ මෙතෝදිස්ත සභාවන් තුන් පැය භාවනා මෙහෙයන් පවත්වනු ඇත. එමෙන්ම කතෝලික ලුතරන් සහ එංගලන්ත සම්ප්‍රදාය තුළ පාද නමස්කාර මෙහෙයන් මහ සිකුරාදා සවස් යාමයේ පවත්වනු ලබති. සමහර කිතුනු රටවල ප්‍රියසාද නර්තනයන් සහ අශ්ව රේස් පවා තහනම් කර ඇති අතර රජයේ නිවාඩු දිනයකි. එමෙන්ම මහ සිකුරාදා දිනයේ අප ස්වාමින් වන ජේසු සමිදාණන් කුරුසියේ සිට වදාළ වචන හත ගැන මෙනෙහි කරනු ඇත.
ජේසු සමිදාණන් කුරුසිය මත තම ජීවිතය පූජා කළේ බිඳී ගොස් තිබූ දෙව් මිනිස් සබැඳියාව නැවත ගොඩනගන්නටය. මිනිසාගේ පාපයට සමාවක් ලෙස වන්දියක් ලෙසටය. එම නිසා දෙවි සමිදාණන් කුරුසි පූජාව තුළ අපවද කැඳවන්නේ දෙවි සමිඳුන් සමග බද්ධ වී ජීවිතය වෙනස් කරගත් සැබෑ ශුද්ධවන්ත ජීවිතයකටය. සෑම මහ සිකුරාදා දිනයකදීම ස්වාමින් වහන්සේගේ දුක් ප්‍රාප්ත මෙහෙයට සහභාගි වී ශ්‍රී කුරුසිය සිපාචාර කරන අප ඒ කුරුසිය තුළ ප්‍රකාශිත ආදරය හා සමාව දීම අපගේ ජීවිතයෙන් පිළිබිඹු වන්නේදැයි මොහොතක් සිතා බැලිය යුතුය. කුරුසියෙන් ගලා ගිය රුධිරය මගින් පාපයට සමාව ලබාගත් අප සැබෑ ජීවිත වෙනසක් අත්දකින්නේ දැයි මොහොතක් සිතා බැලිය යුතුය.
මරණය යනු අප සියලු දෙනා ප්‍රතික්ෂේප කරන ජීවිත සංසිද්ධියකි. ඒ තුළ ඇත්තේ වේදනාව හා පරාජයය. එනමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මරණය මුළු ලෝකයටම ජයග්‍රහණය ලබාදුන් ගැලවීම ලබාදුන් සිදුවීමක් විය. දරන්නට බැරි වේදනාවක් කුරුසිය මත දරාගත් ජේසු සමිදාණන් මුළු ලෝකයට නැවතත් ඒකාබද්ධ කළේ මහ සිකුරාදා දිනයකය.
සෑම වසරකම උන්වහන්සේගේ ශ්‍රී කුරුසියේ මරණය මගින් අපට ලබාදුන් ගැලවීම අත්දකින ජනතාවක් දැයි මොහොතක් සිතා බැලිය යුතුය. අප ජීවත් වුවද අප බොහෝ ඇබ්බැහිවීම් තුළ පාපයන් තුළ මරණය අත්දකිමින් සිටින්නෙමු. විනාශය අත්දකිමින් සිටින්නෙමු.
මෙවර අප පාස්කුව සමරනු ලබන්නේ දෙවි සමිඳුන් මනහර ලෙස මවා සුන්දරත්වය අත්දුටු විශ්වය තුළ බල අධිකාරිත්වය හා බල තණ්හාව හේතු කොටගෙන කෲරතර යුද්ධයක් නිර්මාණය කර ඇති පසුබිමක් තුළය.
මේ විනාශයෙන් හා අන්ධකාරයෙන් එතෙර වීම අපගේ බලාපොරොත්තු වන අතර මහ සිකුරාදා ජේසු සමිදාණන් කුරුසියේ සිට ප්‍රකාශ කළ “ස්වාමිනී මොවුන් කරන්නේ කුමක්දැයි මොවුන් නොදැන කරන නිසා මොවුන්ට කමාවුව මැනව” යන්න තේරුම් ගනිමින් යුද්ධය නිමා කර ස්ථිරසාර සාමයක් උදෙසා එතෙර විය යුතුය. ඔබ සැමට අසිරිමත් පාස්කු මංගල්‍යයක් වේවා!
(***)
කොට්ටුකච්චිය
උස්බිම් ජනපදයේ
සාගර පෙරේරා පියතුමා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd