lankadeepa.lk

දිළිඳුකමේ නොපෙනෙන අර්බුදය

2021 මාර්තු මස 30 පෙ.ව. 11:26

3     1297

2016 වසරේ දත්ත පදනම් කරගෙන විශේෂඥයන් ඉදිරිපත් කළ අදහසකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40ක පමණ ජනකායක් දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ ජීවිත ගතකරති. මෙය නිල වශයෙන් පිළිගත් දරිද්‍රතා අනුපාතිකය වන සියයට 4 ට වඩා හාත්පසින් වෙනත් තත්ත්වයකි. මේ වන විට කොරෝනා පසුබිම යටතේ ඊටත් වඩා දරුණු මට්ටමට වැටෙමින් රටේ ජනගහනයෙන් සියයට 50කට ආසන්න ප්‍රතිශතයක් දුප්පත්කමෙන් පෙළෙන බව පෙනී යයි.


lankadeepa.lk

අනතුර සහමුලින්ම අවසන්යයි සිතනු එපා

2021 මාර්තු මස 30 පෙ.ව. 11:21

1     765

කොරෝනා වයිරසය ආසාදනය වූවන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග යාපනයේ තිරුනෙල්වෙලි හා පාට්පන්නෙයි ගම්මාන නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි සඳහන් පුවතක් අප පුවත් පත ඊයේ වාර්තා කළේය. එමෙන්ම යාපනයේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් 29 වැනිදා සිට සතියක කාලයක් වසා දැමුණු බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.


lankadeepa.lk

විකල්ප භාෂාවක් යෝජනා නොකළේ ඇයි

2021 මාර්තු මස 29 ප.ව. 05:08

1     2732

නිදහස ලබා වසර 73ක් ගෙවී තිබෙන තැන, ශ්‍රී ලංකාවට එරෙහිව ගෝලීය සන්ධානයක් විසින් ඉදිරිපත් කරන ලද ඉතා බරපතල පන්නයේ යෝජනාවලියක් අවසානයේදී සම්මත විය. මෙම ඛේදජනක තත්ත්වයට පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ය. මෙකී යෝජනාවලිය සම්මත වූයේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේය.


lankadeepa.lk

සමුපකාරයේ පියා සඳලංකාවේ වින්සන්ට් සුබසිංහ

2021 මාර්තු මස 29 ප.ව. 02:59

7     1555

සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ 115 වැනි ජන්ම දිනය අදට (29) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

ජිනීවා සම්මුතියෙන් ඔබ්බට

2021 මාර්තු මස 29 ප.ව. 02:46

5     1318

මිනිස් ජීවිත මිලියන විසි දෙකක් පමණ බිලිගත් පළමුවන ලෝක යුද්ධයෙන් සහ මිනිස් ජීවිත මිලියන අසූවක් පමණ බිලිගත් දෙවන ලෝක යුද්ධයෙන් උගත් පාඩම් මත ලෝකයේ බලවත් ප්‍රජාව එක්ව 1945 සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මුඛ්‍ය අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මිනිස් ප්‍රජාවට ගෞරවනීය ලෙස සහ ආත්මගරුත්වය රැකෙන පරිදි ජීවත් විය හැකි සාමකාමී ලෝකයක් බිහි කිරීමයි.


lankadeepa.lk

පිළිකාකාරක පොල් තෙල් ගෙන්වීමට ඉඩදුන්නේ ඇයි

2021 මාර්තු මස 29 ප.ව. 02:44

4     1245

පිළිකාකාරක පොල්තෙල් රටට ඇතුළු වී තිබෙන බවට පැතිර යන කතාව පහුගිය දිනවල දැඩි ලෙස සමාජගත වී තිබිණි. එය පාර්ලිමේන්තුවේ දී පවා ප්‍රශ්න කිරීම්වලට ලක්විය. එම කතාවට අනුව විස සහිත පොල්තෙල් රටට ඇතුළු වී දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන්නැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී තිබූ බව ද ප්‍රකාශ විය.


lankadeepa.lk

බුර්කාව තහනම් කළොත්...

2021 මාර්තු මස 26 ප.ව. 09:58

15     6225

මුස්ලිම් කාන්තාවන් පළදින නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට පියවර තැබීමක් ගෙවුණු සතියේ සිදුවිය. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින්, තමා මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවකට අත්සන් තබා තිබෙන්නේ යැයි කීවේය.


lankadeepa.lk

සංවර්ධනය: පරිසර ආරවුල

2021 මාර්තු මස 26 පෙ.ව. 11:29

4     2784

මේ දිනවල පරිසරය සහ සංවර්ධනය පිළිබඳව රටෙහි මතු වී ඇති සංවාදය සහ උනන්දුව පුළුල්ය. එහෙත් නො ගැඹුරු ය. ඇතැමෙකුට අනුව පරිසරය වටින්නේය, සංවර්ධනය නොවටින්නේ ය.


lankadeepa.lk

ජිනීවා ඡන්දයේ අමිහිරි යථාර්ථය

2021 මාර්තු මස 26 පෙ.ව. 11:08

8     1997

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පසුගියදා සම්මත විය. බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 06ක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබිණි.


lankadeepa.lk

අමරපුර මහානිකාය තෙදවත් කළ කොටුගොඩ මහ නා හිමි

2021 මාර්තු මස 25 පෙ.ව. 11:59

0     1220

කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහනාහිමියෝ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත හා ධර්ම විනයධර මහ තෙරනමක් ලෙස මුළු මහත් බෞද්ධ සමාජයේම පිළිගැනීමට ලක් වූහ. පැරැණි සම්ප්‍රදාය අනුගමනය කරමින් පෙළ, අටුවා හා ටීකා ඇසුරින් ධර්ම දේශනා කිරීමේ පරිචය ලැබූ උන්වහන්සේ එම ධර්ම දේශනා මගින් සමාජය නිවැරදි මගට යොමුකිරීම සඳහා අතිමහත් කාර්යභාරයක් ඉටුකළහ.


lankadeepa.lk

සහල් හිඟය පුදුමයක්

2021 මාර්තු මස 25 පෙ.ව. 11:56

6     3379

යල හා මහ ලෙස ලංකාවේ වී වගා කරන කන්න දෙකකි. ඒ කන්න දෙකේ සමස්ත වී අස්වැන්නෙන් පහෙන් තුනකට අධික ප්‍රමාණයක් ලැබෙන්නේ මහ කන්නයේදීය. යල් කන්නයේදී ලැබෙන්නේ සමස්ත අස්වැන්නෙන් පහෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකි. දැන් මේ ගතවෙමින් පවතින්නේ මහ කන්නයේ අස්වනු ලැබෙමින් පවතින සමයයි. ඒ සමයේදී වෙළෙඳ පොළේ හාල් හිඟයක් ඇතිවිය නොහැකිය.


lankadeepa.lk

බීමත් රියැදුරන්-කසිප්පු ජාවාරමුන් රටට පිළිලයක්

2021 මාර්තු මස 25 පෙ.ව. 11:54

1     905

බීමත්කමට තමන්ගේ පමණක් නොව දරු පවුල්වල අභිමානය පවා යට කිරීමට සූදානම් පුද්ගලයෝ මේ දහම් දිවයිනේ වෙසෙති. මේ බව ඇස් පනාපිට ඔප්පු වූ අවස්ථා දෙකක් පසුගියදා (23) අපගේ ලංකාදීප පත්‍රයේ පළවූ ප්‍රවෘත්ති දෙකක සඳහන් විය. ඉන් එක් ප්‍රවෘත්තියකට අනුව කසිප්පු පෙරා හසුවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දියණිය සුරාබදු කාර්යාලයේ ද පුතුන් දෙදෙනා ගුවන් සහ නාවික හමුදාවල සේවය කරන බව හෙළි වී තිබිණි.


lankadeepa.lk

දේශපාලනයේ තුන්කල් දක්නා රනිල්

2021 මාර්තු මස 24 ප.ව. 04:24

24     4911

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

ඉන්දියානු ස්ථාවරය දැන ගැනීම

2021 මාර්තු මස 24 ප.ව. 03:39

0     2055

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව බි්‍රතාන්‍යය ප්‍රමුඛ රටවල් හයක් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23 වැනිදා) සම්මත විය. යෝජනාවට පක්ෂව රටවල් 22 ක් ඡන්දය දුන් අතර රටවල් 11 ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.


lankadeepa.lk

ඇත්ත නොදුටු ජිනීවා

2021 මාර්තු මස 24 පෙ.ව. 11:45

4     4177

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයකු වූත් ශ්‍රී ලංකාව සම්බන්ධ අතිවිශේෂ දැනුම් සම්භාරයක් ඇත්තකු වූත් රන්ජිව් ගුණවර්ධන මාර්තු 10 වැනිදා වෙස්මිනිස්ටර් මාළිගයේදී නෙස්බි සාමිවරයා හමුවී සාකච්ඡා කළේය. එම හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාව සැකසීමේදී එම නිලධාරීන් අතින් සිදුවී ඇති වැදගත් දෝෂ කිහිපයක් නෙස්බි සාමිවරයා විස්තර කළේය.


lankadeepa.lk

අනුරපුර පුදබිමේ දුක්ඛිත ඉරණම

2021 මාර්තු මස 24 පෙ.ව. 11:44

5     3023

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිද්ධවන නිසා තවදුරටත් පූජා නගර සංවර්ධන රැස්වීම තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් ප්‍රශ්න කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.


lankadeepa.lk

ලොකුකම් පෙන්වන්න සිංහල වරද්දන අයත් ඉන්නවා

2021 මාර්තු මස 23 ප.ව. 01:43

2     2930

සිංහල ශබ්දකෝෂ දිනය පසුගිය 21 වැනිද‌ාට යෙදුණි. සිංහල ශබ්දකෝෂයේ වර්තමාන ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය සමඟ මේ සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නායක හිමිපාණෝ

2021 මාර්තු මස 23 ප.ව. 01:18

0     1312

ශ්‍රි ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහ නා හිමිපාණෝ අපවත් වී වදාළහ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

සහරාන් කල්ලියට තුර්කියේදී අවි පුහුණුව

2021 මාර්තු මස 23 ප.ව. 01:16

0     1802

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.


lankadeepa.lk

අභි​යෝග බුද්ධියෙන් ජයගැනීම

2021 මාර්තු මස 23 ප.ව. 01:12

1     1209

රටක විදේශ ප්‍රතිපත්තිය හා එය ලෝකයේ සෙසු රටවල් සමඟ කෙසේ පවත්වාගෙන යන්නේ ද යන කාරණය වටා බලය සංසරණය වේ. රටවල් ඉහළම ප්‍රමුඛතාව දී ඇත්තේ, ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා විදේශ සම්බන්ධතා, ආර්ථික හා දේශපාලන පැවතුම්වලට අදාළ ප්‍රතිපත්ති, දේශපාලන පැවැත්ම, ආර්ථික කළමනාකරණය හා ආර්ථිකය පවත්වාගෙන යෑම හා යහපත් මිත්‍රශීලි විදේශ සම්බන්ධතා කෙරෙහිය. ඒ සියල්ල මත රටේ තත්ත්වයත්, ආර්ථිකයෙන් උකහාගත හැකි වාසි සහගත ස්වභාවයත් පිරික්සා බැලිය හැකි වේ.


lankadeepa.lk

පස්සර ඛේදවාචකයේ වරදකරු කළු ගලද?

2021 මාර්තු මස 23 ප.ව. 01:05

9     3077

පස්සර දී අඩි 200ක් පමණ වන ප්‍රපාතයකට බස් රථයක් පෙරැළී එහි ගමන් කළ දාහතර දෙනෙක් අකාලයේ මරු වසඟයට ගියහ. තිස්දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මුළු රටම ඒ මාරක විපතෙන් කම්පාවට පත්වූහ. මහමගදී නිමේෂයක් ඉවසීමට අසමත් අවිනීත රියැදුරන්ගේ නොසැලකිලිමත්කමට ජීවිතවලින් වන්දි ගෙවීමට අහිංසක ජනතාවට සිදුවී තිබේ.


lankadeepa.lk

ජාතිය එකමුතු කිරීමේ ඩී.එස්. ආදර්ශය

2021 මාර්තු මස 22 ප.ව. 07:24

3     600

මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන්ගේ ගුණ සමරු දිනය අදට (22) යෙදී තිබේ. ශ්‍රී ලාංකීය අපි ‘‘ජාතියේ පියා’’ ලෙස හඳුන්වන එතුමන් දැයෙන් සමුගෙන අදට වසර හැට නවයකි.


lankadeepa.lk

රට දැය සමය නැංවූ අභීත නායකයා - ඩී.එස්.

2021 මාර්තු මස 22 ප.ව. 07:04

0     604

ජාතික නිදහස් සටනට පණ පොවමින් ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින් හිරේ විලංගුවේ වැටෙමින්. ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙනගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන් මව්බිම යටත් විජිතවාදින්ගෙන් නිදහස් කොට එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 04 වැනි දින අබිසෙස් ලැබීය.


lankadeepa.lk

පනින රිළවුන්ට ඇමතිගෙන් ඉනිමං

2021 මාර්තු මස 22 ප.ව. 04:37

0     3061

ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති යෝජනාවලිය අරබයා තීන්දුව ලැබෙන්නට ඔන්න මෙන්න තිබෙන අවස්ථාවක, ශ්‍රී ලංකාව සිටින්නේ ලොවක් නැවත නැවතත් මවිත කරවමිනි.


lankadeepa.lk

ලෝකයටම පොදු නම් අපටත් පොදුයි

2021 මාර්තු මස 22 ප.ව. 03:12

0     1675


lankadeepa.lk

හිඟයක් පවතින විට රටින් ගෙන්වීම සුදුසුය

2021 මාර්තු මස 22 ප.ව. 02:29

0     604

වෙළෙඳපොළේ සහල් මිල බ්‍රේක් නැති වාහනයක් බවට පත්වෙමින් තිබේ. සතොස ජාලය තුළ හැර සෙසු අලෙවිසල්, සුපර් මාර්කට්, කඩ, සාප්පු පමණක් නොව ගමේ ගොඩේ වෙළෙඳහල් පවා සහල් අලෙවි කරන්නේ ඉහළ මිලකටය. සතොස රජය අනුමත කර ඇති පාලන මිලකට අනුව සහල් අලෙවි කරයි. සෙසු කඩ, සාප්පුවල මිල ගණන් ඊට වැඩිය. සුපර් මාකට්වල ඊටත් වඩා වැඩියෙන් විකිණෙයි.


lankadeepa.lk

සහරාන් කල්ලියට තුර්කියත් සල්ලි පොම්ප කරලා

2021 මාර්තු මස 19 ප.ව. 03:04

4     4292

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.


lankadeepa.lk

අවුරුදු 40කට පසු ‘හංසවිලක්’ මාව නැවතත් ජීවත් කළා

2021 මාර්තු මස 19 ප.ව. 02:54

0     7518

එදා ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙදා වසර 40කට පසුව තරුණ පරම්පරාවට පූර්වාදර්ශයක්, මඟ පෙන්වීමක් සිදු කරන්නක් වනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත.


lankadeepa.lk

ඡන්ද නීතිය අලුත්වෙයි

2021 මාර්තු මස 19 ප.ව. 02:40

0     1718

යහපාලන ආණ්ඩුවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් අමතක කර දමා තිබූ පළාත් සභා මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට රජය අදහස් කර ගෙන තිබේ.


lankadeepa.lk

පරිසරය කොයිබටද

2021 මාර්තු මස 19 ප.ව. 01:39

0     770

පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය.