IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අවසර දෙන තුරු කඳුකරයේ ඉදිකිරීම් බෑ

කඳුකර ප්‍රදේශවල හෝ නාය යාමට ලක් වූ ප්‍රදේශවල ඔබ නැවත පදිංචියට යාමට හෝ ඉදිකිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණා ගැන සැලකිලිමත් වන්න.

ශ්‍රී ලංකාව තුළ නාය යාමේ අවදානමක් සහිත ප්‍රධාන දිස්ත්‍රික්ක හයකුත් ,කඳු ආශ්‍රිත ඊට යාබද දිස්ත්‍රික්ක අටකුත් නම් කර තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, මාතලේ, නුවර, කෑගල්ල,රත්නපුරය එම ප්‍රධාන දිස්ත්‍රික්ක හය ලෙසත් මොණරාගල, කුරුණෑගල ,ගම්පහ ,කොළඹ කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සෙසු නාය යාමට ලක් විය හැකි ප්‍රදේශ ලෙසත් නම් කර තිබෙනවා. මේ ප්‍රදේශවල ඉදිකිරීම් කරන ඕනෑම කෙනෙක් ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයෙන් අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මතක තබාගත යුතු කරුණක්. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දන්නා පොදු නීතිය අනුව මුලින්ම ඉදිකිරීමක් සිදුකිරීමේදී තමන්ට අදාළ පළාත් පාලන ආයතනයෙන් අදාළ ඔප්පු, ඉඩමේ සැලැස්ම අනුමත කරගැනීම සිදු කිරීමේදී අදාල ඉඩම් කැබැල්ල ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණයට ලක් කළ යුතුද යන්න දැනුම් දෙනු ලබනවා. එහිදී ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය මගින් පැමිණෙන නිලධාරීන් අදාළ ඉඩම ස්ථානීය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ඒ අවස්ථාවේදී පවතින තත්වයවය අනුව කානු පද්ධති සැකසිය යුතු ආකාරය වැසිකිලි වලවල් සැකසිය යුතු ආකාරය ඉඩමේ දිග පළල අනුව නිර්දේශ කරනු ලබනවා. විශේෂයෙන්ම කඳු ආශ්‍රිත ප්‍රදේශවල නම් කන්දේ ඉහළ කොටසේ බෑවුම් පිහිටා තිබෙන ආකාරය සැලකිල්ලට ගෙන එහි උස, දිග, පළල මෙන්ම ගස් වැල් වැවි ඇති ආකාරය අනුව අවශ්‍ය තාප්ප සැකසීමට උපදෙස් ලබාදීමෙන් පසුව අදාල ලියැකීවිලි අනුමත කර ගැනීම නිත්‍යානුකූල ක්‍රමවේදයයි. නමුත් මේ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව බොහෝ දෙනෙක් ඉඩම් සැලසුම් අනුමත කරගත් පසුව තමන්ගේ සිතැගි පරිදි කානු පද්ධති සකස් කිරීම ඉඩම් කැපීම, මලාපවාහන පද්ධති සැකසීම ,අඩු ප්‍රමිතියකින් යුත් බැමි බැඳීම යනාදී ගැටලු නිසාම තද වැසි අවස්ථාවලදී ඉඩකඩම් ගේ දොර, ව්‍යාපාරික ස්ථාන නාය යෑමට ලක්වීම අද සාමාන්‍ය කරුණක් බවට පත්වෙලා.මේ නිසා ඉහත සඳහන් කළ ප්‍රදේශවල ඔබ යම්කිසි නිවසක්,ව්‍යාපාරික ස්ථානයක් හෝ වෙනත් යමක් ඉදි කිරීමට සැලසුම් කරනවා නම් හෝ ඉඩමක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනවානම් නිවැරදි ලෙස ඉදිරියේදීවත් පළාත් පාලන ආයතන හරහා ඔබගේ ලියකියවිලි නීත්‍යානුකූල ලෙස අනුමත කර ගැනීම වැදගත් වනවා. එමෙන්ම ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය මගින් ලබා ගන්නා දත්ත හා තොරතුරු අනුව ඔවුන් නිර්දේශ කරන පරිදි ඉදිකිරීම් සිදු කිරීම මින් ඉදිරියට හෝ දේපල හානි,ජීවිත හානි වළක්වා ගැනීමට ගත හැකි ප්‍රධාන පියවරක් බවද මතක තබා ගතයුතුයි. විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන පරිදි ඉඩම් සැලසුම් අනුමත කර ගැනීම, ඉදිකිරීම් සිද්ධ කිරීම,අදාළ ආයතන මගින් අනුමැතිය නොගෙන අනවසර ඉදිකිරීම් නවතාලීම ඉදිරියේදී මෙවැනි ඛේදවාචක වලට තිත තැබීමට හේතුවක් වන අතර ඒ වෙනුවෙන් නීතිය තර කිරීමද වැදගත් බව ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

යම් හේතුවක් නිසා නීත්‍යානුකූල ඉදිකිරීමකින් පසුව එම ස්ථානය පිළිබඳව ඔබට සැකයක් ඇත්නම් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ආපදා මධ්‍යස්ථානයකින් හෝ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ නිලධාරියකු හරහා එම ස්ථානය පරීක්‍ෂා කර ගැනීමද වැදගත්.

දැනට නාය ගොස් ඇති ස්ථානවල හෝ එවැනි අවදානමක් සහිත ප්‍රදේශවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර කළ යුතු වන අතර පිපුරුමට ලක්වූ නිවාස ,නාය යාමට ලක්වූ ඉඩකඩම් සහිත ප්‍රදේශ,ගල් පෙරළීමට ලක්වූ ප්‍රදේශ තුළ ඇති තමන්ගේ ගේදොර ඉඩකඩම් නැරඹීමට යාම පර්යේෂණ නිලධාරියකු පැමිණ පර්යේෂණයට ලක් කරන තුරු නොකළ යුතු කටයුත්තකි. .හානියට ලක්වූ ස්ථානවල නැවත ඉදිකිරීම් හෝ පිළිසතර කිරීම් සිදුකිරීමටද අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ලබා දෙන ප්‍රමුඛතා ලැයිස්තුව අනුව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබේ. නමුත් අත්‍යවශ්‍ය සේවා කටයුතු වලින් ආරම්භ කර ඇති එම අදාල කටයුතුද අද හෙට අවසන් කිරීම සිදු නොවන නිසා නැවත දැනුම් දෙනතුරු අපරීක්ෂාකාරී ස්ථානවලට නැවත නැවත ලඟා වීමෙන් වළකින ලෙස එම ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටී.ඔවුන්ගේ අවදානම් කලාප වලින් ඉවත් වීමට දැනුම් දීමේ ක්‍රියා පටිපාටියේ ඇති පරිදි පළමුව විමසිලිමත් වන්න, දෙවනුව අවධානයෙන් සිටින්න, තුන්වනුව ඉවත් වන්න යන උපදෙස් පිළිපදිමින් සිටින ලෙසත් ඉවත් වූ පිරිස අදාළ ක්‍රියා පටිපාටිය අනුව නැවතත් අවධානයෙන්ද ඉන් පසුව විමසිලිමත්වද කටයුතු කර කිසිදු අවදානමක් නොමැති බවට තහවුරු වූ පසුව අදාළ ස්ථානවල නැවත පදිංචි වීම මෙවැනි ඛේදවාචකයකට නැවත ගොදුරු නොවීමට හේතු වන බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසා සිටි.

ආචාර්ය වසන්ත සේනාධීර.

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ

ජාතිය ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය.

 

D.N.අභයවර්ධන.



අදහස් (1)

අවසර දෙන තුරු කඳුකරයේ ඉදිකිරීම් බෑ

tissa Friday, 05 December 2025 05:46 PM

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site