පරාජය කළින්ම බාරගැනීම
“එහෙත් විමතියට කරුණ වන්නේ, එවකට සිටි රජයන් (?? - රජය නොව, ආණ්ඩු) පරාජය වන බව දැන දැනත් මෙම ඡන්ද ව්‍යාපාර සඳහා මහජන මුදල් මිලියන ගණන් වැය කිරීමයි. ජිනීවාවල සැසිය පැවැත්වෙන දිනවල විශාල මැති ඇමැතිවරුන් සහ නිලධාරි කණ්ඩායම් දවස් ගණන් ස්විට්සර්ලන්තයේ සිටිමින්, කාලය සහ මහජන මුදල් වැය කළා. මේ සියල්ල ඔවුන් කළේ, ඡන්දය පරාජය වනවා කියන යථාර්ථය දැන දැනම, පොදු මාධ්‍ය සංදර්ශන මගින් රටේ ජනතාව නොමග යැවීමට පමණයි.”