IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුළි කුණාටුවේ බලපෑමෙන් මාසයක් කොටු වී සිටින මීමුරේ ජනතාව

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන කිලෝ මිටර් 34 කින් පමණ සමන්විත මර්ගය ස්ථාන 53 කින් දැඩි ලෙස නායයෑමට ලක් වීම නිසා මීමුරේ ඇතුළු ග්‍රාම නිලධාරි වසම් පහක මාර්ග පද්ධතියට සහ විදුලිය මෙන්ම යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වි තිබේ. මේ හේතුව නිසා මේ වන විට මාසයකට ආසන්න කාලයක් ඔවුහු තම ගම්මානවලටම කොටු වී සිටිති. ශ්‍රී ලංකා යුද හමුදාව මූලික වී මාර්ගය පිළිසකර කිරීම ඇතුළු යටිතල පහසුකම් ලබා දීම සහ සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරින් ඉදිරිපත් වී විදුලිය යථා තත්වයට පත් කිරීම මේ වන විට යුහුසුළුව සිදු වෙමින් පවතී. හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මිටර් 34 න් කිලෝ මිටර් 21 ක් පමණ දක්වා වන අට්ටලමෙට්ටුව යන ස්ථානය දක්වා ප්‍රදේශයේ දැඩි මීදුම් තත්වයත් සහ වැසි සහිත තත්වයක් මේ වන විටත් පවතී. මේ හේතුව නිසා නාය ගොස් ඇති මාර්ග තව දුරටත් අවදානම් තත්වයේ පවතින බවත් වැසි පවතින අවස්ථාවන්වල මෙම මාර්ගය භාවිතා කිරීම අවදානමින් කළ යුතු බවත් ආරක්ෂක අංශ ජනතාවගෙන් දැනුම් දෙයි. මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන තවමත් දැඩි ලෙස මඩ වී ඇති අතර කිසිදු වාහනයට ගමන් කළඵ නොහැකි ස්ථාවද පවතී. මීමුරේ ගම්මානය වටා සිදු වූ හද කම්පා කරවන ආපදාවන් මාධ්‍යයේ මීමුරේ දක්වා දිවෙන මාර්ගයට සමාන්තරව සුන්දරව ගලා බසිනා දියඇළි රැසක්ද දක්නට ලැබෙයි. ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඊ.ඇම්.බස්නායක සහ තනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්යෙන් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ගේ සහභාගිත්යෙන් මෙම ප්‍රදේශයේ පිහිටි කරඹකැටිය, කුඹුක්ගොල්ල, පුස්සේඇල්ල කයිකාවල සහ මිමුරේ යන ග්‍රාම නිලධාරි වසම්වල පදිංචි පවුල් 386 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම පසුගියදා 23 වනදා දිනයේ සිදු විය. මේ සඳහා මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතනවල ප්‍රධානින් එම ආධාර කිලෝ මීටර් 10 කට වැඩි ප්‍රමාණයක දුරක් ඔවුන්ගේ කරින්ම රැගෙන යන අයුරුද දක්නට ලැබිණ. තම ගම තුලින්ම තමන්ගේ ආර්ථිකය ගොඩ නඟා ගෙන සිටි මෙම ජනතාවට මේ ආපදාවෙන් ඒ සියල්ල අහිමි වී තිබේ. කිතුල් කර්මාන්තය, ගොවිතැන, සංචාරක ව්‍යාපාරය මේ සියල්ල දැන් ඔවුන්ට අහිමිය. රැකියාවක් සොයා පිට ගමකට යාමට නොහැකිය. පාරම්පරික ගමක අසිරිය ලොවට හඩ ගා කිව් මීමුරේ ගම්මානය ඇතුළු අවට ගම්මාන යළික් සශ්‍රීක ගම්මාන ලෙස ඒ අභිමානය ලොවට කියන තත්වයට පත් කිරීම සැමගේ වගකීමක් වෙයි. මොහොමඩ් ආසික්



අදහස් (0)

සුළි කුණාටුවේ බලපෑමෙන් මාසයක් කොටු වී සිටින මීමුරේ ජනතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site