
දිනෙන් දින තමන්ට එරෙහිව නැඟි සිටින ඇතැම් සිංහල කණ්ඩායම් ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ සිත සසළ කරවන සිතිවිලි ජාලයක් බවට පත්විය.ඔහුගේ සිත සන්සුන් නැත.එහෙත් කලබල නොවන තරම් ඔහු සිත පාලනය කර ගත්තේය. “මා පාවා දෙන සිංහලයන්ටවත් එංගලන්තයේ සුද්දන් හෝ කලු සුද්දන්වත් මට අදාළ නැ” තමන්ට පහළින් සිටින ඇතමුන් රජකමට එරෙහිව ගෙන යන අරගල දිනෙන් දින උග්‍රවූවා විනා අඩුවු බවක් ඔහුට නොදැණනි.පිළිමතලාවේ අදිකාරම එහිලා පෙරමුණ ගත්තේය. “මම කොහොමත් කන්ද උඩරට රාජ්‍යයයේ මහ රජු විනා අවසන් මහරජු නොවෙයි.මගේ ආශිර්වාදය ලබා මා පාවා දෙන සිංහලයන්ටවත් එංගලන්තයේ සුද්දන් හෝ ඔවුන්ට බැලමෙහෙකම් කරන කලු සුද්දන්වත් මට අදාළ නැතැයි, රජ මාළිගයේ ආලින්දයේ රාජමණ්ඩපයේ සිටි රජතුමා සිහිපත් කළේය. අදටත් ලංකාවේ නොනැසී පවතින එකම රජ මාළිගය යැයි ඉතිහාසඥයන්ගේ ඇගයුමට පත් රජ මාළිගය පසෙක ශ්‍රී දළදා මාලිගාව ඔහුට දිස් වෙයි. එහි ඉදිරිපස තමන් විසින් දේවේන්ද්‍ර ආචාරි අතින් නිම කළ පත්තිරිප්පුවය. පත්තිරිප්පුවේ සැලසුම කෙසෙල් කොටවලින් හදලා පෙන්නුවාට පස්සෙ හිතට දැණුනේ පුදුම සතුටක්.ඒත් පත්තිරිප්පුව මවා දුන් දේවෙන්ද්‍ර ආචාරීන් එහි කණුවල ලී කෙටි කළා යැයි කියන ආරංචිය ගෙනාවෙත් ඔහ සමහර අදිකාරම්ලා තමයි.ඔවුන් ඇත්ත කීවාද? රජෙකු හැටියට මම රැවටුණාද? කොහොමත් රජකම් කරන විට රැවටෙන එකයි රවටන එකයි දෙකම පුරුද්දට වෙන දෙයක්. කොයි රජාත් බලුවුණේ වටේ හිටපු මිනිස්සු නිසා..රාජසිංහ හිත හදාගන්න්ට ඇත. දළදා හාමුදුරුවන්ගේ සරණයි !!! ඔහු මාළිගයේ දකුණු වම් පසට යයි. හෙතෙම නුදුරින් දිසවන විශ්ණු දේවාලය දෙසත් උඩවත්ත කැල්‍ය දෙසත් බලා සිටියි. ආපසු පියවර ගණනාවක් ඉදිරියට තබයි.


රාජසිංහ මාලිගය
රජමාළිගයේ බීරළු කැටයමින් සරසුණු ජනේල පෙළ දරාගත් ජනේල පොලු අතරින් ඔහුට දළදා මාළිගය දිස්වෙයි. “දළදා හාමුදුරුවන්ගේ සරණයි.,ඔහු හිත හදා ගත්තේය. ඔහු නැවත පියවර දෙකක් ඉදිරියට එයි.නාථ දේවාලය දෙස ඉබේම නෙත යොමු වෙයි.සැලෙන හිතට විවේකයක් නැත. සතුරු බිය විසින් ඔහුගේ සිත ඉදිරිපස ආලින්දයේ ආරක්ෂිත හතරැස් කුඩා ජනෙල් දෙස යොමු වෙයි. එක එල්ලේම එක රේඛාවකට පිහිටා ඇති කුඩා ආරක්ෂිත ජනෙල් පෙළ තුළින් ඔහු මද වේලාවක් පත්තිරිප්පුව සහ කිරි මුහුද දෙසට දිවෙන තණනිල්ල දෙස බලා සිටියේය. “ දේවෙන්ද්‍ර ආචාරිගේ හිතෙන් මවපු කිරිමුහුදත් අපුරු නිර්මාණයක්.මට මතකයි ඔය වැව හදනකොට අවට ගම්නියම්ගම්වල මිනිසුන් ඇවිත් එදා රොන්මඩ තිබුණු වෙල් යාය ගොඩකරලා වැවක් කරන්නට ගත් මහන්සිය. “පිළිමතලාවේ පොඩිවුන්ගෙන් අකාරුණික විදිහට වැඩ ගත්තෙ.වැවට ගස් ගල් පස් අදින්න අමාරුයි කියපු පොඩිවුන්ට තරවටු කළා.දඩුවම් කළා.හීන්එවුන්ට එහෙම බර වැඩ දෙන්න හොඳ නැහැ. පිළිමතලාවෙ හීංඑවුන්ට තරවටු කරන්නට දඬුවම් කරන්ට එපා උන් අහිංසකයි. කියලා...මම පොඩිවුන්ට කෙසෙල් කැවුම් කිරිබත් බෙදලා දුන්නා., ශ්‍රී වික්‍රම රජතුමා සිතුවේය. “මම කවදත් දරුවන්ට ආදරෙයි. ඒත්...නැහැ.. ඒ මම තනිවම ගත්ත තීරණයක් නෙවෙයි., ඔහු ඉදිරිපස නාථ දේවාලය භුමිය දෙස නෙත් යොමු කරයි. එයට සමීපව සිය විස්කම් නිර්මාණයක් බඳු පත්තිරිප්පුව, නුවර වැව සහ ජයතිලක මණ්ඩපයත් රජුගේ සිතට ගෙන දෙන්නේ සැහැල්ලුවකි. නුවර වැව හදන එකටත් මහාධිකාරම කැමතිවුණේ නැහැ. රටේ ආර්ථිකයට මුතු සම්බා සපයන කෙත්යායත් ටිගොල් වැව් විනාශ වනවිට එය ලස්සන වැවක් කරමුයි යෝජනා කළේ මගේ අගබිසව වෙන්කත රංගම්මාල් කියන එකටත් මහාධිකාරම විරුද්ධ වුණා. බෝගම්බර වැව අසළම තිබියදීත් තවත් වැව් මොකටද? මහාදිකාරම හැම වෙලාවෙම උත්සාහ කළේ මිනිසුන් වැව් හැදීමෙන් ඉවත් කරන්න. එදා සමහර ගැමියන්ට හරියට ආහාරයක් දීලා තිබුණෙත් නැහැ.ඒවත් කුමන්ත්‍රණ වෙන්න ඇති.සමහර මිනිස්සු තෝර කොළ තම්බලා ගෙනත් කෑවා කියා ආරංචි වුණා. රජතුමා මතකය ආවර්ජනය කරයි. රජතුමා තමන්ට එරෙහි එක් වෙඩිමුරයක් ගැන කල්පනා කළේය. තමන් හමුවීමට පැමිණි දෙස් විදෙස් නියෝජිතයන්ට අවස්ථාව ලැබෙන තුරු ඔවුන් අසුන්ගෙන සිටි ඈතින් දිස්වන මුලෑදෑනි මණ්ඩපය වෙත රජුගේ නෙත ඇදී යන්නේ නිතැතිනි. “ඇහැලේපොල කුමාරිහාමි මගේ නම්බුව නැති කළා” “වැල්බෝධීන් වහන්සේගේ පිහිටෙන් නෙත්බෝධීන් වහන්සේගේ පිහිටෙන් කන්ද උඩරට රාජ්‍යයට හානියක් වෙන එකක් නැහැ., ඔහු හිත හදාගත්තේය. ඔහු තවත් පියවර කිහිපයක් රජවාසල ඇතුළත ඉදිරියට පැමිණියේය.ඉදිරිපස පටු ජනේලයෙන් ඔහුගේ උකුසු නෙත් ඈතට දිවයයි. ඇහැලේපොල අදිකාරම සබරගමුවට යැවුව එක හොඳයි.මෙහෙ වෙන දේ එයා දන්නෙ නැහැනෙ...අනික කොහොමවුනත් ඇහැලේපොළ කුමාරිහාමි එහෙ යවන්න හොඳ නැහැ..රජකම් කළත් ආදරයට තහංචි පනවන්න බැහැනෙ. රජු මාළිගයේ ඉදිරිපස කෙටි ජනේලයෙන් ඇස්දෙක රිදෙන තුරු ඇහැලේපොළ වලව්ව දෙස බලා සිටි අයුරු සිහි කරයි. “ කමක් නැහැ.ඇහැලේපොල කුමාරිහාමි මගේ නම්බුව නැති කළා.ඇගේ මෙහෙකාරිය කුදී මගේ රාජකීය ගෞරවය නැති කළා.ඒවාට කවදා හෝ දඬුවම් කළ යුතුයි., රජු ඉකුත් දිනක සිදුවීම සිහිපත් කළේය. “ මම දවසක් රාත්‍රියේ කුමාරිහාමි බලන්න හිතා ගෙන හොරෙන් එතැනට යනවිට මට අර කොන්ද කුදුවුණු මෙහෙකාරිය කුදී කළුවරේම ඉඳුල් පිරුණු වතුර කොරහක් විසි කළා., රජුට ඒ පුවත නැවත සිහිවන්නට ඇත.හැබැයි එහෙම බලනකොට කුදී කියන්නෙත් ජාතික වීරවරියක්..,රජු හිත හදා ගත්තේය. “ මම වගේ කෙනෙකුට ඒ වගේ දාසියකගෙන් ඉඳුල්වතුර ප්‍රහාරයක්.මත්පැන් විතරක් නෙවෙයි පාලනය කළ නොහැකි තහනම් රාගයත් මේ හැමදේම මගේ විනාශයට හේතුවෙන්න ඇති. සැබවින්ම ඇහැලේපොල කුමාරිහාමි පතිනියක්., කොතරම් අමතක කරන්න ගියත් අමතක කළ නොහැකි දේ අපමණයි.කොහෙ වුනත් එයින් පස්සෙ කිසිම රටවැසියෙක් අඳුරු වැටුණාට පස්සෙ පහනක් රැගෙන යායුතුයි මම නියෝගයක් කළා.,රජු තම ඇහැලේපොළ කුමාරිහාමි දරුවන් ඝාතනයෙන් පසු රට වැසියන් කම්පා වුණා.එදා රාජද්‍රෝහීන්ට නීතිය අනුව දිය යුතු දඬුවම එය නම් ඒ නීතීය ක්‍රියාත්මක විය යුතුයි. නියෝගයට එදා අදිකාරම්වරු කිහිපදෙනෙක් අනුබල නොදුන්නා නොවෙයිනෙ., රජතුමා අසීරුවෙන් හිත හදා ගැනීමට සිතන්නට ඇත. පවුල වනසලා වසරක් යනතුරු සබරගමුවේ හිටපු ඇහැලේපොල අදිකාරම ඒ පුවත දැනගෙන හිටියෙ නැහැ කියලත් කතාවක් ඇහුණා. ජෝන් ඩොයිලිලා මම මත්පැනට යොමු කළා. අපේ සමහර අදිකාරම්ලත් අනුබල දුන්නා. මේ සමුහ ඝාතන වලන් පසු උඩරට ජනතාව සති ගණනාවක් ආහාරපාන පිසුවේ නැහැලු.ලිපිගිනි දැල් වූයේ නැහැලු.අසීමිත බලය පාලකයන්ගේ ඇස් අන්ධ කරනවා.ඒ බලය තාවකාලිකයි.ජනතාව විශ්වාසය බිඳීමේ වාසිය අවස්ථාවාදීන්ටයි. අවසානයේ රට වැසියාත් මා සමඟ විරසක වුණා.

ඇහැලේපොළ අධිකාරම්තුමා සහ ඇහැලේපොළ කුමාරිහාමි
රට පරදේශක්කාරයන්ට පලත් කිරිමට රටේම ජනතාව පේළි හැදුණා. බලයත් සමඟ කාමයත් මුසුවූවිට කවුරුත් අත්නොවිඳිය යුතු නොමනා අත්දැකීම විඳිනවා.,ඔහු සිතනවා ඇත.අනික බලය ඇතිවිට ඇහැ පෙනෙන්නෙත් නැහැ.කන් ඇහෙන්නෙත් නැහ. රජතුමා සිතුවේය. “එක්නැලිගොඩ මට විපතක් කරයි කියලා එදා හිතුවේ නැහැ. සුද්දන් පැමිණෙන විට අප සැඟවී සිටි බෝමුරේ රාළගේ නිවස ගැන කොලුගැටයෙක් ඔත්තුව දුන්නා. පන්සියයකට වැඩි සෙනඟක් ඔහු සමඟ ඉන්න ඇති.එතැන සිංහල හේවායන්ද හිටියා.මේ ඌරා වැල් පටකින් ගැට ගසාපියව් කියන තැනට මගේ වැසියන්ගේ කටින් කියවෙන තරම් පහත් පාලකයෙකු හැටියට මම පත්වුණා. පැමිණි පිරිස ඇයගේ කණෙහි තිබූ කරාබුවත් කඩාගෙන තිබුණා.කන්පෙත්ත ඉරී වැගිරෙන ලේ සමඟ ඇය මර බියෙන් විලාප දුන් හැටි., එදා තමන් දළදා මාලිගය පරිශ්‍රයේ පසෙක තමන්ට සෙවන දුන් රජවාසල මෙදා පුරාවිද්‍යා රජමාළිගා කෞතුකාගාරය නමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 11 දින ජනතා අයිතියට පත් කළේය. දිනෙන් දින තමන්ට එරෙහිව නැඟි සිටින ඇතැම් සිංහල කණ්ඩායම් ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ සිත සසළ කරවන සිතිවිලි ජාලයක් බවට පත්විය.ඔහුගේ සිත සන්සුන් නැත.එහෙත් කලබල නොවන තරම් ඔහු සිත පාලනය කර ගත්තේය. “මා පාවා දෙන සිංහලයන්ටවත් එංගලන්තයේ සුද්දන් හෝ කලු සුද්දන්වත් මට අදාළ නැ” තමන්ට පහළින් සිටින ඇතමුන් රජකමට එරෙහිව ගෙන යන අරගල දිනෙන් දින උග්‍රවූවා විනා අඩුවු බවක් ඔහුට නොදැණනි.පිළිමතලාවේ අදිකාරම එහිලා පෙරමුණ ගත්තේය. “මම කොහොමත් කන්ද උඩරට රාජ්‍යයයේ මහ රජු විනා අවසන් මහරජු නොවෙයි.මගේ ආශිර්වාදය ලබා මා පාවා දෙන සිංහලයන්ටවත් එංගලන්තයේ සුද්දන් හෝ ඔවුන්ට බැලමෙහෙකම් කරන කලු සුද්දන්වත් මට අදාළ නැතැයි, රජ මාළිගයේ ආලින්දයේ රාජමණ්ඩපයේ සිටි රජතුමා සිහිපත් කළේය. අදටත් ලංකාවේ නොනැසී පවතින එකම රජ මාළිගය යැයි ඉතිහාසඥයන්ගේ ඇගයුමට පත් රජ මාළිගය පසෙක ශ්‍රී දළදා මාලිගාව ඔහුට දිස් වෙයි. එහි ඉදිරිපස තමන් විසින් දේවේන්ද්‍ර ආචාරි අතින් නිම කළ පත්තිරිප්පුවය. පත්තිරිප්පුවේ සැලසුම කෙසෙල් කොටවලින් හදලා පෙන්නුවාට පස්සෙ හිතට දැණුනේ පුදුම සතුටක්.ඒත් පත්තිරිප්පුව මවා දුන් දේවෙන්ද්‍ර ආචාරීන් එහි කණුවල ලී කෙටි කළා යැයි කියන ආරංචිය ගෙනාවෙත් ඔහ සමහර අදිකාරම්ලා තමයි.ඔවුන් ඇත්ත කීවාද? රජෙකු හැටියට මම රැවටුණාද? කොහොමත් රජකම් කරන විට රැවටෙන එකයි රවටන එකයි දෙකම පුරුද්දට වෙන දෙයක්. කොයි රජාත් බලුවුණේ වටේ හිටපු මිනිස්සු නිසා..රාජසිංහ හිත හදාගන්න්ට ඇත. දළදා හාමුදුරුවන්ගේ සරණයි !!! ඔහු මාළිගයේ දකුණු වම් පසට යයි. හෙතෙම නුදුරින් දිසවන විශ්ණු දේවාලය දෙසත් උඩවත්ත කැල්‍ය දෙසත් බලා සිටියි. ආපසු පියවර ගණනාවක් ඉදිරියට තබයි. රජමාළිගයේ බීරළු කැටයමින් සරසුණු ජනේල පෙළ දරාගත් ජනේල පොලු අතරින් ඔහුට දළදා මාළිගය දිස්වෙයි. “දළදා හාමුදුරුවන්ගේ සරණයි.,ඔහු හිත හදා ගත්තේය. ඔහු නැවත පියවර දෙකක් ඉදිරියට එයි.නාථ දේවාලය දෙස ඉබේම නෙත යොමු වෙයි.සැලෙන හිතට විවේකයක් නැත. සතුරු බිය විසින් ඔහුගේ සිත ඉදිරිපස ආලින්දයේ ආරක්ෂිත හතරැස් කුඩා ජනෙල් දෙස යොමු වෙයි. එක එල්ලේම එක රේඛාවකට පිහිටා ඇති කුඩා ආරක්ෂිත ජනෙල් පෙළ තුළින් ඔහු මද වේලාවක් පත්තිරිප්පුව සහ කිරි මුහුද දෙසට දිවෙන තණනිල්ල දෙස බලා සිටියේය. “ දේවෙන්ද්‍ර ආචාරිගේ හිතෙන් මවපු කිරිමුහුදත් අපුරු නිර්මාණයක්.මට මතකයි ඔය වැව හදනකොට අවට ගම්නියම්ගම්වල මිනිසුන් ඇවිත් එදා රොන්මඩ තිබුණු වෙල් යාය ගොඩකරලා වැවක් කරන්නට ගත් මහන්සිය. “පිළිමතලාවේ පොඩිවුන්ගෙන් අකාරුණික විදිහට වැඩ ගත්තෙ.වැවට ගස් ගල් පස් අදින්න අමාරුයි කියපු පොඩිවුන්ට තරවටු කළා.දඩුවම් කළා.හීන්එවුන්ට එහෙම බර වැඩ දෙන්න හොඳ නැහැ. පිළිමතලාවෙ හීංඑවුන්ට තරවටු කරන්නට දඬුවම් කරන්ට එපා උන් අහිංසකයි. කියලා...මම පොඩිවුන්ට කෙසෙල් කැවුම් කිරිබත් බෙදලා දුන්නා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ අගබිසව රෙග්ගනරංගම්මා
ශ්‍රී වික්‍රම රජතුමා සිතුවේය. “මම කවදත් දරුවන්ට ආදරෙයි. ඒත්...නැහැ.. ඒ මම තනිවම ගත්ත තීරණයක් නෙවෙයි., ඔහු ඉදිරිපස නාථ දේවාලය භුමිය දෙස නෙත් යොමු කරයි. එයට සමීපව සිය විස්කම් නිර්මාණයක් බඳු පත්තිරිප්පුව, නුවර වැව සහ ජයතිලක මණ්ඩපයත් රජුගේ සිතට ගෙන දෙන්නේ සැහැල්ලුවකි. නුවර වැව හදන එකටත් මහාධිකාරම කැමතිවුණේ නැහැ. රටේ ආර්ථිකයට මුතු සම්බා සපයන කෙත්යායත් ටිගොල් වැව් විනාශ වනවිට එය ලස්සන වැවක් කරමුයි යෝජනා කළේ මගේ අගබිසව වෙන්කත රංගම්මාල් කියන එකටත් මහාධිකාරම විරුද්ධ වුණා. බෝගම්බර වැව අසළම තිබියදීත් තවත් වැව් මොකටද? මහාදිකාරම හැම වෙලාවෙම උත්සාහ කළේ මිනිසුන් වැව් හැදීමෙන් ඉවත් කරන්න. එදා සමහර ගැමියන්ට හරියට ආහාරයක් දීලා තිබුණෙත් නැහැ.ඒවත් කුමන්ත්‍රණ වෙන්න ඇති.සමහර මිනිස්සු තෝර කොළ තම්බලා ගෙනත් කෑවා කියා ආරංචි වුණා. රජතුමා මතකය ආවර්ජනය කරයි. රජතුමා තමන්ට එරෙහි එක් වෙඩිමුරයක් ගැන කල්පනා කළේය. තමන් හමුවීමට පැමිණි දෙස් විදෙස් නියෝජිතයන්ට අවස්ථාව ලැබෙන තුරු ඔවුන් අසුන්ගෙන සිටි ඈතින් දිස්වන මුලෑදෑනි මණ්ඩපය වෙත රජුගේ නෙත ඇදී යන්නේ නිතැතිනි. “ඇහැලේපොල කුමාරිහාමි මගේ නම්බුව නැති කළා” “වැල්බෝධීන් වහන්සේගේ පිහිටෙන් නෙත්බෝධීන් වහන්සේගේ පිහිටෙන් කන්ද උඩරට රාජ්‍යයට හානියක් වෙන එකක් නැහැ., ඔහු හිත හදාගත්තේය. ඔහු තවත් පියවර කිහිපයක් රජවාසල ඇතුළත ඉදිරියට පැමිණියේය.ඉදිරිපස පටු ජනේලයෙන් ඔහුගේ උකුසු නෙත් ඈතට දිවයයි. ඇහැලේපොල අදිකාරම සබරගමුවට යැවුව එක හොඳයි.මෙහෙ වෙන දේ එයා දන්නෙ නැහැනෙ...අනික කොහොමවුනත් ඇහැලේපොළ කුමාරිහාමි එහෙ යවන්න හොඳ නැහැ..රජකම් කළත් ආදරයට තහංචි පනවන්න බැහැනෙ. රජු මාළිගයේ ඉදිරිපස කෙටි ජනේලයෙන් ඇස්දෙක රිදෙන තුරු ඇහැලේපොළ වලව්ව දෙස බලා සිටි අයුරු සිහි කරයි. “ කමක් නැහැ.ඇහැලේපොල කුමාරිහාමි මගේ නම්බුව නැති කළා.ඇගේ මෙහෙකාරිය කුදී මගේ රාජකීය ගෞරවය නැති කළා.ඒවාට කවදා හෝ දඬුවම් කළ යුතුයි., රජු ඉකුත් දිනක සිදුවීම සිහිපත් කළේය. “ මම දවසක් රාත්‍රියේ කුමාරිහාමි බලන්න හිතා ගෙන හොරෙන් එතැනට යනවිට මට අර කොන්ද කුදුවුණු මෙහෙකාරිය කුදී කළුවරේම ඉඳුල් පිරුණු වතුර කොරහක් විසි කළා., රජුට ඒ පුවත නැවත සිහිවන්නට ඇත.හැබැයි එහෙම බලනකොට කුදී කියන්නෙත් ජාතික වීරවරියක්..,රජු හිත හදා ගත්තේය. “ මම වගේ කෙනෙකුට ඒ වගේ දාසියකගෙන් ඉඳුල්වතුර ප්‍රහාරයක්.මත්පැන් විතරක් නෙවෙයි පාලනය කළ නොහැකි තහනම් රාගයත් මේ හැමදේම මගේ විනාශයට හේතුවෙන්න ඇති. සැබවින්ම ඇහැලේපොල කුමාරිහාමි පතිනියක්., කොතරම් අමතක කරන්න ගියත් අමතක කළ නොහැකි දේ අපමණයි.කොහෙ වුනත් එයින් පස්සෙ කිසිම රටවැසියෙක් අඳුරු වැටුණාට පස්සෙ පහනක් රැගෙන යායුතුයි මම නියෝගයක් කළා.,රජු තම ඇහැලේපොළ කුමාරිහාමි දරුවන් ඝාතනයෙන් පසු රට වැසියන් කම්පා වුණා.එදා රාජද්‍රෝහීන්ට නීතිය අනුව දිය යුතු දඬුවම එය නම් ඒ නීතීය ක්‍රියාත්මක විය යුතුයි. නියෝගයට එදා අදිකාරම්වරු කිහිපදෙනෙක් අනුබල නොදුන්නා නොවෙයිනෙ., රජතුමා අසීරුවෙන් හිත හදා ගැනීමට සිතන්නට ඇත. පවුල වනසලා වසරක් යනතුරු සබරගමුවේ හිටපු ඇහැලේපොල අදිකාරම ඒ පුවත දැනගෙන හිටියෙ නැහැ කියලත් කතාවක් ඇහුණා. ජෝන් ඩොයිලිලා මම මත්පැනට යොමු කළා. අපේ සමහර අදිකාරම්ලත් අනුබල දුන්නා. මේ සමුහ ඝාතන වලන් පසු උඩරට ජනතාව සති ගණනාවක් ආහාරපාන පිසුවේ නැහැලු.ලිපිගිනි දැල් වූයේ නැහැලු.අසීමිත බලය පාලකයන්ගේ ඇස් අන්ධ කරනවා.ඒ බලය තාවකාලිකයි.ජනතාව විශ්වාසය බිඳීමේ වාසිය අවස්ථාවාදීන්ටයි. අවසානයේ රට වැසියාත් මා සමඟ විරසක වුණා.රට පරදේශක්කාරයන්ට පලත් කිරිමට රටේම ජනතාව පේළි හැදුණා. බලයත් සමඟ කාමයත් මුසුවූවිට කවුරුත් අත්නොවිඳිය යුතු නොමනා අත්දැකීම විඳිනවා.,ඔහු සිතනවා ඇත.අනික බලය ඇතිවිට ඇහැ පෙනෙන්නෙත් නැහැ.කන් ඇහෙන්නෙත් නැහ. රජතුමා සිතුවේය. “එක්නැලිගොඩ මට විපතක් කරයි කියලා එදා හිතුවේ නැහැ. සුද්දන් පැමිණෙන විට අප සැඟවී සිටි බෝමුරේ රාළගේ නිවස ගැන කොලුගැටයෙක් ඔත්තුව දුන්නා. පන්සියයකට වැඩි සෙනඟක් ඔහු සමඟ ඉන්න ඇති.එතැන සිංහල හේවායන්ද හිටියා.මේ ඌරා වැල් පටකින් ගැට ගසාපියව් කියන තැනට මගේ වැසියන්ගේ කටින් කියවෙන තරම් පහත් පාලකයෙකු හැටියට මම පත්වුණා. පැමිණි පිරිස ඇයගේ කණෙහි තිබූ කරාබුවත් කඩාගෙන තිබුණා.කන්පෙත්ත ඉරී වැගිරෙන ලේ සමඟ ඇය මර බියෙන් විලාප දුන් හැටි., එදා තමන් දළදා මාලිගය පරිශ්‍රයේ පසෙක තමන්ට සෙවන දුන් රජවාසල මෙදා පුරාවිද්‍යා රජමාළිගා කෞතුකාගාරය නමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 11 දින ජනතා අයිතියට පත් කළේය. චාරිකා සටහන සහ ඡායාරූප- ලාල් ජයසුන්දර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd