පවතින යුදමය වාතාවරණයත් සමග එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ භාණ්ඩ මිල ගණන් පිළිබඳව අදහස් දැක්වීම ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්.
භාණ්ඩ හිඟයක් දැනට නැහැ
එළැඹෙන උත්සව කාලය තුළ භාණ්ඩ මිලදී ගැනිම ඉහළ යනවා. ඒත් එක්කම ව්‍යාපාරික මහතුන් අතින් වංචා සහගත දේවල් සිද්ධ වෙන්න බැහැ.ඒ සඳහා අපි සෘජුවම මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වෙනකොටත් දිස්ත්‍රික්කවලට දැනුම් දීල තියෙන්නෙ. වැටලීම් වැඩි කරනවා. වංචා සහගත ලෙස බඩු හංගගෙන ව්‍යාපාර කටයුතු සිද්ධ කරගෙන යනවා නම් හෝ භාණ්ඩ වැඩි මිලට විකුණනවා නම් අපි ඒ වෙනුවෙන් අපි සෘජුවම මැදිහත් වෙලා නීතිමය පියවර ගන්නවා.මේ ජාත්‍යන්තර යුධමය තත්ත්වයක් තිබෙන අවස්ථාවක, එය සෘජුවම අපට දැනිලා තියෙන වෙලාවක, ශ්‍රී ලාංකීය වෙළඳ මහතුන් එහෙම නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම කරන කොටසක් හිටියොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වාම අපි ඒගොල්ලන්ව රැගෙන යනවා. අපිට පනතේ තියෙන බලතල අනුව අපි උපරිමය දක්වාම රැගෙන යනවා.
දැනට අපි ව්‍යාපාරික සංගම් එක්ක කතා කරමින් නිතර නිතර සාකච්ඡා කරමින් තොරතුරු ලබාගෙන විශේෂයෙන්ම අපිට අල, ලුණු, පිටි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආනායනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනව. ඒවයෙ මිල ඉහළ යෑමක් වේවිද කියන එක සම්බන්ධව දැනට අපි දිගින් දිගටම, නිතරම, දිනපතා වගේ සාකච්ඡා කරනවා. අද වෙනකොට කොහොමද, අද නැව් ගාස්තු කොහොමද?, රක්ෂණ ගාස්තු කොහොමද, ඔය සම්බන්ධව අපි බොහොම කිට්ටුවෙන් සමීපයෙන් වැඩ කරගෙන යනවා. නමුත් මේ වෙනකන් එහෙම ලොකු භාණඩ හිඟියක් හෝ භාණ්ඩ වල මිල ඉහළ යාමක් අපිට දැනගන්නට ලැබිලා නැහැ. මේ වෙනකොට භාණ්ඩ හිඟයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා.අවුරුදු කාලෙට අවශ්‍යතා ආනයනික භාණ්ඩ විශේෂයෙන් අපි ඇනයුම් කරලා තියෙනවා
අලුත් අවුරුද්දෙ බඩු මිලේ යම් සංශෝධනයක් වෙන්න පුළුවන්
සිංහල අලුත් අවුරුද්ද එනකොට සාමාන්‍ය වශයෙන් පහුගිය අවුරුදු කිහිපයේම යම්කිසි මිල ඉහළ යෑමක් සිද්ධ වුණා. අවුරුද්ද වගේම විශේෂයෙන් දෙසැම්බර් මාසේ නත්තල් සමය .. වගේ උත්සව කාල එනකොට පුරුද්දක් හැටියටම යම් බඩු මිලේ ඉහළ යෑමක් එනවා. නමුත් මේවර එහි පොඩි විශේෂත්වයක් තියෙනවා.හේතුව තමයි මේ ජාත්‍යන්තර යුද්ධමය වාතාවරණය. නමුත් අපි අපේක්ෂා කරනවා වෙළඳ මහතුන් මේක උපයෝගී කරගෙන අනවශ්‍ය ලාභ උපයාගන්න උත්සාහ නොකර සාධාරණයක් කරයි කියල.නමුත් කලින් වතාවල් වලට වඩා වැඩිය යම් මිල සංශෝධනයක් වෙයි කියල හිතන්න පුළුවන්. අනාගතයේ එහෙම වෙයි කියලා අපිට හිතෙනවා. රටේ එළවලු අස්වැන්න එහෙම අඩුපාඩුවක් නැහැ. නමුත් දැන් රටේ පවතින ඉන්ධන මිල ඉහළ යෑමත් එක්ක ප්‍රවාහන මිල ගණන් යම්කිසි ඉහල යෑමක් සිද්ධ වෙයි. ඒක අපිට වළක්කාගන්න බැහැ. ඒක ඇත්තටම මේ ජාත්‍යන්තර යුද්ධමය වාතාවරණයත් එක්ක පැන නැගිච්ච ගැටලුවක්.
අපිට ඉතින් අනාගතය කොහොම වෙයිද කියලා කියන්න බැහැ. නමුත් මේ වෙනකොට භාණ්ඩ හිඟයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා.අවුරුදු කාලෙට අවශ්‍යතා ආනයනික භාණ්ඩ විශේෂයෙන් අපි ඇනයුම් කරලා තියෙනවා. ඒ භාණ්ඩ ලැබෙමින් පවතිනවා. පවතින යුදමය වාතාවරණයත් එක්ක ඉදිරියේදී ඒ එන භාණ්ඩවල මිල සම්බන්ධව අපිට නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු අනුව තීරණය වන මිල පුරෝකතනය කරන්න බැහැ.දිගින් දිගටම යුදමය වාතාවරණය තිබුණොත් ඉහළ යන මිල වළක්වා ගන්න අපිට බැහැ.
මුල් වතාවට ඊ බිස්නස් ලියාපදිංචිය ආරම්භ කරනවා
ඊ බිසනස් ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. අපිට මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ හැකියාව පනතෙන්ම පවරලා තියෙනවා. මේ පනත අනුව බලතළ තියෙනවා ඒ කටයුත්තට.ඒක මෙතෙක් කාලයක් සිදුවෙලා නැහැ. ඒක ටිකක් දුෂ්කර කාර්යක් නිසා ඒකට අත ගහලා තිබුණෙ නැහැ. පහුගිය කාලය පුරාම සහ ඒකට වැඩ පිළිවෙලක් තිබිලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු උණු විදිහට ආරම්භක පියවරක් හැටියට මේ ඊ බිස්නස් ටික ලියාපදිංචි කරගන්න පුළුවන්ද කියන කටයුත්තට මුල පුරනවා. . මේ එහි මූලික අඩිතාලමක්. එතනින් එන ප්‍රායෝගික ගැටලු මොනවාද යන්න සොයා බලලා ඒවත් එක්කලා අපි ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකත් අපි මේ ඒ සතිය තුළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා..
පාරිභෝගික දිනය වෙනුවෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ සතියක වැඩසටහන්
පාරිභෝගික දිනයක් නැතිව පාරිභෝගික සතියක් ලෙසින් මේ සතිය තුළ මාධ්‍ය ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා. පාරිභෝගිකයන්ගේ යුතුකම මොකක්ද? ව්‍යාපාරිකයාගේ යුතුකම මොකක්ද? මොන විදිහටද දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ කාර්ය භාරය මොකක්ද කියන එක පාරිභෝගිකයා වෙනුවෙන් කරන්න පුළුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ සතිය තුළ විශේෂයෙන් සිදු කරනවා.
හේමන්ත සමරකෝන්
සභාපති
ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය
D.N.අභයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd