හොර පාරේ ගිහින් යාළුවාට හරි ගිහින් කොළොම්පුර පැත්තේ සරසවියකි. එකම වසරේ දුක සැප එකට බෙදා හදාගත් හොඳම මිතුරන් දෙදෙනෙකි. 10 August 2017
බඳීන කතාවකට ඇවිත් මාලය කඩාගෙන ගිහින් විවාහ අපේක්ෂාවෙන් මංගල සේවාවක ලියාපදිංචි වී සිටි 47 හැවිරිදි කාන්තවකගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී ඇය උතුරු කළුතරට ගෙන්වාගෙන ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන ගිය බව කියන පුද්ගලයකු පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලි ලැබී ඇත. 09 August 2017
ඔට්ටු අල්ලන්න ගිහින් නියම මට්ටුවක් වෙලා හොර රහසින් රේස් ඔට්ටු ඇල්ලීමට පුරුදුවී සිටි ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයෙකුට ඔට්ටු ඇල්ලීමට දුන් මුදලත් අහිමිවීමෙන් පොලිසි යාමට සිදුවීමේ පුවතක් ඇල්පිටියට ආසන්න නගරයකින් වාර්තා විය. 08 August 2017
බස්රියේ කොන්දොස්තර විරිදුකාරයාටත් සෙකන්ඩ්වෙලා නගරයේ සිට ගමට කෙටි ධාවනයේ යෙදෙන බස් රථයකි. නගරයේදී බසයට නැග ගත් විරිදු රබන්කරුවකු “සම්මා සම්බුදු සරණයි මෙතන ඉන්න හැම දෙනාට - බඩගින්දර නිමා ගන්න මමත් නැග්ගෙ බස් රතේට” කියමින් රබාන හඬවා ඉදිරියට යද්දී දුටුවේ කොන්දොස්තර හා මගියකු අතර වූ අරගලයකි. 07 August 2017
සුරතලා මාරුවෙලා අම්බානක පරිප්පුවක් කාලා ගෙදර සුරතල් බලූ පැටවා යැයි රැුවටී පාරේ අයාලේ යන බල්ලකු ගෙදර ගෙන ගොස් බිරියගෙන් හොඳ හැටි බැණුම් ඇසූ පුද්ගලයකු පිළිබඳ පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වේ. 04 August 2017
යතුරුපැදිය ගන්න ඇවිත් අමුතුම තාලේ ගේමක් දීලා හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ තරුණයෙකුට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා නවීන පන්නයේ සුපිරි යතුරුපැදියක් විකිණීම සඳහා අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමකට අනුව එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු යතුරුපැදියෙහි තත්ත්වය පරීක්ෂා කිරීමට යැයි පවසා යතුරුපැදිය ද සමඟින් පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 03 August 2017
සබන් කෑල්ල නෝට්ටුවකින් ඔතලා දකුණු පළාතේ පොලිස් ස්ථානයකට අනුබද්ධව පසුගිය දා ග්‍රාමීය ප්‍රදේශයක ප්‍රජා පොලිස් මධ්‍යස්ථානයක් විවෘත කැරිණි. 02 August 2017
ලතාවට ආ කතාවක් දුර දිග ගිහින් අම්පාර ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අවිවාහකයෙක් 2009 වසරේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැඩට පැමිණියේය. ඔහු පින්නදුව වැඩබිමේ සේවය කරමින් සිටියදී දිනක් රාත්‍රි ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ආවේය. එහා කෙළවරින් කාන්තාවක් ලතාවකට කතා කළාය. 01 August 2017
බෙහෙත් ගෙනත් දුන්නාට සිවිල් ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය. 31 July 2017
එකට දෙකක් දීලා කතක් පොලිසියේ දී වැඩ වරද්දාගෙන නිවසේ අප ජලය ප්‍රධාන මාර්ගයට බැහැර කළ කාන්තාවකගේ හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ ගෙහිමි කාන්තාව එය ප්‍රතික්ෂේප කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය කැඳවා එම කාන්තාවගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේදී ‘‘හැඳුනුම්පත් එකක් නොවෙයි දෙකක්ම මට තිබෙනවා’’ යැයි මහත් උජාරුවෙන් විමසා හැඳුනුම්පත් දෙකක්ම ඉදිරිපත් කළ කාන්තාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ පාරිසරික අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා ප 28 July 2017
ඩෙංගු කීටයන් පෙන්වන්න ගිහින් ලෝක ලෙඩක් දාගෙන මේ දිනවල දිවයිනේ සෑම තැනකම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ. 27 July 2017
ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක් ඔහු ආයතනයක සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. එහි රියැදුරා ඔහු සමඟ කුළුපගය. සවස පහට කාර්ය මණ්ඩලය පිට වූ පසු ආරක්ෂක නිලධාරියාට රාජකාරිය පහසු විය. 26 July 2017
අනුන්ට උදව් කරන්න ගිහින් මිනියක් බාරගන්න වෙලා විවාහක බිරිය සැමියාගේ මළ සිරුර බාර ගැනීමට අකමැති වූ නිසා අසනීප තත්ත්වයෙන් සිටියදී ඔහු රෝහලට බාර දුන් පුද්ගලයාටම මළ සිරුර බාර ගැනීමට සිදු වූ පුවතක් වරකාපොළ පොලිසියෙන් වාර්තා වෙයි. 25 July 2017
පෙරළුණු රියේ තුවාලකරුවන් ගොඩ ගනිද්දී කුඹුරුහිමියා අලාබය ගණන් බලලා මීගමුව බලා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රියක් කුඹුරකට පෙරළී තුවාලකරුවන් ගොඩ ගනිමින් සිටින අවස්ථාවේ එහි ආ කුඹුරු හිමියා තුවාලකරුවන් ගැන නොතකා තම කුඹුරට සිදුව ඇති හානිය තක්සේරු කරන්නට වූ පුවතක් පසුගියදා වාර්තා විය. 24 July 2017
රූපවාහිනිය දුම්රියෙන් ගෙනයන්න 50ක අල්ලසක් දීලා ප්‍රධාන දුම්රිය ස්ථානයකට රාත්‍රී පැමිණි මගියකු අත එල්.ඊ.ඩී.වර්ගයේ රූපවාහිනියක් විය. තමන්ගේ ගමනාන්තයට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත් ඔහු ඇතුළුවන දොරටුව වෙත පැමිණියේය. 21 July 2017
දවස පටලැවී පොලිස් කූඩුවෙත් ලගින්න වෙලා සඳුදා යැයි සිතා සිකුරාදා සතිපොළට ගොස් පොලිසියට කොටුවූ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 20 July 2017
බොරු මැණිකකට ලොල්වී මාසේ පඩියම දන්දීලා සංචාරක හෝටලයක සේවය කරන කාන්තාවක් වැටුප් ලෙස ලබාගත් රුපියල් විසිපන් දහසද රැුගෙන බස් නැවතුමට ආවේ නිවෙස බලා යාමටය. 19 July 2017
මගදී හමුවුණු නෑයා මුද්දත් අරන් මාරුවෙලා ඔහු වයස අවුරුදු හැට පහක් හැත්තෑවක් පමණ යයි කිවහැකි ජර්මන් ජාතිකයෙකි. ඔහුගේ බිරිය අවුරුදු පනහක් පමණයැයි කිවහැකි සිංහල කාන්තාවකි. කාන්තාවගේ ගම ඇල්පිටිය ප්‍රදේශයේ වන අතර ඔවුන් ජර්මනියේ සිට නිවාඩුවකට පැමිණ මේ දිනවල නතරවී සිටින්නේ කොස්ගොඩ ප්‍රදේශයේ නවාතැනකය. 18 July 2017
බුදුන් වැඳ පන්සලේ සිටි කුකුළු නාම්බෙක් ඉල්ලලා අලුත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයකි. එම විහාරස්ථානයට විවිධ සතුන් ගෙනැවිත් දමන පිරිස් හේතුවෙන් මේ වනවිට කුකුළන්, බල්ලන් හා බළලුන් රැසකට විහාර භූමිය නවාතැන්පොළ බවට පත්වී තිබේ. 17 July 2017
පෙම්වතියගේ අයියාට පාට් දමන්න ගිහින් අනූනවයෙන් බේරිලා තම සිත් ගත් තරුණිය ඉදිරියේ වීරයකු වීමට උත්සහා කර ඇයගේ සොහොයුරාගෙන් හොඳ හැටි ගුටි කෑමට ගොස් නුලෙන් බේරුණු සිද්ධියක් කුරූණෑගල ප්‍රදේශයෙන් වාර්තා වේ. 14 July 2017
පොල් කඩන ගමන් ගංජාත් විකුණලා පොල් කඩන ගමන් ගංජා විකිණීමත් සිදුකළ පුද්ගලකු ගංජා මිලි ග්‍රෑම් 48,000ක් සමග විතාරන්දෙණිය, මල්බෙරිගමදී අත්අඩංගුවට ගත් බව මාතර - හම්බන්තොට දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 10 July 2017
මළගෙදර ළඟදී චූන්පාන් සංගීතය නතර කළාට පහරදීලා ජංගම වෙළඳාමේ ගිය චූන් පාන් රථ හිමිකරුවකු මළ ගෙදරක් ඉදිරිපිට දී රථයේ සංගීත නාද රටාව නතර කිරීමේ වරදට උරණ වූ මළ ගෙදර සිටි ඥාති පිරිසක් චූන් පාන් අලෙවිකරුට පහර දීමට තැත් කර බැන වැදීමේ පුවතක් ප්‍රදේශය අවට ගම්මානයකින් අසන්නට ලැබේ. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. 06 July 2017
රු. 18ට ලක්ෂ 18ක් ඉල්ලා බැංකුව ඉදිරිපිට වලිඇදලා තමාගේ ගිණුමේ රුපියල් ලක්ෂ දහ අටක් ඇතැයි ද ඉන් තමාට මුදල් ගැනීමට අවශ්‍ය බවද පවසමින් පුද්ගලයකු පෙරේදා (3) සවස තලාතුඔය ලංකා බැංකු පරිශ්‍රය තුළ යකා නටා තිබේ. 05 July 2017
දුවගේ දාහතේ පෙම්තිවතා එක්ක තිස් පහේ අම්මා පැන ගිහින් තම දියණියගේ පෙමට හරස් වූ තරුණ මවක් දියණියගේ පෙම්වතා සමඟ පැන යෑමේ පුවතක් වලවේ ගඟ අසබඩ නගරාසන්නයෙන් වාර්තා වේ. 04 July 2017
පොල්කඩන කෙක්කක් ඇන්ටනාවේ බැඳ ජංජාලයක් ඇන්ටනා බඳින්නට පොල් කඩන කෙක්ක උපයෝගීකර ගැනීම නිසා බිරිය සැමියාගේ උදහසට පත්වූ පුවතක් කොළඹ මහනුවර මාර්ගයට සමීප ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 03 July 2017
නීතීඥ බිරියගෙන් පුතාට වන්දියක් දකුණු පළාතේ ප්‍රධාන නගරයක වූ නීතිඥ නිවෙසකි. සැමියාත් බිරිඳත් දෙදෙනාම නීතිඥයින් වූ අතර එකම පුතා නගරයේ ප්‍රධාන පාසලක අට වසරේ ඉගෙනුම ලැබීය. ඉතාම විනෝදයෙන් ගත කළ පවුලක් වුවත් සැමියාගේ මත්ලෝලීබව එකම ගැටලූව විය. 29 June 2017
රෝහල් සේවකයා මදුරු දැලකට රෝහල් වාට්ටුවක ප්‍රයෝජනය සඳහා පරිත්‍යාගශීලියෙක් දුන් මදුරු දැලක් එහි සේවකයකු ගෙදර ගෙන ගොස් ගෙදර තිබූ පරණ එකක් ගෙනැවිත් සවි කර තිබූ සිද්ධියක් කොළඹට ආසන්න රෝහලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 28 June 2017
සිසුවාගේ කෙටි යෙදුමට ගුරුවරයාත් හොල්මන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පංතියකට පැමිණෙන එක්තරා සිසුවකු සිංහල විෂයේ පැවරුමකට ලියා තිබූ රසවත් කෙටි යෙදුමක් පිළිබඳව පුවතකි මේ. 26 June 2017
මවගේ බිඳුණු පාදයට පුතා අමුතු පත්තුවක් බැඳලා අම්මාගේ බිඳුණු පාදයට බඳින පත්තුවට ඇහැළපොතු කියා වල් බිලින් පොතු යොදා පත්තුවක් හදා බැන්ද බව කියන පුතකු පිළිබදව පසුගිය දා ගම්පහ යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 19 June 2017
නුපුරුදු සෙරෙප්පු පැළඳ රෝහලෙත් නැවතිලා තම කාර්යාලයේ මිතුරියකගෙන් ලද උපදේශයක් මත වෙනදා පළඳින සෙරෙප්පු කුට්ටම වෙනුවට අඩි උස සෙරෙප්පු දෙකක් පැළඳගෙන විවාහ මංගල උත්සවයකට ගිය මැදිවියේ කාන්තාවක සෙරෙප්පු කුට්ටම පාලනය කර ගත නොහැකිව පඩිපෙළකින් ඇද වැටී කොන්ද කඩාගෙන රෝහල් ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය. 13 June 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026