(තලාතුඔය ටී.එච්. සරත්)
තමාගේ ගිණුමේ රුපියල් ලක්ෂ දහ අටක් ඇතැයි ද ඉන් තමාට මුදල් ගැනීමට අවශ්‍ය බවද පවසමින් පුද්ගලයකු පෙරේදා (3) සවස තලාතුඔය ලංකා බැංකු පරිශ‍්‍රය තුළ යකා නටා තිබේ.
සවස 4 ට පමණ බැංකුව වසා තිබියදී මෙකී පුද්ගලයා එහි ආරක්ෂක නිලධාරීන්ට කාර්ය මණ්ඩලයට බැණ වැදී ඇති අතර තලාතුඔය පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහුගේ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් ලක්ෂ දහ අටක් නොව රුපියල් දහ අටක් පමණි. මොහු යම්කිසි ආබාධයකින් පෙළෙන්නෙක් ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ සල්ලි කවුරු හරි පිල්ලි ගහලද දන්නේ නැහැ !!!
අද ලංකාවේ බැංකුත් විශ්වාස නැහැ.
ඇතැම් බැංකු ගැන නම් සත පහක විශ්වාසයක් තියන්න බැහැ. ගිණුමේ සල්ලි තිබුණද කියලා කලින්ම හොයන්න පුළුවන්නේ. තිබිලා ඒවා වාෂ්ප වෙලාද කියලත් හොයන්න බලධරයිනි....
බැංකු වල තියන මුදල් වල ආරක්ෂාව ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ලංකාවේ වාණිජ බැංකු සියල්ල ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියාමනය කරනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. ලංකා බැංකුව කියන්නේ රජයේ ප්‍රධාන වාණිජ බැංකුව....
සල්ලි ඔක්කොම අරගෙනද දන්නේ නැහැ..