IMG-LOGO

මවගේ බිඳුණු පාදයට පුතා අමුතු පත්තුවක් බැඳලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අම්මාගේ බිඳුණු පාදයට බඳින පත්තුවට ඇහැළපොතු කියා වල් බිලින් පොතු යොදා පත්තුවක් හදා බැන්ද බව කියන පුතකු පිළිබදව පසුගිය දා ගම්පහ යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

තරුණ පුතෙකි. මව දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව පාදයක් බිදීමට ලක්වූවාය. කැඩුම් බිඳුම් ප්‍රතිකාර ලබාගෙන පැමිණ ප්‍රතිකාර කරන අතරේ එක් පත්තුවකට ඇහැළ පොතු ගැනීමට නියමිතව තිබිණි.

පියා පුතා අමතා වත්ත පහළ කොස් ගහ ළඟ ඇති ඇහැළ ගහෙන් පොතු ගලවාගෙන එන ලෙස දැන්වීය. මන්නයක්ද රැගෙන ගිය පුතා ඇහැළ පොතු රැගෙන ආයේය. සියල්ල වංගෙඩියකට දමා කොටන ලෙස පියා කළ ඉල්ලීම අනුව පුතා බෙහෙත් කොටා දුන්නේය. පත්තුව හැදු පියා බිරියගේ පාදයට එයින් ප්‍රතිකාර කළේය.

දෙදිනකට පසු පියා වත්ත පහළට ගිය විට දී වල්බිලින් ගසේ පොතු ගසා ඇති වග දුටුවේය. ඇහැළ ගසේ පොතු ගැල වූ සලකුණක්ද නොවීය. ඒ ගැන සොයා බලද්දී පුතා වැරදීමකින් ඇහැළ ගස අසල තිබූ වල් බිලින් ගහෙන් පොතු ගලවාගෙන ගොස් බෙහෙත් කොටා ඇති බව තේරුම් ගත්තේය.

වහා නිවෙසට ගිය පියා බිරියගේ පාදයට බෙහෙත් පත්තුවද බැඳ තිබුණි. පාදයේ අමාරුව ද සුව විය. කෙසේ හෝ මේ ආරංචිය පුතුගේ මිතුරන් කනට ගිහින් දැන් ඔවුන් “මචං ඇහැළ වල් බිලින් වගේද“ කියා මිතුරා ගෙන් අහනවාලු.

 



අදහස් (6)

මවගේ බිඳුණු පාදයට පුතා අමුතු පත්තුවක් බැඳලා

Perakum Monday, 19 June 2017 06:21 AM

පුදුම වෙන්න දෙයක් නෑ. බෙහෙත් නැතුව නිකන් පත්තුව බැන්දත් සනීප වෙනවා නේ....

:       6       27

sam Monday, 19 June 2017 07:27 AM

80 දශකයේ මගේ සේවා සගයෙකු නිතර සෙම් අමාරුවලින් පෙළුනා . මේකට කෙම් ප්‍රතිකාරයක් ලෙස, නිශ්ශබ්දව, කතා නොකර සස්සඳ වැලක මුල අනුභව කරන ලෙසට වැඩිහිටි සේවකයෙක් උපදෙස් දුන්නා. රෝගී මිතුරා සස්සඳ හඳුනන්නේ නැහැ. අපගේ සේවා ස්ථානයේ යම් තැනක සස්සඳ වැලක් තිබෙනවා මා දැක තිබුණ නිසා අපි කතා නොකර එම ස්ථානයට ගියා. නමුත් සස්සඳ වැල තිබුනේ නැහැ. ඒ වුණාට එතනම පෝටා වැල් ගොන්නක්ම තිබුණා. මම හස්ත මුද්‍රාවෙන් පෝටා මුලක් පෙන්නුවහම මෙයා එළුවෙක් වාගේ පෝටා මුලක් එහෙම පිටින්ම කෑවා. ටික දිනකින්ම ඔහුගේ රෝගය සුව වුණ අතර මේ සිද්ධිය එලි වුණේ ඔහු තවත් කෙනෙකුට මේ පෝටා වැල සස්සඳ ලෙස පෙන්වාදෙන්න යාමෙනුයි..

:       1       30

arschloch Monday, 19 June 2017 03:38 PM

පුතා හොඳට දන්නවා ඇති පත්තු බඳින්න... ඒ හින්දා අම්මගේ තුවාලේ නිකම්ම සුවවෙන්න ඇති..!!!

:       1       17

arschloch Friday, 23 June 2017 11:31 AM

මෙහෙම අමුතු පත්තු බඳින්න ඇත්තේ පළවෙනි වතාව හින්දා හොඳ වෙයිද දන්නෑ ...

:       0       0

sam Friday, 23 June 2017 10:21 PM

කකුලක් කැඩී සිටින නාගරික කාන්තාවකට එකල ලංකාවේ ප්‍රසිද්ධ වෙද මහතෙකු වූ මාගේ සීයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යෝජනා කල විට ඔහුව "පින්න කොළ වෙදා" ලෙස හැඳින්වූ බව සීයාටත් ආරංචි වී තිබුණා. කෙසේ නමුත් අවසානයේ මේ කාන්තාවට ප්‍රතිකාර ලබා දීමට සිදු වූ අතර සියලුම පත්තු, මැල්ලුම්, කසාය, ආදී බෙහෙත් වර්ග වලට පින්න කොළ ඇතුලත් කිරීමට මාගේ සීයා කටයුතු කල බවත් ප්‍රතිකාරය ඉතාම හොඳින් සිදු වූ බවත් අපේ පවුලේ වැඩිහිටියන් දන්නා සිද්ධියක්. මෙවැනි හෙළ වෙදකම් අපි අගය කළ යුතුයි.

:       0       10

dammi Saturday, 24 June 2017 02:42 PM

දවස් දෙකකින් අස්ථියක් කැඩුණාම හොඳ වෙනවාද? මොන පාසලටද ගියේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site