(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
ප‍්‍රධාන දුම්රිය ස්ථානයකට රාත‍්‍රී පැමිණි මගියකු අත එල්.ඊ.ඩී.වර්ගයේ රූපවාහිනියක් විය. තමන්ගේ ගමනාන්තයට ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගත් ඔහු ඇතුළුවන දොරටුව වෙත පැමිණියේය. ටිකට්පත පරීක්ෂා කළ දොරටුව අසල සිටි නිලධාරියා රූපවාහිනිය දෙස බලා එය ගෙනයාමට සල්ලි ගෙවන්න ඕනේ යනුවෙන් පැවසීය.
මේක බර නැහැනේ. අතේ අරන් යන්න පුළුවන් නේ. මගියා පැවසූවිට එහෙම කරන්න බැහැ නිලධාරියා කීය.
මේ වෙලාවට ඔෆිස් එක වහලා. දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි. මගියා කාරුණිකව පැවසීය.
එවිටම දුම්රිය නියාමකවරයා දුම්රියට යෑමට සංඥා කරනු දැකගත හැකිවිය. එහෙනම් මට කීයක් හරි දීලා යන්නැයි පැවසූ නිලධාරියා අත රුපියල් පනහක් තැබිණි. ‘‘අපෝ මේක මදි’’ හෙතෙම පැවසූවිට, ‘‘ඔච්චරයි තියෙන්නේ’’ පැවසූ මගියා දුවගොස් දුම්රියට ගොඩවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ස්ථානයේ කැමරා එහෙම නැතුවද ?
දුම්රිය මගියාට "මේ වෙලාවට ඔෆිස් එක වහලා" යි කීමට මෙමනිලධාරියට තිබෙන බලය කුමක්ද ?? දෙවනුව එසේ කාර්යාලය පැය 24 ම විවර්තව තිබියයුතුය .තවද මගියාට තම බඩුබාහිරාදිය ගෙනයාමට පහසුකම් තිබිය යුතුය.වෙනත් රටවල මෙය ඉතා හොදින් ක්‍රියාත්මකවන අතර අපද ඒවා අපගේ මගින් හට ලබාදීම කලයුතුය .
රවීන්ද්‍ර මේ කතාවේ අපේ ප්‍රස්තුතය විය යුත්තේ කාර්යාල වේලාවන් ගැන නොවේ. අපේ රටට මේ වෙලා තිබෙන්නේ මොකක්ද කියල.
මාර ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් මේ ටොපික් එකෙන්. දුම්රිය ස්ථානයේ කැමරා තිබුණත්, නැතත් දැලට අල්ලා ගන්න කිසිම අපහසුවක් නැහැ නේ. දුම්රිය දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකර අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු වෙනවා ! මේ කතාව තව දුරදිග ගියා නම් අසරණ මගියාට දුම්රිය වැරදී, බංකුවක රාත්‍රිය ගත කරන්නත් වෙන්න තිබුණා. මේ යුනිෆෝම් කරුට එරෙහිව මගියාට නඩු මගට බැසිය හැකි නොවේද ?
රුපියල් 50/= නේ... නඩු කිව්වා නම් ලෝයර්ට රුපියල් 1000/= ඒවා කීයක් නම් ගෙවන්නද?