(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
ප‍්‍රධාන දුම්රිය ස්ථානයකට රාත‍්‍රී පැමිණි මගියකු අත එල්.ඊ.ඩී.වර්ගයේ රූපවාහිනියක් විය. තමන්ගේ ගමනාන්තයට ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගත් ඔහු ඇතුළුවන දොරටුව වෙත පැමිණියේය. ටිකට්පත පරීක්ෂා කළ දොරටුව අසල සිටි නිලධාරියා රූපවාහිනිය දෙස බලා එය ගෙනයාමට සල්ලි ගෙවන්න ඕනේ යනුවෙන් පැවසීය.
මේක බර නැහැනේ. අතේ අරන් යන්න පුළුවන් නේ. මගියා පැවසූවිට එහෙම කරන්න බැහැ නිලධාරියා කීය.
මේ වෙලාවට ඔෆිස් එක වහලා. දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි. මගියා කාරුණිකව පැවසීය.
එවිටම දුම්රිය නියාමකවරයා දුම්රියට යෑමට සංඥා කරනු දැකගත හැකිවිය. එහෙනම් මට කීයක් හරි දීලා යන්නැයි පැවසූ නිලධාරියා අත රුපියල් පනහක් තැබිණි. ‘‘අපෝ මේක මදි’’ හෙතෙම පැවසූවිට, ‘‘ඔච්චරයි තියෙන්නේ’’ පැවසූ මගියා දුවගොස් දුම්රියට ගොඩවිය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රූපවාහිනිය දුම්රියෙන් ගෙනයන්න 50ක අල්ලසක් දීලා
r.r. Sunday, 23 July 2017 05:58 AM
දුම්රිය ස්ථානයේ කැමරා එහෙම නැතුවද ?
raveendra Wednesday, 26 July 2017 03:51 AM
දුම්රිය මගියාට "මේ වෙලාවට ඔෆිස් එක වහලා" යි කීමට මෙමනිලධාරියට තිබෙන බලය කුමක්ද ?? දෙවනුව එසේ කාර්යාලය පැය 24 ම විවර්තව තිබියයුතුය .තවද මගියාට තම බඩුබාහිරාදිය ගෙනයාමට පහසුකම් තිබිය යුතුය.වෙනත් රටවල මෙය ඉතා හොදින් ක්‍රියාත්මකවන අතර අපද ඒවා අපගේ මගින් හට ලබාදීම කලයුතුය .
bamunu Wednesday, 26 July 2017 06:49 AM
රවීන්ද්‍ර මේ කතාවේ අපේ ප්‍රස්තුතය විය යුත්තේ කාර්යාල වේලාවන් ගැන නොවේ. අපේ රටට මේ වෙලා තිබෙන්නේ මොකක්ද කියල.
Nandalal DE SILVA - France Wednesday, 26 July 2017 07:54 AM
මාර ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් මේ ටොපික් එකෙන්. දුම්රිය ස්ථානයේ කැමරා තිබුණත්, නැතත් දැලට අල්ලා ගන්න කිසිම අපහසුවක් නැහැ නේ. දුම්රිය දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකර අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු වෙනවා ! මේ කතාව තව දුරදිග ගියා නම් අසරණ මගියාට දුම්රිය වැරදී, බංකුවක රාත්‍රිය ගත කරන්නත් වෙන්න තිබුණා. මේ යුනිෆෝම් කරුට එරෙහිව මගියාට නඩු මගට බැසිය හැකි නොවේද ?
ටින්කිරි බණ්ඩා Thursday, 27 July 2017 08:53 AM
දුම්රිය සේවකයින්ට අල්ලස් දෙනවට වඩා ලොකු කොටි වලිගයක් තමයි, ලංකාවේ නඩු කියන එක නම්..
හර්ෂ මදුශාන් Thursday, 27 July 2017 03:00 PM
රුපියල් 50/= නේ... නඩු කිව්වා නම් ලෝයර්ට රුපියල් 1000/= ඒවා කීයක් නම් ගෙවන්නද?