(අම්බලන්තොට සනත් ගමගේ)
පොල් කඩන ගමන් ගංජා විකිණීමත් සිදුකළ පුද්ගලකු ගංජා මිලි ග්‍රෑම් 48,000ක් සමග විතාරන්දෙණිය, මල්බෙරිගමදී අත්අඩංගුවට ගත් බව මාතර - හම්බන්තොට දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
පොල් කඩන රැකියාව සිදුකරන අතර අතිරේක ගංජා විකිණීමත් සිදු කරන බවට ලද තොරතුරක් මත සැකකරු පරීක්ෂා කිරීමේදී ගංජා තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාතර - හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ සැරයන් (32045) ජගත්, කොස්තාපල් (44957) අජිත්, (73067) අනුරාධ යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ලොකු වැඩක් කරලා...හොරු නිදැල්ලේ... ගස් නැගලා ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට නීතිය අකුරට....
ගංජා ග්රෑම් 48ක් අල්ලන්න නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුත් උපදෙස් දෙන්න ඕනිද? එතකොට ඉතින් පුදුමයක් නෑ රටේ පොලිසිය මේ කරන වැඩ. මේ අනුපාතෙට ගියාම පොලිස්පතිතුමාටත් පුළුවන් ගංජා ග්රෑම් 100ක් අල්ලන්න වගේ දෙකට නියෝගයක් දෙන්න තමයි.
දැන් ජිවත් වෙන්න රැකියා දෙක තුනක්ම කරන්න වෙනවා
පාර්ලිමේන්තු යනගමන් මහජන මුදල් ගසකාපු අයට මොකෝ කරන්නේ ?
මිලි ග්‍රෑම් 48,000ක්
මගේ අම්මෝ මිලිග්‍රෑම් හතලිස් අටදාහක බරක් ඔය මනුස්සයා කොහොමද උස්සගෙන ගියේ?
මිලි ග්‍රෑම් සහ ග්‍රෑම් අතර වෙනස දන්නේ නැති යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ට නම් මේක ලොකු ගානක්.. "දෙයියෝ සාක්කි".."48,000ක්" පොඩි ගාණක් නෙමයිනේ...