IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක්

ඔහු ආයතනයක සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. එහි රියැදුරා ඔහු සමඟ කුළුපගය. සවස පහට කාර්ය මණ්ඩලය පිට වූ පසු ආරක්ෂක නිලධාරියාට රාජකාරිය පහසු විය.

මැදියම් රැයෙන් පසු ඔහු කළේ පුටු දෙකක් මත හාන්සි වීමය.  රියැදුරා ආරක්ෂක නිලධාරියගෙන් මුදල් ණයට ගැනීමට පුරුදුව සිටියේය.

දිනක් ඔහු රුපියල් පන්සීයක් ඉල්ලූ අතර, ආරක්ෂක නිලධාරියා මුදල් නොමැති බව පැවසීය. උරණ වූ රියැදුරා ආරක්ෂක නිලධාරියාගේ රාත‍්‍රී විවේකයට තිත තැබීමට සිතා, ආයතන ප‍්‍රධානියාට කතා කොට ”සර් අපි පෝච්චිවල හිටවපු මාළු මිරිස් පැළ ටිකක් ගේමු.” යනුවෙන් පැවසීය.

”ගොළු බල්ලෝ පැළ ටික කාලා දාවි” ප‍්‍රධානියා කීය.

ඒකනේ සර් එස්. ඕ. ඉන්නේ. රියැදුරා පැවසීය. පසුදා පෝච්චිවල සිට වූ මාළු මිරිස් පැළ දහයක් ආරක්ෂක නිලධාරියාට භාර දුන් ප‍්‍රධානියා ”එස්. ඕ. ?ට ගොළු බෙල්ලන්ට මාළු මිරිස් පැළ කන්න දෙන්න එපා.” යැයි පැවසීය.

මධ්‍යම රාත‍්‍රියේ මිදුල පුරා ගොළු බෙල්ලන් සිටිනු දුටු ආරක්ෂක නිලධාරියාට තරු පෙනුණි. අසල තිබූ මේසයක් මත මාළු මිරිස් පෝච්චි තිබූ ආරක්ෂක නිලධාරියා සැහැල්ලූවෙන් පුටුවේ දිගා විය. දිනපතා රාත‍්‍රියට මේසය මත පෝච්චි තබන ඔහු උදෑසනම ඒවා මුලින් තිබූ තැනම තබයි.

ක‍්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (1)

ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක්

bamunu Wednesday, 26 July 2017 06:42 AM

ඕකට තමයි කියන්නේ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කන් සමග නැගිටින්න වෙනවා කියලා..

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site