(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇන්ටනා බඳින්නට පොල් කඩන කෙක්ක උපයෝගීකර ගැනීම නිසා බිරිය සැමියාගේ උදහසට පත්වූ පුවතක් කොළඹ මහනුවර මාර්ගයට සමීප ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
නිවසේ තිබූ රූපවාහිනිය සොරුගෙන ගොස් වසරකට අධික කාලයක් ගතවිය. රූපවාහිනියක් යළි මිලදී ගත යුතු බවට බිරිය නිතර ඇවිටිලි කළාය. බිරියගේ කරච්චලයෙන් බේරෙන්නට බැරිවූ සැමියා වාරික ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගෙදර ගෙනාවේය.
රූපවාහිනිය සවිකළත් එහි රූප පැහැදිලි නොවීය. ඇන්ටෙනාවක් අවශ්‍ය බව බිරිය නිතර කිව්වත් සැමියා ඒ බව ගණනකට ගත්තේ නැත. සැමියා නිවසේ නැති අවස්ථාවල ඬේලි ණයක් ගත් බිරිය ඇන්ටනාවක් මිලදී ගෙනාවාය. තමන්ට හැකි අන්දමින් ඇන්ටනාව සවිකර ගන්නට ඇය සමත් වූවත් ඉහළට එසවීමට ක්‍රමයක් සොයා යද්දී ඇය ඇස ගැටුණේ පොල් කඩන කෙක්කය.
අසල්වැසියෙකුගේ සහාය ගත් ඇය පොල් කඩන කෙක්කෙන් ඇන්ටනාව බැන්දාය. එය එසවීමෙන් පසු රූප පැහැදිලිවිය.
රූපවාහිනිය ගැන බිරියගේ කරච්චලය නැතිව දින කිහිපයක් ගතවිය. දවල්ට උයන්න පොල් ඉවරයි. අනේ පොල් ගෙඩියක් කඩලා දෙන්න බිරිය සැමියාගෙන් ඉල්ලා සිටියාය.
සැමියා පොල් කඩන්න වත්තට ගියේය. සැම තැනකම සොයා බැලුවත් පොල් කඩන කෙක්ක නැත. බැරිම තැන පොල් කෙක්ක කෝ සැමියා බිරියගෙන් ඇසූවිට බිරියට තරු පෙණුනාය. අනේ ඒකෙන් මම ඇන්ටනාව බැන්දා ඇය කියද්දී රූපවාහිනියෙන් පොල් ඉල්ල ගනින් කී සැමියා නිවෙසින් පිටව ගියේ කේන්තියෙන් පුපුරමින්ය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල්කඩන කෙක්කක් ඇන්ටනාවේ බැඳ ජංජාලයක්
Shanthi Monday, 03 July 2017 05:25 AM
හැම තිස්සෙම පොල් කඩන්නේ නැහැනේ. මාසෙකට සැරයක් ඇන්ටනාව ගලවල පොල් කඩාගන්නවා. ඊට පස්සේ අයෙමත් ඇන්ටෙනාව හදාගන්නවා කෙක්කෙන්. ඕකට රණ්ඩු වෙන්න ඕනේ නෑ. ටී.වී. බලන එක පොල් කනවා වගේද? කොච්චර වටිනා දෙයක්ද?
vidya Thursday, 13 July 2017 03:39 PM
මෙවැනි බිරින්දන් ලැබෙන්නේ පෙර පිනකට.