(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක වූ නීතිඥ නිවෙසකි. සැමියාත් බිරිඳත් දෙදෙනාම නීතිඥයින් වූ අතර එකම පුතා නගරයේ ප‍්‍රධාන පාසලක අට වසරේ ඉගෙනුම ලැබීය. ඉතාම විනෝදයෙන් ගත කළ පවුලක් වුවත් සැමියාගේ මත්ලෝලීබව එකම ගැටලූව විය.
නිවසේ හදිසි මිතුරු හවුලක් වූ අතර බිරිය මේ ගැන කිසිවක් දැන නොසිටියාය. පසුදා උදේ සේවයට යාමට සූදානම් වූ සැමියා කීවේ තම සාක්කුවේ වූ රුපියල් දහසේ නෝට්ටුවක් අතුරුදන්ව ඇති බවයි.
‘‘ඊයේ ? වෙරිමරගාතේ කොහෙහරි දාන්න ඇති...’’ බිරිය කීවාය. ‘‘නෑ තාත්තෙ. මට ඒක වන්දි මුදලක් හැටියට අම්මා දුන්නා.’’ පුතා කීවේ සිනාසෙමිනි. නීතිඥ පියාට තරු පෙනින.
‘‘වන්දි මුදලක්?’’ ‘‘ඔව් පුතා ඊයේ ? ඔයාට එරෙහිව පැමිණිල්ලක් කළා. ඔයාලගෙ ගෝසාව නිසා පාඩම් කරන්න බෑ කියල. ඒක විභාග කරල වන්දි මුදලක් හැටියට ඔයාගෙන් රුපියල් දාහක් අය කළා. දරුවකුගෙ ඉගෙනීමට බාධාකිරීම බරපතළ වරදක්. ඒ විතරක් නෙවේ අනවසර රැස්වීම් ගෙදර පැවැත්වීමට එරෙහිව අතුරු තහනම් නියෝගයකුත් ගේනවා.’’ ඇය කීවේ සිනාසෙමිනි. ‘‘කමක් නෑ හැබැයි
ඒකපාර්ශිකව නඩු අහන්නෙ නැතුව විත්තියටත් අවස්ථාවක් දුන්න නම් තමයි හොඳ.’’ සැමියා කීවේ වරද පිළිගනිමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුහද ආදරෙන් ඉන්න පවුලක්....
මේක නම් බොරුවක්ද මන්දා....