(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
හොර රහසින් රේස් ඔට්ටු ඇල්ලීමට පුරුදුවී සිටි ප‍්‍රදේශයේ ජනප‍්‍රිය ගුරුවරයෙකුට ඔට්ටු ඇල්ලීමට දුන් මුදලත් අහිමිවීමෙන් පොලිසි යාමට සිදුවීමේ පුවතක් ඇල්පිටියට ආසන්න නගරයකින් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම ගුරුවරයා ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක සේවය කරයි. ඔහු උපකාරක පන්ති ගුරුවරයකු ලෙසද කා අතරත් ප‍්‍රසිද්ධය. හෙතෙම කාටත් හොරෙන් තවත් දෙයකට පුරුදු වී සිටියේය.
ප‍්‍රසිද්ධ ‘‘රේස් බයි’’ ආයතනයකට ගොඩ නොවැදී ඔහු වෙන අයෙකු ලවා රේස් ඔට්ටු ඇල්ලීම කළේය. ඒ සඳහා ඔහු රාත‍්‍රී කාලය වැඩිපුර යොදා ගත්තේය. ගුරුවරයකු ලෙස තමා දන්නා හඳුනන අයගෙන් වහං වී රේස් ඔට්ටු ඇල්ලීම ඔහු දිගටම කරගෙන ගියේය.
පසුගිය දිනක ‘‘රේස් බයි’’ ආයතනයට පැමිණි මෙම ගුරුවරයා වටපිට සෝදිසි කර කොලූ ගැටයෙකුට කතා කොට අවශ්‍යතාව කීය.
ඒ අනුව එම තුණ්ඩුව දැමීම සඳහා රුපියල් දහසක්ද අර කොලූ ගැටයාට දුන්නේය. ඔහු රුපියල් දහස අතට ලැබුණු සැනින් කුරුල්ලකු සේ එයත් රැගෙන නොපෙනී දුව ගියේය. ගුරුවරයාට රාත‍්‍රියේ මද අඳුර නිසා කොලූ ගැටයා ගිය දිසාව හරියටම නිච්චියක් නොවීය. එදින දිනන බවට අශ්වයින් ඔට්ටු ඇල්ලීමට බැරිවීම ගැන ඔහු මහත් සේ කම්පා විය.
තමාගේ රුපියල් දහස උදුරාගෙන යාම ගැන පැමිණිලි කිරීමට ඔහු ආසන්නයේ තිබූ පොලිස් ස්ථානය කරා පිය නැගීය. පොලිස් නිලධාරියකුට සියල්ල නොසඟවා කීමට මෙම ගුරුවරයාට සිදුවිය.
සර්... ට සිදුවුණේ අසාධාරණයක් තමයි. ඒත් සල්ලි අරන් පැනලා ගිය කෙනා හරියටම දන්නේ නැතිව කොහොමද අල්ලන්නේ. නමුත් ඔබතුමාගේ වෘත්තියට නොගැළපෙන දෙයක් කරන්න ගිහින්නේ මේ කරදරේ වැටුණේ. ඒ නිසා මින් ඉදිරියටවත් ඔය ‘‘රේස් බයි’’ පැත්තේ නොගියොත් හොඳයි. පොලිස් නිලධාරියාගේ වදන් හමුවේ කිසිත් නොදොඩා ඔහු පොලිස් ස්ථානයෙන් පල්ලම් බැස්සේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටු අල්ලන්ට නීතියෙන් තහනම්ද?ඒ ගුරුවරයා වැරදි දෙයක් කරලා නැහැනේද?
මේ පොලිස් නිලධාරියාට නීතිය ගැන සාමාන්‍ය අවබෝධයක් වත් තියනවා නම් කාකි කෝට් එකත් පාච්චල් වෙන මෙවැනි මෝඩ කතා කියන්නේ නැහැ . කෙනෙකුගෙන් රුපියල් දාහක් වංචා කරලා පැනලා ගියාම එයා ගුරුවරයෙක්ද ශිෂ්‍යයෙක්ද කියන එක මත තම රාජකාරිය නොකර සිටීමට හේතුවක් හොයාගෙන නේද ?? රජයේ අනුමැතිය ඇතිව නීත්‍යානුකුලව පවත්වන ඔට්ටු ඇල්ලීම් , ලොතරැයි වැනි සූදු වලට සහභාගීවීමේදී නීතියට අදාළ නැති සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කිරීමට පොලිසියට හැකියාවක් නැහැ
මේ පොලිස් නිලධාරියාට නීතිය ගැන සාමාන්‍ය අවබෝධයක් වත් තියනවා නම් කාකි කෝට් එකත් පාච්චල් වෙන මෙවැනි මෝඩ කතා කියන්නේ නැහැ . කෙනෙකුගෙන් රුපියල් දාහක් වංචා කරලා පැනලා ගියාම එයා ගුරුවරයෙක්ද ශිෂ්‍යයෙක්ද කියන එක මත තම රාජකාරිය නොකර සිටීමට හේතුවක් හොයාගෙන නේද ? රජයේ අනුමැතිය ඇතිව නීත්‍යානුකුලව පවත්වන ඔට්ටු ඇල්ලීම් , ලොතරැයි වැනි සූදු වලට සහභාගීවීමේදී නීතියට අදාළ නැති සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කිරීමට පොලිසියට හැකියාවක් නැහැ