IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදිය ගන්න ඇවිත් අමුතුම තාලේ ගේමක් දීලා

(කේ. බුද්ධික කුමාරසිරි)

හංවැල්ල තුන්නාන ප‍්‍රදේශයේ තරුණයෙකුට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා නවීන පන්නයේ සුපිරි යතුරුපැදියක් විකිණීම සඳහා අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමකට අනුව එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු යතුරුපැදියෙහි තත්ත්වය පරීක්ෂා කිරීමට යැයි පවසා යතුරුපැදිය ද සමඟින් පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීම දැක තමන් නුවර ප‍්‍රදේශයේ බවට හැඳින් වූ පුද්ගලයෙකුු දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ යතුරුපැදිය මිලදී ගැනීමට තමන්ගේ කැමැත්තක් ඇති බැවින් එය පරීක්ෂා කිරීම සඳහා තුන්නාන ප‍්‍රදේශයේ නිවසට පැමිණෙන බවයි.

ඒ අනුව දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා තුන්නාන ප‍්‍රදේශයට පැමිණ අදාළ යතුරුපැදිය හොඳින් නිරීක්ෂණය කර එහි තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කෙටි දුරක් ධාවනය කර බැලීමට අවශ්‍ය යැයි පවසා ඇත. පසුව යතුරුපැදිය හිමි තරුණයාගෙන් යතුරුපැදියේ ගියර් කි‍්‍රයා කරවීම ආදී කරුණු විමසා යතුරුපැදියේ නැගී හංවැල්ල දෙසට ධාවනය කර ඇති බව ද පැමිණීමට ප‍්‍රමාද වීම නිසා දුරකතන ඇමතුමක් ලබාගෙන විමසූ විට යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා පවසා ඇත්තේ ඉන්ධන අවසන් වීම නිසා ඉන්ධන ලබා ගැනීමට යන බවත් ඉන්ධන ලබාගත් විගස යළි පැමිණෙන බවත්ය.

ඒ අනුව පැය කිහිපයක් බලා සිටිය ද යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා යළි නොපැමිණුන බැවින් යළිත් දුරකතන ඇමතුමක් ලබා ගත්ත ද ඒ වන විට දුරකතනය ද ප‍්‍රතිචාර දක්වා නොමැති බව ද යතුරුපැදියේ හිමිකරුවා පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන් වේ.

අදාළ පැමිණිල්ල ලද වහා කි‍්‍රයාත්මක වූ පාදුක්ක පොලිසිය යතුරුපැදිය රැුගෙන පලා ගිය පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එම දුරකතනයේ තිබී ඇත්තේ යතුරුපැදිය රැුගෙන පලා ගිය දිනයට පෙර දිනයේ මිලදී ගත් සිම් පතක් බවත් එම දිනයෙන් පසු කි‍්‍රයාත්මක කර නොමැති බවත් අනාවරණය වූ බවය.

කෙසේ වුවද අදාළ සැකකාර පුද්ගලයා යතුරුපැදිය ද රැගෙන පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂක කැමරා සහ විද්‍යාත්මක කරුණු උපයෝගී කර ගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරන බව ද පාදුක්ක පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

යතුරුපැදිය ගන්න ඇවිත් අමුතුම තාලේ ගේමක් දීලා

Nalini Wednesday, 09 August 2017 04:08 AM

මොන ගොන් මොඩයද නන්නාදුනන කෙනෙකුට තනියෙන් පදින්න මෝටර් සය්කල් එකක් දෙන්නේ. පස්සෙන් තමුනුත් නගින්නේ නැතුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site