IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොර පාරේ ගිහින් යාළුවාට හරි ගිහින්

(අකිල බද්දේවිතාන)

කොළොම්පුර පැත්තේ සරසවියකි. එකම වසරේ දුක සැප එකට බෙදා හදාගත් හොඳම මිතුරන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාම නවාතැන් ගෙන සිටියේ එකම නවානැන්පොළකය. දෙදෙනා සෑම ගමනක්ම ගියේ එකට බැවින් දෙදෙනාගේම සියලූ රහස් දෙදෙනාම දැන සිටියාලූ. මේ දෙදෙනාගෙන් එක් අයෙක් සරසවියේම සිය යෙහෙළියක පෙම්වතිය කරගත් අතර ඔහුගේ මිතුරා ද ඊට නොපැකිළිවම උදව් කළේය.

සිය පෙම්වතිය මුණගැසීම සඳහා පෙම්වතා බොහෝ අවස්ථාවලදී ඇය නැවතී සිටි සරසවිය අසල නවාතැන්පොළට යයි. එසේ ගිය අවස්ථා කිහිපයකදීම මිතුරා ද කැටුව යාම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. පෙම්වතියගේ නවාතැන්පොළෙහි බාරකාරිය තරමක් තද නීතිරීති ක‍්‍රියාත්මක කරමින් නවාතැන්ගෙන සිටින්නන් බිය කරගෙන සිටි බැවින් පෙම්වතිය මුණගැසීමට යාම පෙම්වතාට තරමක් දුෂ්කර කාර්යයක් විය.

සරසවියේදී මුණ ගැසුණ ද ඇතැම් අවස්ථාවල ඇයට කෑම බීම හෝ වෙනත් යමක් ගෙනැවිත් දීමට සිය මිතුරා ද සමඟ පෙම්වතා ඇගේ නවාතැනට ගියේ හොර පාරකිනි. ඒ නවාතැන පිටුපස ඇති ඔහුම සොයාගත් විශේෂ පාරක් ඔස්සේය. මිතුරා ද මේ පාර හොඳ හැටි දැනගත්තේ පෙම්වතාගේ උදව්වට නිතරම එහි යාම නිසාය.

මෙසේ මාස කිහිපයක් පෙම්වතා සමඟ ඔහුගේ පෙම්වතිය හමුවීමට ගිය ඔහු පසුව තනිවම ඇගේ නවාතැනට යාමට පටන් ගත්තේය. මේ සඳහා පෙම්වතියගෙන් ද අවසර ලැබී තිබූ බැවින් පෙම්වතාට නොදැනීම ඔහුගේ මිතුරා හා ඔහුගේ පෙම්වතිය අතර අලූත් පෙමක් මෝරමින් පැවතිණි.

කිහිප දිනකට පසු මේ පිළිබඳ ඔහුගේ කන වැකුණු අතර තම පෙම්වතියටත් වඩා මිතුරා විශ්වාස කළ ඔහු මේ පිළිබඳ එතරම් තැකීමක් නොකළේය. නමුත් එසේ කලක් ගතවෙද්දී පෙම්වතා කියාදුන් හොර පාරෙන් පෙම්වතිය නිතර මුණගැසුණු මිතුරා ඇය එම නවාතැන්පොළෙන් ඉවත් කරගෙන රැගෙන ගියේ ද එම පාරෙනි.

ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇති පුවත පෙම්වතාට දැන ගන්නට ලැබුණු අතර ඔහු සිය මිතුරාත් පෙම්වතියත් යන දෙදෙනාම අහිමිවීමේ වේදනාවෙන් පීඩා වින්දේය. එසේ සිටියදී දිනක් ඔහුගේ ජංගම දුරකතනයට සිය අතිජාත මිතුරා කෙටි පණිවිඩයක් තබා තිබුණි. එහි සඳහන් වූයේ ”හරි පාර කියාදුන්නාට ස්තුතියි” යනුවෙනි.



අදහස් (2)

හොර පාරේ ගිහින් යාළුවාට හරි ගිහින්

ලුම්බිණි Friday, 11 August 2017 06:23 AM

පිරිමියෙකු අනිකෙකුගේ සහකාරියක් හෝ පෙම්තියක් සමග කිසිදා පුද්ගලික සම්බන්ධතා ගොඩ නගා නොගත යුතුයි. එය ලොකු අර්බුධයකට/අවුලකට (මේ විදියට) පාර පෙන්වීමකි.

:       0       16

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 08:06 AM

එස්.එම්.එස් නැති එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රූමත් තරුණියක් සහ මගේ මිත්‍රයෙක් පෙමින් බැඳුණා. මෙම දැවෙන ප්‍රේමයේ ඉන්ධනය වුයේ හැම උදයකම තවත් ඇයගේ ෆැකල්ටියේ මිතුරෙකු හරහා යවන රාත්‍රියේ නිදිවරා ලියන පෙම්පතයි. ඇය සහ ලියුම් ගෙනියපු තැපැල් කොල්ලා අද ඇමරිකාවේ දරු මුණුබුරන්ගේ පහස විඳිමින් ජීවත් වෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site