IMG-LOGO

ඩෙංගු කීටයන් පෙන්වන්න ගිහින් ලෝක ලෙඩක් දාගෙන

(තලාතුඔය ටී.එච්. සරත්)

මේ දිනවල දිවයිනේ සෑම තැනකම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. මදුරුවන් බෝවිය හැකි පරිසර නිර්මාණය කරණු ලබන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා උසාවි මගින් දඩ ද නියම කරනු ලැබේ.

ඉකුත් දා කඳුරට ගමක ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන බවත් නිවෙස් පරීක්‍ෂාව සඳහා නිලධාරීන් දොරින් දොරට පැමිණෙන බවත් කල්තියා දැනුම් දී තිබිණි.

මෙකී ගමෙහි එක්තරා පුද්ගලයෙක් ඔහුගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින රූමත් තරුණ ළඳකට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘නංගී හෙට ඩෙංගු බලන්න එනවා - අහුවුණොත් දඩම තමා. උසාවි යන්න වෙනවා’’ යනුවෙනි.

එවිට ඇය ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘අයියා අපේ ගෙදර නම් වතුර පල් වෙන තැන් නෑ...., මදුරුවොත් නෑ.....’’ යනුවෙනි.

එහෙත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඔහු ‘‘නෑ නංගී, මදුරු කීටයෝ හැම තැනම ඉන්නවා. ප‍්‍රිජ් එකේ බලන්න, ඒකෙ අනිවාර්යෙන් බලනවා.’’
එහෙත් ශීතකරණයේ වතුර රඳවන ස්ථානය නොදත් ඇය ‘‘අයියම බලන්න කෝ... මම  ඕවා දන්නේ නෑයි... කියා තිබේ.

ශීතකරණයේ වූ වතුර රඳවනය පරීක්‍ෂා කළත් එහි වතුර බිඳු කීපයක් හැරුණු විට වෙනත් යමක් නොවීය.
අනතුරුව නිවෙස ආසන්නයේ වූ වැසිකිළිය වෙත ගිය මෙකී පුද්ගලයා ඒ තුළට එබිකම් කොට ‘‘නංගී මදුරුවෝ පිරිලා බඩු  තමයි, දඩම තමයි’’ හඬ නගා කියා ඇත.

ඇය වැසිකිළියේ දොරකඩ අසළට දිව එත්ම ‘‘නංගී එන්න ඩෙංගු මදුරුවා පෙන්වන්න’’ කියා අතින් ඇද වැසිකිළියේ දොර වසාගන්නට තැත්කර තිබේ.
සිද්ධිය ගම පුරා සැලවීමත් සමග ගමේ උදවිය මෙකී පුද්ගලයා දුටුවිට ඩෙංගු මදුරුවා බලමුදැයි දැන් විමසන්නේලූ.



අදහස් (0)

ඩෙංගු කීටයන් පෙන්වන්න ගිහින් ලෝක ලෙඩක් දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site