(ශාන්ත සෙනවිරත්න)
රෝහල් වාට්ටුවක ප‍්‍රයෝජනය සඳහා පරිත්‍යාගශීලියෙක් දුන් මදුරු දැලක් එහි සේවකයකු ගෙදර ගෙන ගොස් ගෙදර තිබූ පරණ එකක් ගෙනැවිත් සවි කර තිබූ සිද්ධියක් කොළඹට ආසන්න රෝහලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
පරිත්‍යාගශීලියෙක් රෝහලකට මදුරු දැල් කිහිපයක් පිං තකා පරිත්‍යාග කර ඇත. ඒවා බාර ගත් එහි ප‍්‍රධානියෙක් එය වාට්ටුවලට බෙදා දී තිබේ. මේ අතර වාට්ටුවේ සිටි සේවකයෙක් එයින් එකක් කාටත් නොපෙනෙන සේ හොරකම් කර ගෙදර ගෙන ගොස් ගෙදර තිබු පාවිච්චි කළ මදුරු දැලක් සවි කර ඇත.
වාට්ටුවේ අලූත් මදුරු දැල් අතරට පරණ මදුරු දැලක් ආවේ කෙසේ දැයි එහි ප‍්‍රධානියෙකු සොයා බලද්දි රහස හෙළි කර ගැනීමට හැකි වී ඇත. පසුව එය සොරකම් කළ බව කියන සේවකයා කැඳවා මේ වගේ බාල වැඩ මීට පස්සේ කරන්න එපා මේවා අසරණ ලෙඩ්ඩුන්ගේ ප‍්‍රයෝජනය සඳහා දෙන දේවල් කියලා හිතන්න.
ඔයාට ඒ වගේ එකක් මිලට ගන්න බැරි කමක් නෑ. කොහොම වුණත් මේ කළ පහත්ක‍්‍රියාව ගැන මම ඉහළට දන්වනවා. අරන් ගිය එක නැවත බාර දෙන්න. නැත්නම් අලූත් එකක් ගෙනත් දෙන්න කියා ප‍්‍රධානියා ඔහුට අවවාද කර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්පෙනේන්තේ ඉඳලා හොරකම් කරන අය තමා වැඩිමනක්ම රෝහල් සේවකයෝ. හැබැයි අහුවෙලා නීතිය ක්‍රියාත්මක කරන කොට ඊළඟට වැඩ වර්ජන.... නීතියක් නැති රටක්....
ලොක්කගේ ඉඳන් පහළට එනකම් බොහෝ අය කරන්නේ ඕවා තමයි. මේවා නොකළා නම් රට මෙලහකට දියුණු වෙන්න ඕනනේ...