IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෝහල් සේවකයා මදුරු දැලකට

(ශාන්ත සෙනවිරත්න)

රෝහල් වාට්ටුවක ප‍්‍රයෝජනය සඳහා පරිත්‍යාගශීලියෙක් දුන් මදුරු දැලක් එහි සේවකයකු ගෙදර ගෙන ගොස් ගෙදර තිබූ පරණ එකක් ගෙනැවිත් සවි කර තිබූ සිද්ධියක් කොළඹට ආසන්න රෝහලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.

පරිත්‍යාගශීලියෙක් රෝහලකට මදුරු දැල් කිහිපයක් පිං තකා පරිත්‍යාග කර ඇත. ඒවා බාර ගත් එහි ප‍්‍රධානියෙක් එය වාට්ටුවලට බෙදා දී තිබේ. මේ අතර වාට්ටුවේ සිටි සේවකයෙක් එයින් එකක් කාටත් නොපෙනෙන සේ හොරකම් කර ගෙදර ගෙන ගොස් ගෙදර තිබු පාවිච්චි කළ මදුරු දැලක් සවි කර ඇත.

වාට්ටුවේ අලූත් මදුරු දැල් අතරට පරණ මදුරු දැලක් ආවේ කෙසේ දැයි එහි ප‍්‍රධානියෙකු සොයා බලද්දි රහස හෙළි කර ගැනීමට හැකි වී ඇත. පසුව එය සොරකම් කළ බව කියන සේවකයා කැඳවා මේ වගේ බාල වැඩ මීට පස්සේ කරන්න එපා මේවා අසරණ ලෙඩ්ඩුන්ගේ ප‍්‍රයෝජනය සඳහා දෙන දේවල් කියලා හිතන්න.

ඔයාට ඒ වගේ එකක් මිලට ගන්න බැරි කමක් නෑ. කොහොම වුණත් මේ කළ පහත්ක‍්‍රියාව ගැන මම ඉහළට දන්වනවා. අරන් ගිය එක නැවත බාර දෙන්න. නැත්නම් අලූත් එකක් ගෙනත් දෙන්න කියා ප‍්‍රධානියා ඔහුට අවවාද කර යවා ඇත.



අදහස් (2)

රෝහල් සේවකයා මදුරු දැලකට

kumar (galf) Wednesday, 28 June 2017 10:42 AM

අල්පෙනේන්තේ ඉඳලා හොරකම් කරන අය තමා වැඩිමනක්ම රෝහල් සේවකයෝ. හැබැයි අහුවෙලා නීතිය ක්‍රියාත්මක කරන කොට ඊළඟට වැඩ වර්ජන.... නීතියක් නැති රටක්....

:       83       210

dinu Thursday, 29 June 2017 07:52 AM

ලොක්කගේ ඉඳන් පහළට එනකම් බොහෝ අය කරන්නේ ඕවා තමයි. මේවා නොකළා නම් රට මෙලහකට දියුණු වෙන්න ඕනනේ...

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site