(රුවන් පතිරණ, ජයරත්න විල්ලර)
විවාහක බිරිය සැමියාගේ මළ සිරුර බාර ගැනීමට අකමැති වූ නිසා අසනීප තත්ත්වයෙන් සිටියදී ඔහු රෝහලට බාර දුන් පුද්ගලයාටම මළ සිරුර බාර ගැනීමට සිදු වූ පුවතක් වරකාපොළ පොලිසියෙන් වාර්තා වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගංගොඩවිල ආරච්චිලාගේ ශාන්ත කුමාර (58) නමැති පුද්ගලයකු බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
වරකාපොළ නගරයේ පාවහන් අලූත්වැඩියා කිරීම මොහු රැකියාව වශයෙන් කරගෙන ගොස් ඇති අතර පසුගිය දින කිහිපයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් වරකාපොළ ශ‍්‍රී ලංගම බස් නැවතුම්පළෙහි ලැගුම් ගෙන සිටියද කිසිවකුත් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වී නොමැත.
එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු වන මූකන් අලගිරි ගුනාලන් යන අයෙකු විසින් මොහු වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊට දින කිහිපයකට පසු ශාන්ත කුමාර යන අය මියගොස් ඇති නමුත් මෘත ශරීරය බාර ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් මොහුගේ ඥාතීන් සොයා යාමට වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් (17170) ජයසේන මහතාට සිදුවිය.
දින කිහිපයකට පසු මිය ගිය අයගේ බිරිය වේයන්ගොඩ බාදුරාගොඩ ප‍්‍රදේශයේ සිටියදී සොයා ගැනීමට හැකිවී ඇති අතර වරකාපොළ රෝහලේදී මියගිය අය තමාගේ සැමියා බවට ඇය හඳුනා ගත්තද ඇය විසින් පොලිසියට පවසා ඇත්තේ මෘත ශරීරය ඇයට භාර ගැනීමට නොහැකි බවයි.
පසුව මියගිය අය රෝහල වෙත භාරදුන් ගුනාලන් යන අය මෘත ශරීරය භාරගෙන ඔහුගේ වියදමින් වරකාපොළ අඹේපුස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකර තිබිණ.
වරකාපොළ පොලිස් ස්ථානාධිපති එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (17170) ජයසේන මහතා පරීක්ෂණ පැවැත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය හේතු නිසා තමයි අනතුරක් වෙලා පාරේ වැටී සිටින කෙනෙකුව කෙනෙක් ඉදිරිපත් වී ඉස්පිරිතාලයකට ගෙනියන්නේ නැත්තේ. නමුත් කියන්නේ මිනිස්සු පොටෝ ගහ ගහ ගියා මිස ඉස්පිරිතාලයකට ගෙනියන්න උදවු වුණේ නැහැ කියලා. නියම හේතුව උදව් වෙන්න ගිය කෙනා උසාවි ගානේ යන්නත් ඕනේ සාක්කි දෙන්න.
මෙතන නිතිය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ ,පුරවැසියෙක් අසනීපයක් වෙලා හෝ අනතුරක් වෙලා මහමග වැටිලා ඉන්නවනම් තම දැනුමේ හා ශක්ති ප්‍රමාණයෙන් ඔහුට උදවු කිරීමට හෝ පොලිස් නිලධාරියකුට හෝ වගකිවයුත් කෙනෙකුට දැන්වීමට පුරවැසියන් නීතියෙන් බැදී සිටිති , පුරවැසියෙක් මිය ගියහම ඔහුගේ මෘත ශරීරය අයිති රජයට , නෑයෙකු ගේ හෝ වෙන යම් අයකුගේ ඉල්ලීමට මෘත ශරීරය අවසාන කටයුත් කිරීමට භාර දුන්නත් එහි පරම අයිතිය ඇත්තේ රජයට , ලෙඩාව රෝහලට ගෙන ගිය පුද්ගලයට හෝ නෑයෙකුට බලහත්කාරයෙන් මෘත ශරීරය භාරදීමට රෝහල් බලධාරීන්ට නීතියෙන් අවසර නැත , කිසිවකු ඉදිරිපත් නොවුවොත් රජයේ වියදමින් අවසාන කටයුතු කල යුතුය ,
බමුණු ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ප‍්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු වුවත්, ඔහු මේ අවස්ථාවේදී කල දේ ගැන අප සියලු දෙනාම අගය කල යුතුයි.