(අකිල බද්දෙවිතාන)
අලුත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයකි. එම විහාරස්ථානයට විවිධ සතුන් ගෙනැවිත් දමන පිරිස් හේතුවෙන් මේ වනවිට කුකුළන්, බල්ලන් හා බළලුන් රැසකට විහාර භූමිය නවාතැන්පොළ බවට පත්වී තිබේ.
මෑතකදී විහාරස්ථානයට පැමිණි ගම්වැසියකු විහාරාධිපති හිමියන් බැහැ දැක වැඳ එකත්පසව ආගිය තොරතුරු කථා බහ කරමින් සිටියේය. හදිසියේම විහාර භූමියේ සිටි කුකුළන් කිහිප දෙනකු දුටු එම පුද්ගලගයා විහාරාධිපති හිමියන්ගෙන් කුකුළකු ඉල්ලා සිටියේය.
හාමුදුරුවනේ හොඳ නාම්බෙක් ඉන්නවා. මම ඒකා අරගෙන යන්නද. ඔහු එසේ විමසූ ආකාරයෙන්ම නායක හිමියෝ ඔහු එසේ කුකුළකු ඉල්ලන්නේ මස් කිරීම පිණිස බව වටහා ගත්හ. විහාරාධිපති හිමියෝ ඒ බව දැනගෙන නමුත් නිශ්ශබ්දව සිටියහ. ඒ අවස්ථාවේ දී කිසිවක් කරකියාගත නොහැකිවූ හිමියෝ සෙමෙන් ඔහු මගහැර වෙනත් පසෙකට වැඩම කළහ.
මස් පිණිස කුකුළන් ලබාදීමට උන්වහන්සේට හැකියාවක් නැති බව දැන දැනත් පන්සලට පැමිණ වන්දනාමාන කළ ගම්වැසියා නායක හිමියන්ගෙන් කුකුළන් ඉල්ලා සිටීම පන්සලේ දායකකාරකාදීන්ගේ ද ගැරහුමට ලක්වී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බුදුන් වැඳ පන්සලේ සිටි කුකුළු නාම්බෙක් ඉල්ලලා
නුමා Monday, 17 July 2017 10:36 PM
පංසලට යමක් නොදෙන්නේ නම් ඉල්ලලා වැඩක් නැහැ. පසුවදා දානය සඳහා කුකුල් නාම්බෙක් ඉල්ලා සිටියානම් වැඩේ කෙරෙනවා.
pitigala Tuesday, 18 July 2017 01:33 AM
කෙලින්ම බැහැ නොකියා, ප්‍රශ්නේ ඉවර කරන්න හාමුදුරුවන්ට බැරි වුනේ ඇයි? කියන්න ඕන දේ කියන්න ඕන වෙලාවට කියන්න ඕන තැනදී කියන්න බැරි වුණාම ප්‍රශ්න ඇදෙනවා නේද?