(සනත් ගමගේ)
තම දියණියගේ පෙමට හරස් වූ තරුණ මවක් දියණියගේ පෙම්වතා සමඟ පැන යෑමේ පුවතක් වලවේ ගඟ අසබඩ නගරාසන්නයෙන් වාර්තා වේ.
එකම පන්තියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය හා සිසුවා අතර පෙමක් ගොඩනැගී එය ක‍්‍රමයෙන් මෝදුවී සිසුවියගේ නිවසට සිසුවා ගියේ සිසුවියගේ මව්පියන්ගේ ද අකමැත්තක් නොවූ හෙයිනි.
දෙදෙනාම එකට උපකාරක පන්තිවලට පවා සහභාගී වී ඇත. පසුගිය දිනෙක සිසුවිය තම පෙම්වතා එනතෙක් පෙරමඟ බලා සිටියත් එදින පෙම්වතාගේ පැමිණීම සිදු නොවීය. මවත් නිවසේ නොවීය.
පසුව දැනගන්නට ලැබුණේ කිසි විටකත් නොසිතූ සිද්ධියකි. ඇය තම පෙම්වතා තවත් මිතුරියක් සමඟ පෙමකින් බැඳේ දැයි සැකයෙන් සිටියද සිදු වූයේ තමාගේ පෙම්වතා මව විසින්ම පැහැර ගැනීමයි. වයස අවුරුදු 17 ක් තරම් වන සිසුවා සමඟ වයස අවුරුදු 35ක් පමණවන මෙම මව තම ස්වාමිපුරුෂයාත්, දරුවනුත් හැර දමා නිවසේ තිබූ මුදල් ද යහමින් රැගෙන කොළඹ ප‍්‍රදේශයට ගොස් ඇති බව දැනගත් ප‍්‍රදේශවාසීන් කීවේ මේවාට දෙයියෝ සාක්කි දේවි කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් රටේ පනමට පොල් හැටේ කියාලා තමා අපේ සීයා කීවේ.
අම්මා කී දේ නෑසූ දූට හොඳ පාඩම්...
මේවා ලංකාවේ විතරයි බුදුදහමෙන් ලංකාවේ මිනිස්සු හදන්න බැහැ. තව ආගමක් ඉන්දියාවෙන් ආනයනය කරමු.
ඕක මොකක්ද අනේ බලන්නකෝ ප්‍රංශ ජනාධිපතිගෙයි නෝනගෙයි වයස් පරතරය...