(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ පොලිස් ස්ථානයකට අනුබද්ධව පසුගිය දා ග‍්‍රාමීය ප‍්‍රදේශයක ප‍්‍රජා පොලිස් මධ්‍යස්ථානයක් විවෘත කැරිණි.
මෙහිදී ගමේ වැඩි පිරිසක් තම තමන්ගේ ගැටලූවලට විසඳුම් ලබාගත් අතර වියපත් මවක් කලබලයෙන් එහි පැමිණියේ ගෙදර අයටම එරෙහිව පැමිණිල්ලක් කිරීමටය.
මම අමාරුවෙන් හම්බ කර ගත්තු රුපියල් පන්දාහේ කොළයක් ගෙදර අය හොරකම් කරලා කී ඇය ඒ පිළිබඳව වැළපෙන අයුරු දුටු ස්ථානාධිපතිවරයා මේ ගැන සෙවීමට ඇය සමග පොලිස් කොස්තාපල්වරයකු නිවසට යැවීය.
ඕක ගන්න කෙනෙක් මෙහෙ නැහැ. කොහේ හරි දමන්න ඇති. ඔය හැඹිලිය හැම තිස්සෙම ඉනේ ගහගෙන ඉන්නෙ. ඊයෙ නාන්න ගියා. එතන වැටුණද දන්නෙ නෑ.” ලොකු පුතා කීවේ තරමක කෝපයෙනි.
”හැඹිලිය මා ගාව තියෙනවා” කී ඇය එහි ඉතිරි වී ඇති මුදල්ද පෙන්නුවාය.
පොලිස් නිලධාරියා ළිඳ ළඟට ගියේ කිසියම් සැකයකිනි. එහිදී දුටු දර්ශනයෙන් ඔහුට තරු පෙනිණ. ඇය රුපියල් පන් දහසේ කොළයෙන් එතූ සබන් කැටය වතුරත් සමග එහි තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනකොට ඔය අකරතැබ්බ විය හැකි බව අපි කවුරුත් හිතන්න ඕන. අම්මා පොලීසි යනකම් ඉන්නේ නැතිව පුතණ්ඩියා කලින් ගෙදරදී පොඩ්ඩක් හොයලා බැලුවානම් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ.