(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
ජංගම වෙළඳාමේ ගිය චූන් පාන් රථ හිමිකරුවකු මළ ගෙදරක් ඉදිරිපිට දී රථයේ සංගීත නාද රටාව නතර කිරීමේ වරදට උරණ වූ මළ ගෙදර සිටි ඥාති පිරිසක් චූන් පාන් අලෙවිකරුට පහර දීමට තැත් කර බැන වැදීමේ පුවතක් ප‍්‍රදේශය අවට ගම්මානයකින් අසන්නට ලැබේ. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.
මියගිය සාමාජිකයා ගමේ මරණාධාර සමිතියට බැඳී නැත. මේ නිසා සමිතියේ වරප‍්‍රසාද ද නැත. ඒ අනුව උදේ කෑම වේල නිවැසියන්ටම සකසා ගැනීමට සිදු විය. උදේට කෑමට පාන් සුදුසු බවට යෝජනා විය.
උදේ සවස හැම දිනකම නිවස අසලින් චූන් පාන් රථය යන නිසා නිවස ඉදිරිපිට දීම නවතා පාන් ගැනීමට තීරණය කළ නිවැසියෝ සංගීත නාදය ඇසෙන තෙක් පිටු පසට වී සල්ලාපයේ යෙදෙමින් සිටියහ.
මේ අතර චූන් පාන් රථය පැමිණෙන වේලාව පසු වී ඇති බැවින් ඒ ගැන විපරම් කළ ඔවුනට දැන ගන්නට ලැබී ඇත්තේ එය එතැනින් නික්ම ගොස් බොහෝ වේලාවක් ගත වී ඇති බවයි. කෙසේ වෙතත් කෑමට පාන් අවශ්‍ය නිසා එය හඹා ගොස් හෝ පාන් ගැනීමට ඔවුනට සිදු විය.
ඒ අනුව කිලෝ මීටර් තුනක් පමණ දුරට ගොස් එය නවත්වන විටත් පාන් බොහොමයක් විකිධෑ තිබූ නිසා මළ ගෙදරට අවශ්‍ය තරම් පාන් දීමට ද එහි තිබුණේ නැත. පාන් ගැනීමට වෙනත් තැනක්ද නැත. මේ නිසා මළ ගෙදරට පැමිණි දුර ඥාතීන්ට දීමට පාන් ද නැත. ඉන් උරණ වූ පිරිස් මළ ගෙදර ඉදිරිපිටින් සංගීතය නතරකර ගමන් කිරීම වරදක් යැයි පවසා එතැනදී ඔහුට පහර දීමට තැත්කර බැන වැදී ඇත. මිය ගිය අයට ගරු කිරීමක් ලෙසට නිවහන ඉදිරිපිට දී සංගීත නාද රටාව නවතා නිහඬව එම සීමාවෙන් ගමන් ගත් බව හෙතෙම පවසා ඇත.
සිද්ධිය තේරුම් ගත් ඔවුන් ඉතිරි පාන් ටික රැුගෙන ඉන් නික්ම ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ඔය සමිති එන්න කලින් ගම් වල මිනිස්සු කොපමණ සහයෝගයෙන්ද වැඩ කලේ? අද මල ගෙදරකට කෑම ටිකක් දෙන්නත් සමිතියට බැඳුනේ නැත්නම් කවුරුවත් නැහැ. මේකද අපේ දියුණුව? මනුස්සකම ගම් වලිනුත් තුරන්වෙලා.
මේ කතාවේ අවසානය දක්වාම කියෙව්වාම තමයි සිද්ධිය වැටහුනේ.. මේ මල ගෙදර ඉන්නේ කොහොම මිනිසුන්ද කියලා හිතාගන්න අපහසුවක් නැහැ. මරණාධාර සමිති ඇතත්, නැතත් අසල්වැසියෝ මරණයකදී වත් කන්න වේලක් දෙන්නේ නැත්තේ හොඳ කමට නේද?
උදේ සවස හැම දිනකම නිවස අසලින් චූන් පාන් රථය යන නිසා නිවස ඉදිරිපිට දීම නවතා පාන් ගැනීමට තීරණය කළ නිවැසියෝ සංගීත නාදය ඇසෙන තෙක් පිටු පසට වී සල්ලාපයේ යෙදෙමින් ඉන්න ඇති. ඉන් උරණ වූ පිරිස් මළ ගෙදර ඉදිරිපිටින් සංගීතය නතරකර ගමන් කිරීම වරදක් යැයි පවසා එතැනදී ඔහුට පහර දීමට තැත්කර බැන වැදී ඇත. මිය ගිය අයට ගරු කිරීමක් ලෙසට නිවහන ඉදිරිපිට දී සංගීත නාද රටාව නවතා නිහඬව එම සීමාවෙන් ගමන් ගත් බව හෙතෙම පවසා ඇත. මේ අතර චූන් පාන් රථය පැමිණෙන වේලාව පසු වී ඇති බැවින් ඒ ගැන විපරම් කළ ඔවුනට දැන ගන්නට ලැබී ඇත්තේ එය එතැනින් නික්ම ගොස් බොහෝ වේලාවක් ගත වී ඇති බවයි. කෙසේ වෙතත් කෑමට පාන් අවශ්‍ය නිසා එය හඹා ගොස් හෝ පාන් ගැනීමට ඔවුනට සිදු විය. ඒ අනුව කිලෝ මීටර් තුනක් පමණ දුරට ගොස් එය නවත්වන විටත් පාන් බොහොමයක් විකිණී තිබූ නිසා මළ ගෙදරට අවශ්‍ය තරම් පාන් දීමට ද එහි තිබුණේ නැත.
මොනවා කියන්නද..."දෙයියෝ සාක්කි" කියනවා හැරෙන්නට...?
ඔය මල ගෙදරට මොලෙයක් තියන එක්කෙනෙක් වත් ඇවිත් ඉඳලා නැද්ද? මල ගෙවල් ලඟින් යද්දී සංගීතය දාගෙන යන්නේ නැහැ උගත් මිනිස්සු. ඒ මිනිහා යමක් කමක් තේරෙන මිනිහෙක්. හයියෝ මල ගෙදර මිනිස්සු???
සමිති තමයි මේ ගමවල් වනසන්නේ....
උදේ පාන්දර නැගිටලා වාහනේ එලෝගෙන ගෙදරටම පාන් ටික ගෙනල්ල දෙන මිනිසාට ඇයි හිරිහැර කරන්නේ. මල ගෙදරක ඇහෙන්නේ අනිච්චාවත සංඛාරා කියන ධර්ම පදය නේද? නුබලට අනුකම්පාව දයාව ඇති වෙන්නේ කවදද? ඒ මිනිසාගෙන් සමාව අයදින්න. එතනටයි දෙවියන්, බුදුන් වැඩමවන්නේ. මිනිසුනේ පොඩි දේවල් වලට නොසැලී අනුකම්පාව දක්වන්න
මා දකුණේ ඉපදුණත් දැනට ඉන්නෙ ගම්පහ ප්‍රදේශයේ.. මේ සිරිත් නැහැ ගෙදර අයම තම ආහාර සපයා ගත යුතුය. මේ පිළිවෙත් අනුගමනය නොකරන අයත් ඉන්නවා. ෙ