IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බස්රියේ කොන්දොස්තර විරිදුකාරයාටත් සෙකන්ඩ්වෙලා

(තිහගොඩ - උපසේන ලියනගම)

නගරයේ සිට ගමට කෙටි ධාවනයේ යෙදෙන බස් රථයකි. නගරයේදී බසයට නැග ගත් විරිදු රබන්කරුවකු “සම්මා සම්බුදු සරණයි මෙතන ඉන්න හැම දෙනාට - බඩගින්දර නිමා ගන්න මමත් නැග්ගෙ බස් රතේට” කියමින් රබාන හඬවා ඉදිරියට යද්දී දුටුවේ කොන්දොස්තර හා මගියකු අතර වූ අරගලයකි.

අරගලයට හේතුවී තිබුණේ මගියා රුපියල් විසි අටක ගාස්තුවට රුපියල් දාහේ නෝට්ටුවක් දිගු කළද ඔහු ළඟ මාරු කාසි නොවීමයි.

දෙදෙනා අතර අරගලය උත්සන්නවූ මොහොතේ විරිදුකරු “කොන්දොස්තර තුමා මොකෝ උදේම දහ අට වන්නම් දාහක් නෙවි පන්දාහක් වුණත් මාරු කර දෙන්නම්” කියා රබාන හඬවා ඔලගුවේ වූ මාරුකාසි රබානට හලා මාරු කාසි දී ඒ වෙනුවට දාහේ කොළය මගියාගෙන් ගත්තේය.

කොන්දොස්තර මවිතයට පත්ව මගියා සමඟ ගනුදෙනුව නිම කරන අතරේ සෙසු මගීන්ට විරිදු ගායනා කොට මුදලක් රැස්කර ගත් ඔහු බසයෙන් බැස්සේ යළි රබාන හඬවා මෙසේ කියමිනි.

“රිංගාගෙන සෙනඟ අරන් දිව්වත් මහ සෝබනේට - දැං බැලුවම මම පෝසත් වැඩියෙන් බස් මුදලාලිට”

 



අදහස් (2)

බස්රියේ කොන්දොස්තර විරිදුකාරයාටත් සෙකන්ඩ්වෙලා

janahitha Tuesday, 08 August 2017 02:38 AM

ඔය දෙන්නම කරන්නේ රස්සාවනේ. එක්කෙනෙක් ස්වෝත්සාහයෙන් විරිදු කියල හොයනවා, අනෙක් කෙනා සල්ලි ආයෝජනය කරලා සල්ලි හොයනවා. සමහර වෙලාවට ඔය බස් එක විරිදූ කාරයගේම බස් එක වෙන්න පුළුවන් ඕක.

:       181       5

25 Wednesday, 09 August 2017 10:34 AM

මේක නම් බොරුවක්ද මන්දා....

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site