(තිහගොඩ - උපසේන ලියනගම)
නගරයේ සිට ගමට කෙටි ධාවනයේ යෙදෙන බස් රථයකි. නගරයේදී බසයට නැග ගත් විරිදු රබන්කරුවකු “සම්මා සම්බුදු සරණයි මෙතන ඉන්න හැම දෙනාට - බඩගින්දර නිමා ගන්න මමත් නැග්ගෙ බස් රතේට” කියමින් රබාන හඬවා ඉදිරියට යද්දී දුටුවේ කොන්දොස්තර හා මගියකු අතර වූ අරගලයකි.
අරගලයට හේතුවී තිබුණේ මගියා රුපියල් විසි අටක ගාස්තුවට රුපියල් දාහේ නෝට්ටුවක් දිගු කළද ඔහු ළඟ මාරු කාසි නොවීමයි.
දෙදෙනා අතර අරගලය උත්සන්නවූ මොහොතේ විරිදුකරු “කොන්දොස්තර තුමා මොකෝ උදේම දහ අට වන්නම් දාහක් නෙවි පන්දාහක් වුණත් මාරු කර දෙන්නම්” කියා රබාන හඬවා ඔලගුවේ වූ මාරුකාසි රබානට හලා මාරු කාසි දී ඒ වෙනුවට දාහේ කොළය මගියාගෙන් ගත්තේය.
කොන්දොස්තර මවිතයට පත්ව මගියා සමඟ ගනුදෙනුව නිම කරන අතරේ සෙසු මගීන්ට විරිදු ගායනා කොට මුදලක් රැස්කර ගත් ඔහු බසයෙන් බැස්සේ යළි රබාන හඬවා මෙසේ කියමිනි.
“රිංගාගෙන සෙනඟ අරන් දිව්වත් මහ සෝබනේට - දැං බැලුවම මම පෝසත් වැඩියෙන් බස් මුදලාලිට”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙන්නම කරන්නේ රස්සාවනේ. එක්කෙනෙක් ස්වෝත්සාහයෙන් විරිදු කියල හොයනවා, අනෙක් කෙනා සල්ලි ආයෝජනය කරලා සල්ලි හොයනවා. සමහර වෙලාවට ඔය බස් එක විරිදූ කාරයගේම බස් එක වෙන්න පුළුවන් ඕක.
මේක නම් බොරුවක්ද මන්දා....