සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී
2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ 75,000කට අධික පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් සියයට 57ක් ම කාන්තාවෝ වෙති. රසායනික චිකිත්සා ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් ගැලවී යාම මේ කාන්තාවන් මුහුණ දෙන එක් අභියෝගාත්මක අත්දැකීමකි. මේ තත්ත්වය හේතුවෙන් පීඩා විඳින කාන්තාවන්ගේ මානසික කම්පනය අවබෝධ කර ගනිමින් සහ හිසකෙස් අහිමි වීම හා සම්බන්ධ සමාජ දුර්මත බිඳ දැමීමට සහය වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් කුමාරිකා, “සොඳුරු දිරියවන්ති” වැඩසටහන ආ