IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


​2024 වේගයෙන්ම වර්ධනය වූ ජීවිත රක්ෂණ සමාගම LOLC ලයිෆ්

රුපියල් බිලියන 8 ඉක්මවූ දළ රක්ෂණ වාරික ආදායමක්
සියයට 46 ක් ලෙස ක්ෂේත්‍රයේ ඉහළම වර්ධන වේගයක්


LOLC ලයිෆ් ඇෂුවරන්ස් 2024 වසරේදී වාර්තාගත සන්ධිස්ථානයක් කරා ළඟාවෙමින්, රුපියල් බිලියන 8 ඉක්මවූ දළ රක්ෂණ වාරික (GWP), සහ සියයට 46 ක් ලෙස ක්ෂේත්‍රයේ ඉහළම වර්ධන වේගය අත්කර ගෙන තිබේ. 

මෙම සාර්ථකත්වයෙන් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක්, අඛණ්ඩ නවෝත්පාදනය සහ විශේෂිත අවදානම් කළමනාකරණ විසඳුම් ලබා දීම සඳහා වූ සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. රුපියල් මිලියන සියය දක්වා ලොව පුරා වෛද්‍ය ආවරණයක් ලබාදෙන හෙල්ත් මැක්ස් (Health Maxx) පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ සැලැස්ම මෑතකදී හඳුන්වාදීමත් සමඟ රක්ෂණ කර්මාන්තයේ පෙරගමන්කරුවකු ලෙස LOLC ලයිෆ් ඇෂුවරන්ස්හි ස්ථාවරය තවදුරටත් ශක්තිමත් වී තිබේ. එහි පුළුල් ජීවිත රක්ෂණ ආවරණයට අමතරව, උසස් ඩිජිටල් තාක්ෂණය සඳහා සිදුකළ කැපී පෙනෙන ආයෝජන මගින්, ක්‍රියාවලි විධිමත් කිරීමට මෙන්ම අවම ලිපි ලේඛන සහිතව කරදරයකින් තොරව හිමිකම් සේවා ලබා දීමට හැකි වී තිබේ. මෙම වැඩිදියුණු කිරීම් මගින් පාරිභෝගික පහසුව ඉහළ නංවන අතරම නවෝත්පාදනයේ පුරෝගාමියකු ලෙස සමාගමේ තරඟකාරීත්ව වාසිය සවිමත් කර ඇත.

මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ LOLC ලයිෆ් ඇෂුවරන්ස් හි අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී නදිකා ඕපාත මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘වේගවත්ම වර්ධනයක් ලද ජීවිත රක්ෂණ සමාගම ලෙස ක්ෂේත්‍රයේ අපගේ ප්‍රමුඛත්වය පැහැදිලිව තහවුරු කරමින් 2024 වසරේදී LOLC ලයිෆ් ඇෂුවරන්ස් අත්පත් කරගත් කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය අප සාඩම්බරයට පත්කරයි. දශකයක් තරම්වූ කෙටි ගමන් මගක් තුළ දළ රක්ෂණ වාරික රුපියල් බිලියන 8 ඉක්මවා යාම, සමාගම අත්පත්කරගත් විශිෂ්ට ජයග්‍රහණයකි. අප කණ්ඩායමේ කැපවීම සහ දැඩි උත්සාහය මෙන්ම, අපගේ වටිනා පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය සහ සහයෝගයෙන් තොරව මෙවන් සාර්ථකත්වයක් අත්කරගැනීමට නොහැකි වනු ඇත.”‍ 

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ LOLC ලයිෆ් ඇෂුවරන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජයන්ත කාලිංග මහතා මෙසේ පැවසීය. “මෙවන් සන්ධිස්ථානයක් කරා ළඟා වීමට අපගේ සුවිශේෂී අලෙවි සහ මෙහෙයුම් කණ්ඩායම් දැරූ නොපසුබට උත්සාහය සහ කැපවීමට මම අතිශයින් කෘතඥ වෙමි. ඔවුන්ගේ උත්සාහයෙන් අපට 2024 වසරේදී සාර්ථකත්වයක් ගොඩනැගීමට හැකිවී තිබේ. අපගේ ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ ජීවිත රක්ෂණ විසඳුම් අඛණ්ඩව ලබාදෙමින් ඉදිරි වසරවලදීත් මීටත් වඩා දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාසයෙන් පසුවෙමු.

LOLC හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC ලයිෆ් ඇෂුවරන්ස් දැන් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය ලබන ජීවිත රක්ෂණ සමාගම බවට පත්ව තිබේ. 2011 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම ඓතිහාසික සන්ධිස්ථාන කිහිපයක් කරා ළඟාවෙමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරයට පත් රක්ෂණ සමාගමක් ලෙස LMD පාඨකයන්ගේ පිළිගැනීමටද ලක්විය. හොඳම පාරිභෝගික-නැඹුරුවක් සහිත සමාගම ලෙස 2023 වසරේදී සම්මානයට පාත්‍රවූ LOLC ලයිෆ් ඇෂුවරන්ස්, 2024 වසරේ තායිලන්තයේ පැවති පස්වැනි නැගී එන ආසියානු රක්ෂණ සම්මාන ප්‍රදානයේදී, හොඳම ජීවිත රක්ෂණ සමාගම සහ හොඳම අවදානම් කළමනාකරණ උපාය මාර්ග කාණ්ඩ යටතේ සම්මාන ජයග්‍රහණය කරමින් කර්මාන්තයේ සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරලීමට සමත් විය. ජීවිත රක්ෂණ සැලසුම්, විශ්‍රාම සැලසුම්, ළමා අධ්‍යාපන සැලසුම්, බරපතළ රෝග සැලසුම්, කණ්ඩායම් සඳහාවූ රක්ෂණ සැලසුම්, ආයෝජන සැලසුම් සහ උකස් ආරක්ෂණ රක්ෂණ සැලසුම් ඇතුළු විවිධාංගික රක්ෂණ සැලසුම් සමඟින්, LOLC ලයිෆ් ඇෂුවරන්ස් සමාගම, පුද්ගයන්ගේ සහ පවුල්වලට ජීවිතයේ අනපේක්ෂිත අභියෝග ජයගැනීම උදෙසා සකස් කළ විසඳුම් ලබා දීමට කැපවී සිටී.



අදහස් (0)

​2024 වේගයෙන්ම වර්ධනය වූ ජීවිත රක්ෂණ සමාගම LOLC ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site