IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කුරුදු කර්මාන්තයට වැදුණු මරු පහර

කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත

  • කුරුඳු වගාව කෙතරම් ව්‍යාප්ත කළත් අස්වැන්න නෙළන්න ශ්‍රමිකයන් නැතිනම් වැඩක් නෑ
  • ගාලු‍ දිසාවේම කුරුඳු කර්මාන්තය අද ඇත්තේ නරක තැනක
  • පාඩු ලබන කර්මාන්තයක් නම් නොවේ
  • නිවසේ සිටම කළ හැකි කර්මාන්තයක්
  • ඇතැම් තරුණ කොටස් කුරුඳු ඉඩම් උකසට තියලා විදෙස් රැකියා සොයන්න මහන්සි වෙනවා
  • තමන්ගේ කුරුඳු ඉඩම හොඳට නඩත්තු කරලා අස්වැන්න නෙළාගන්නව නම් විදෙස් රටවල්වලට යන්න ඕන නැහැ
  • කාන්තාවන් පුරුදු පුහුණු කරන්න කියලා රජයට යෝජනා කරන්න කැමැතියි

තරුණ පරම්පරාව කුරුඳු කර්මාන්තයට යොමු නොවීම ගාලු‍ දිසාවේම කුරුඳු කර්මාන්තයට වැදී ඇති මරු පහරක් බව කුරුඳු ඉඩම් හිමියෝ කියති. තමන් කෙතරම් කුරුඳු වගාව ව්‍යාප්ත කළත් කුරුඳු අස්වැන්න නෙළා ගැනීමට ශ්‍රමිකයන් නැතිනම් කරුඳු කර්මාන්තයෙන් වැඩක් නැති බවද ඔවුහු පෙන්වා දෙති. තරුණ පරපුර කුරුඳු කර්මාන්තයට නොඒමට හේතු වී ඇති කරුණු කාරණා රැසක්ම තිබෙන බව ඒ පිළිබඳ දත් අය කියති.
එදා සිට මෑතක් වනතුරුම අපේ රටේ කුරුඳු කර්මාන්තය පවත්වාගෙන ගියේ අප්පගෙන් පුතාය. නැතහොත් පරම්පරාවෙන් පරම්පරාවය. එහෙත් අද එයට කණකොකා හඬා ඇති බව නොකියාම බැරිය. මේ නිසාම ගාලු‍ දිසාවේම කුරුඳු කර්මාන්තය අද ඇත්තේ නරක තැනක බව ප්‍රදේශවාසීහු කියති.
කුරුඳු කර්මාන්තය පාඩු ලබන කර්මාන්තයක් නම් නොවේ. සිය ඉඩමේ කුරුඳු අස්වැන්න තමාටම නෙළා ගැනීමට හැකි නම් එය ඉතාම ලාභදායී කර්මාන්තයකි. හොඳ රැකියාවකි. කුලියට කුරුඳු අස්වැන්න නෙළුවද එය පාඩු ලබන රැකියාවක් නොවන බව නම් බය නැතිවම කිව හැකිය. එයට ද හේතු කිහිපයකි. ඉන් එකක් නිවසේ සිටම කළ හැකි කර්මාන්තයක් වීමය. අනෙක කුරුඳු අස්වැන්න නෙළීමේ ක්‍රමවේදයේදී කුරුඳු ඉඩම් හිමියා සහ අස්වැන්න නෙළන්නාට හොඳ ආදායමක් ලැබීමය. ඒත් ප්‍රශ්නය නම් දැනට ඉතුරු වී ඇති කුරුඳු ඉඩම්වල කුරුඳු අස්වැන්න නෙළා ගැනීමට අවශ්‍ය ශ්‍රමිකයන් උත්පාදනය කිරීමය.
නව පරපුර කුරුඳු කර්මාන්තයට අනුගත නොවීම සම්බන්ධයෙන් කුරුඳු කර්මාන්තය හා බැඳුණු ගාලු‍ දිසාවේම පාර්ශ්ව කිහිපයක් අප සමග අදහස් දැක්වූහ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා:-
 “කරන්දෙණියත් කුරුඳුත් අතර තියෙන්නේ ලොකු සම්බන්ධතාවක්. කරන්දෙණිය කිව්වාම ඕනෑම කෙනකුට මතක් වෙන්නේ කුරුඳු. ලංකාවේ හොඳම කුරුඳුවලට ප්‍රසිද්ධත් කරන්දෙණියයි. ඒ වගේම තමයි ලංකාවේ ඕනෑම තැනක කුරුඳු අස්වැන්න නෙළන්න ගියේ කරන්දෙණියේ දක්ෂ පළපුරුදු කුරුඳු කාර්මිකයන්. කුරුඳු කර්මාන්තයේ පාසල විදිහටත් බොහෝ අය කරන්දෙණිය හැඳින්වූවා. ඒ කාලේ ඕනෑ තරම් කරන්දෙණියේ කුරුඳු කාර්මිකයන් සිටියා. තාත්තගෙන් පුතාට තමයි මේ කර්මාන්තය ගියේ. එහෙත් අද තත්වය ඉතාම නරක අතට හැරෙමින් තියෙනවා. කරන්දෙණියේ තරුණ පරම්පරාව කුරුඳු කර්මාන්තය හැර යාමට පටන්ගෙන තියෙනවා. මේක නොවිය යුත්තක්.
අපි කියන්නේ නැහැ කුරුඳු තළන ශිල්පියාගේ පුතාත් ඒ රස්සාවම කරන්න ඕන කියලා. කුරුඳු තලන කෙනාගේ පුතා දොස්තර, ඉංජිනේරු කෙනෙක් වෙන එක වරදක් නැහැ. එහෙත් සමහර තරුණ කොටස් ඉගෙනීමවත් හරි හැටි කරගන්නේ නැතිව වෙනත් වැඩවලට ගිහිල්ලා තරුණ කාලයේම ජීවිතය විනාශ කර ගන්නවා. ඒක බොහෝම නරක විදිහට අපේ ප්‍රදේශවල තියෙනවා. ඒ පිරිසට කුරුඳු කර්මාන්තයේ ඇති වටිනාකම පිළිබඳව කියලා දෙන්න කෙනෙක් නැහැ. කුරුඳු කාර්මිකයාගේ නිවසෙනුත් තමන්ගේ දරුවට ඒ සම්බන්ධයෙන් කියලා දීමක් නැහැ. තමන්ගේ දරුවා ඒ වෙත නැඹුරු කර ගැනීමක් නැහැ. අන්තිමේදී වෙන්නේ නොමග ගිය දරුවා යහමගට ගන්න කියලා තමන්ගේ කුරුඳු වතුපිටින් විකුණලා නන්නත්තාර වෙන එකයි.
ඇතැම් තරුණ කොටස් තමන්ගේ කුරුඳු ඉඩම් ටික සංවර්ධනය නොකර ඒකෙන් ආදායමක් ලබා නොගෙන කුරුඳු ඉඩම් උකසට තියලා විදෙස් රැකියා සොයාගන්න මහන්සි වෙනවා. එතනදී ඔවුන් හොර ඒජන්සිකාරයන්ට අහුවෙලා තමන්ගේ කුරුඳු ඉඩම් විතරක් නෙමෙයි ජීවිත පවා විනාශ කර ගන්නවා. මේ තරුණ පරපුර තමන්ගේ කුරුඳු ඉඩම හොඳට නඩත්තු කරලා තමන්ම එහි අස්වැන්න නෙළාගන්නව නම් විදෙස් රටවල්වලට යන්න ඕන නැහැ. ගෙදර ඉඳගෙනම රට ගිහිල්ලා හම්බකරන මුදල මෙන් දෙගුණයක්ම හම්බ කරගන්න පුළුවන්. අපේ රටේ තමයි මේ දේශීය කර්මාන්තයට මෙහෙම කලක් ගිහිල්ලා තියෙන්නේ.”
පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න මහතා:-
“ඇත්තටම කුරුඳු තලන්න තරුණයෝ එනවා බොහෝම අඩුයි. ගාලු‍ දිසාවේ රැකියා නැති මොන තරම් තරුණයන් ඉන්නවද? ඒත් ඒ අය නිකමටවත් මේ කර්මාන්තය දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඒ අය ඉන්නේ සිහින ලෝකෙක. ඒ අය හිතන්නේ කුරුඳු තළන එක පහත් රස්සාවක් කියලා. සමාජයේ කොන්වූ රැකියාවක් කියලා. එහෙමයි ඒ අයගේ මනස හුරුවෙලා තියෙන්නේ. ඒ අය රස්සාව මනින්නේ ඇඳුම පැළඳුමෙන්. සමාජ වටපිටාව සැලකිල්ලට ගනිමින්. ඒකයි මේකට ප්‍රධාන හේතුව. ගාලු‍ දිසාවේම රැකියා විරහිත කුරුඳු කර්මාන්තයට ආශාවක් තියෙන තරුණ කොටස් තෝරගෙන ඔවුන් ඒ සඳහා යොදවා ගත්තොත් කුරුඳු කාර්මිකයන්ගේ හිඟයට හොඳ පිළියමක් වේවි. එහෙම නොවුණොත් අපිට වෙන්නේ අපේ කුරුඳු තළන්න අසල්වැසි රටකින් ශ්‍රමිකයන් ගෙන්වන්න. අපේ වතු වැඩවලට ඉන්දියාවෙන් ගෙන්නුවා වගේ.
නව රජයවත් මේ පිළිබඳව අවධානය යොමු කළොත් හොඳයි කියලා අපි හිතනවා. කුරුඳු කර්මාන්තය කියන්නේ රටටම ඩොලර් එන කර්මාන්තයක්නේ. රට දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. එහෙව් එකේ මේ කර්මාන්ත රැක ගැනීම රජයේ වගකීමක් සහ වගවීමක්. දැන් නව රජය ඒ සඳහා පියවර ගත යුතුමයි.”
පියල් ගාමිණී මහතා:-
“අපේ රටේ විතරක් නෙමෙයි ඕනෑම රටක කර්මාන්තයක අනාගතය රැඳී පැවතිලා තියෙන්නේ ඒ රටේ අනාගත පරපුර අතේ. ඒ කියන්නේ තරුණ පරපුර අතේ. ඒ කර්මාන්තයට තරුණ පරපුර අත නොගැසුවොත් එයට ඉදිරියට යා නොහැකියි. ඒ නිසා අපේ කුරුඳු කර්මාන්තයත් රටේ තරුණ පරපුරට දායාද කරන්න ඕන. කුරුඳු කාර්මිකයා කියන්නේ බුලත් විටක් කාගෙන රෙද්ද බැනියම ඇඳිය යුතු කෙනෙක් කියලා මෙතෙක් කලක් ගසා තිබූ ලේබලය නැති කරලා දාන්න ඕන. කුරුඳු කර්මාන්තය සඳහා එදා තිබුණු ආයුධ කට්ටලයත් නවීකරණය කිරීමත් එයට හොඳ තල්ලුවක්. ඒ වගේම නවීන ක්‍රමයට කුරුඳු තැලීමේ ක්‍රම තරුණ පරපුරට උගන්වන්න ඕන. නවීන තාක්ෂණයට කුරුඳු තැළීම කියා දෙන කුරුඳු තැලීමේ ම්‍යස්ථාන ස්ථාපිත කරන්න ඕන. දැන් ඒ සඳහා අවශ්‍යම කාලය මේක. නැත්නම් කුරුඳු තලන්න රොබෝවරුන් හදන්න වේවි.”
එච්.ඩී.එල්. මල්ලිකා මහත්මිය:-
“තරුණ පරපුර කුරුඳු තළන්න එන්නේ නැත්නම් කාන්තාවන් වන අපිට එය කරන්න පුළුවන්. දැනටත් කරන්දෙණිය හා ඒ අවට කාන්තාවන් රැසක්ම කුරුඳු තැළීමේ කාර්යයේ නිරත වී සිටිනවා. අද කාන්තාවන්ටත් බැරි දෙයක් නැහැ. මේ කුරුඳු තැළීමේ කර්මාන්තය කාන්තාවන් අතර ජනප්‍රිය කළොත් මේ කර්මාන්තය ගොඩ දාගන්න පුළුවන්. අපිට නිවසේ ඉඳලාම කුරුඳු තළන්න පුළුවන්. තරුණයන් එන්නේ නැත්නම් මේ කර්මාන්තයට තරුණියන් පුරුදු කරන්න. දැනටත් මම කුරුඳු තළනවා. දැන් මට ඕනෑම අයෙක් සමග කරට කර කුරුඳු තළන්න පුළුවන්. ඒ වගේ අනෙක් කාන්තාවනුත් පෙරට ආවොත් කුරුඳු කර්මාන්තයට ශ්‍රමිකයන් නැතිවෙන්නේ නැහැ.
අපේ ගම්වල ඉන්නවද කොච්චරවත් රස්සා නැති කතුන්. ඒ අයව මේ ක්ෂේත්‍රයට ගන්න ඕන. ඒ සඳහා ඔවුනගේ මොළ හදන්න ඕන. මේ කුරුඳු කර්මාන්තය හොඳ කර්මාන්තයක්. හොඳ ආදායමක් ලබන්න පුළුවන් එකක්. නිවසේ ඉඳලම හොඳ ආදායමක් ගන්න පුළුවන් කර්මාන්තයක්. කුරුඳු කපන එක කුරුඳු තළන එක පිරිමින් මෙතෙක් කලක් ආක්‍රමණය කරගෙන හිටියත් අපිටත් පුළුවන් අපේ ශක්තිය පෙන්වන්න. ඒ සඳහා කාන්තාවන් පුරුදු පුහුණු කරන්න කියලා මම රජයට යෝජනා කරන්න කැමැතියි.”



අදහස් (0)

කුරුදු කර්මාන්තයට වැදුණු මරු පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 35 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 63 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 87 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 19 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 23 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 21 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 822 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1254 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site