IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මෙල්වා සමාගම ලෝක කාන්තා දිනය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් ලෝක කාන්තා දිනය පසුගියදා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී. ආයතනයේ සේවයේ නිරත වන කාන්තාවන්ට ත්‍යාග පිරිනමමින් ඔවුන් මෙල්වා ආයතනයේ අභිවෘද්ධියට දක්වන දායකත්වය අගය කිරීම එහිදී සිදු විය. 

මෙල්වා සමාගම සිය මෙහෙයුම් හා නිෂ්පාදන ක්‍රියාවලියේදී කාන්තාවන් දක්වන දායකත්වය සෑම විටම අගය කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විශේෂයෙන් මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට කාන්තාවන් දක්වන දායකත්වය පිළිබඳව මෙල්වා සමාගමට සෑම විටම ඇත්තේ ගෞරවණීය හැඟීමකි. මෙවර කාන්තා දින උත්සවය උත්කර්ෂවත් ලෙස සමරමින් මෙල්වා සමාගම අවධාරණය කර සිටියේ පවුලේ මෙන්ම රටේ ආර්ථිකයේද ජීවනාලිය කාන්තාවන් බවයි. 

සිය ආයතනික සමාජ වගකීම මනාව අවබෝධ කර ගනිමින් විවිධ සමාජ සුබසාධන වැඩසටහන් දියත් කරන මෙල්වා සමාගම සිය සේවක සේවිකාවන්ගේ දරුවන්ට නව වසරක් ආරම්භයේදී පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙයි. මෙල්වා සමාගම සිය සේවක සේවිකාවන්ගේ පමණක් නොව රට පුරා ජීවත් වන විවිධ ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කරයි. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ. පසුගිය වසර දහයක කාලය තුළ එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ සිසුන් සංඛ්‍යාව 3,000කට අධික වේ. මෙල්වා සමාගම අනුග්‍රහය දක්වන අනෙකුත් ව්‍යාපෘති අතර පරිසර සංරක්ෂණය සහ නගර අලංකරණය ප්‍රධාන තැනක් ගනී. 



අදහස් (0)

මෙල්වා සමාගම ලෝක කාන්තා දිනය අභිමානවත්ව සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site