IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


Omega Line 25 වසරක විශිෂ්ටත්වය සමරයි

යුරෝපා වෙළෙඳපොළට ඇඟලුම් නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛතම ශ්‍රී ලාංකික සමාගමක් වන සීමා සහිත ඔමෙගා ලයින් සමාගම (Omega Line Ltd.) මෙරට ආර්ථිකයට දක්වන සිය විශිෂ්ට දායකත්වයේ 25 වැනි සංවත්සරය පසුගිය දා සැමරීය.
කාන්තා යට ඇඳුම් සහ වෙරළ ඇඳුම් වැනි විලාසිතා මාදිලියේ ඇඟලුම් ඒකක මිලියන 90කට අධික ගණනක් මේ වන විට එම වෙළෙඳපොළට සපයන ඔමෙගා ලයින් සමාගම 1999 වසරේදී තම ආරම්භය සනිටුහන් කරනු ලැබූයේ සඳලංකාවේ පළමු ඇඟලුම් කම්හල විවෘත කිරීමෙනි. එහි පමණක් මේ වන විට සේවක සේවිකාවෝ 4,500කට වැඩි පිරිසක් සේවයෙහි යෙදී සිටිති. වවුනියාවේ පිහිටි සේවක සේවිකාවන් 2,900කගෙන් සමන්විත ඇඟලුම් කම්හල සමස්ත උතුරු පළාතෙහි විශාලතම ආයෝජනයයි.
ඉතාලියේ වෙරෝනා හි පිහිටි Oniverse Holdings (පෙර Calzedoniaයනුවෙන් හැඳින්වූ) ව්‍යාපාර සමූහයෙහි පූර්ණ ආයෝජනයක් ලෙසින් සහ එහි සභාපති Dott. Sandro Veronesi ගේ අදහසක් අනුව ඔමෙගා ලයින් සමාගම බිහි විය. උප කොන්ත්‍රාත්කරුවන් සමඟ එක්ව නිෂ්පාදනය කරන පිජාමා, රාත්‍රී ඇඟලුම් සහ ටී-ෂර්ට්ස් ද එහි නිෂ්පාදනවලට ඇතුළත් වන අතර, ඔමෙගා ලයින් හි සුප්‍රසිද්ධ සන්නාම අතරටCalzedonia, Intimisimi, Tezenis, සහ Falconeri ද අයත් වේ. පසුගිය වසරේදී මෙම ව්‍යාපාර සමූහය සමස්ත ඇඟලුම් ඒකක මිලියන 200කට අධික ගණනක් අපනයනය කළේය.
Oniverse Holdings හි සභාපති Dott. Sandro Veronesi අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“අපගේ 25 වැනි සංවත්සරය ඇතුළු අනෙකුත් ඉතා වැදගත් සංධිස්ථාන සැමරීමට ලැබීම ගැන ඉතා සතුටු වෙනවා. 1999 දී ආරම්භ කළ සේවක සේවිකාවන් 30 දෙනකුගෙන් යුත් අපගේ පළමු කම්හල මේ වන විට සමස්ත කම්හල් හතක් සහ සේවක සේවිකාවන් 15,000කට අධික පිරිසක් දක්වා වර්ධනය කර නොයෙකුත් නිෂ්පාදන නිම වීමට හැකිව තිබෙනවා. මෙම වර්ධනයෙන් පෙන්නුම් කෙරෙන්නේ අපගේ නිෂ්පාදන හැකියා මෙන්ම ව්‍යාප්තිය, විවිධාංගිකරණය සහ භූගෝලීය සීමා අත්පත් කරගැනීම වෙනුවෙන් වන අපගේ කැපවීමයි.”


“ත්‍රස්තවාදී යුද්ධය උත්සන්නව පැවැති කාලයකදී මෙරට ආයෝජනයට පිවිසි අපට මෙම ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකි වුණේ හිටපු සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ Vincenzo Joppoloමෙන්ම ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු, කපිල වන්නිආරච්චි, Bruna Carelle සහ සමස්ත ශ්‍රී ලාංකික කණ්ඩායමේ උත්සාහ නිසායි. තවත් කම්හලක් විවෘත කරමින් මේ වසරේදී අප තවදුරටත් Benji Ltd. ව්‍යාප්ත කරනවා.”
තම ආයතනයේ විශිෂ්ටත්වයට ප්‍රධාන සාධක වන්නේ නොසැලෙන විශ්වාසය සහ සේවක මඬුල්ල සමඟ ඇති බැඳීම බව කියා සිටින ඔමෙගා ලයින් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරි සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු, යුරෝපා රටවල් කිහිපයක 1999 දී සිල්ලර අලෙවිසල් 300කින් ක්‍රියාත්මක වූ ජාලය මේ වන විට රටවල් 55කට අධික සංඛ්‍යාවක පිහිටි සිල්ලර අලෙවිසල් 5,700කටත් වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති බව පෙන්වා දෙයි.
“ශ්‍රී ලංකාවේ තම ක්‍රියාකාරිත්වය කෙරෙහි Oniverse සමාගම තබා ඇති විශ්වාසයට හොඳම උදාහරණය වන්නේ එය අලෙවි කරන ඇඟලුම්වලින් සියයට 75කට අධික ප්‍රමාණයක් මෙරටෙහි නිෂ්පාදනය වීමයි.”



අදහස් (0)

Omega Line 25 වසරක විශිෂ්ටත්වය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site