සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට උත්සව සමය කලින් උදාවී ඇත.
පෙබරවාරි 15 වැනි දා සිට කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා එක් ගනුදෙනුකරුවකුට සෑම දිනකම රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබයි. එම ජයග්‍රහණ මාලාව 2025 අප්‍රේල් 15 වනතුරු ක්‍රියාත්මක වන අතර දෙසතියකට වරක් පවත්වන දිනුම් ඇදීමෙන් රුපියල් මිලියන තුනක් දක්වා මුදලින් ත්‍යාග ලබාදෙන බව බැංකුව පවසයි.
මුදල් ප්‍රේෂණ වල වටිනාකම නොතකා RemitPlus හරහා මුදල් ලබාගන්නා සියලුම ගැනුම්කරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබන අතර ජයග්‍රාහකයන්ගේ නම් බැංකුවේ සමාජ මාධ්‍ය නාලිකා හා RemitPlus යෙදවුම හරහා ප්‍රකාශයට පත් කරන බවද බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ RemitPlus යෙදවුම නවීන, වියදම් අඩු, තත්‍ය කාලීන, මාර්ගගත, ප්‍රේෂණ සේවාවකි. එමඟින් විදේශගත වූ ශ්‍රී ලාංකිකයන්ට ලොව පුරා බොහෝ රටවල්වලින් ක්ෂණිකව මුදල් යැවීමට හැකියාව ලැබේ. රටවල් 130කටත් වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සැදුම් ලත් ජාලයක් හරහා කොමර්ෂල් බැංකුවේ RemitPlus සේවාව මගින් මුදල් ලබාගන්නන්ගේ කොමර්ෂල් බැංකු ගිණුම් වෙත දවසේ ඕනෑම වේලාවක හා වසරේ ඕනෑම දිනක ප්‍රේෂණ මුදල් ක්ෂණිකව බැර කෙරේ.
ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව ප්‍රේෂණ සම්බන්ධයෙන් ඔවුනට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් RemitPlus ජංගම යෙදුමක් ද හඳුන්වා දී ඇත. ්App Store fyda Google play store හරහා ඕනෑම කෙනකුට RemitPlus ජංගම යෙදවුම බාගත කරගෙන, සම්බන්ධ වීමේ ගාස්තුවක් හෝ වාර්ෂික ගාස්තුවක් හෝ නොමැතිව භාවිත කළ හැක.
කොමර්ෂල් බැංකුවෙ විදේශ මුදල් ප්‍රේෂණ ගිණුමක් විවෘත කිරීමටත් විදේශ මුදල් ප්‍රේෂණ කාඞ්පතක් නොමිලේ ලබා ලබාගැනීමටත් නිත්‍ය විදේශ මුදල් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් සුදුසුකම් ලබයි. ප්‍රේෂණ ගිණුමට බැරවී ඇති මුදල් ලබා ගැනීමට කාඞ්පත හරහා ප්‍රවේශ විය හැකිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොමර්ෂල් RemitPlus ගනුදෙනුකරුවන්ට මුදලින් රුපියල් මිලියන තුනක්