කජු මිල පහත වැටීමෙන් වනාතවිල්ලුවේ කජු කර්මාන්තය අර්බුදයක වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් ඒවා අලෙවි කරගැනීමට නොහැකිව තමන් දැඩි අර්බුදයකට පත්ව සිටින බව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ පවසති 16 August 2019
සූර්ය පැනල නිෂ්පාදනයට පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහනක් සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 08 August 2019
ඉහළ වටිනාකමක් ඇති නිල් ආරුනූල් මාණික්‍ය මහජන ප්‍රදර්ශනයට ලොව වැඩිම වාණිජ වටිනාකමකින් සමන්විත බව කියන නිල් ආරුනූල් මාණික්‍යය මහනුවර, පේරාදෙණිය පාරේ අංක 676 පිහිටි ස්ථානයේ මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 08 August 2019
අපනයන ගම්මාන 5000 ක් ඉදිකිරීමට යයි විදේශ වෙළඳපොළ ඉලක්ක කර රට තුළ අපනයන ගම්මාන 5000 ක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය. 08 August 2019
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් තැන්පතු පොළියේ වෙනසක් නෑ වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන 15%ක ස්ථාවර තැන්පතු පොලී අනුපාතයේ කිසිදු වෙනසක් කර නැතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 05 August 2019
හම්බන්තොට වරායට ස්විට්සර්ලන්තයෙන් තත්ත්ව සහතිකයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි තත්ත්ව සහතිකකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය, සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතියක් සහිත ශ්‍රී ලංකාවේ පළමු වරාය ලෙස හඳුනාගෙන ඇත. 01 August 2019
පොල් මිල පහත වැටීමෙන් වගාකරුවන් අර්බුදයක මාස කිහිපයක සිට පොල් මිල පහත වැටීමෙන් තමන් අර්බුදයකට ලක්ව සිටින බව වගාකරුවෝ පවසති. 31 July 2019
උඳු බද්ද ඉහළට පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 30 July 2019
ශ්‍රී ලංකාවේ ‘තේ’ ඉල්ලුම පහළ බසී ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා යුරෝපීය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටී ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති. 29 July 2019
දිවයින පුරා ශීතාගාර 100ක් එළවළු සහ පලතුරු කල් තබා ගැනීමට යොදාගැනෙන ශීතාගාර 100ක් රටපුරා ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 29 July 2019
ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ට ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නෑ ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාව විසින් ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම හා එම චීන සංචාරකයින් භාෂාමය ගැටලුවට මුහුණ පාන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති ෂෙංග් ෂුවැංග් මහතා විසින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට පෙන්වා දී ඇත. 23 July 2019
බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමන බව කෘෂි ඇමති කියයි දේශීය බඩ ඉරිඟු ගොවියා ශක්තිමත් කිරීම සඳහා දැනට බඩ ඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලයේදී අද(21) පැවසීය. 21 July 2019
කන්නෙලිය වනාන්තරය ආශ්රිත නිවාසවල සංචාරකයින්ට නවාතැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්නෙලිය වනාන්තරය ආශ්රිත නිවාසවලට සංචාරකයින් නතරකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ගාලු දිසා වන නිලධාරි මොහාන් හිනටිගල මහතා පැවසීය. 21 July 2019
බැංකුණය පොලිය අඩුකරන බව අගමැති කියයි මේ මාසය අවසන් වනවිට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේ දී පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය කෙටි කලක් ඇතුළත යථාතත්වයට පත්වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 14 July 2019
ජානසම්පත් වැඩිකිරීමේ කලාපීය සමුළුව ඇරැඹේ ඌන උපයෝජිත මත්ස්‍ය හා සමුද්‍රීය ආශ්රිත ජාන සම්පත් වැඩිදියුණු කිරීම පිළිබඳ කලාපීය සමුළුව අද ( 10) නාරා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. 10 July 2019
අපනයන බෝග මිල පහළ වැටීමෙන් ගොවීන් අමාරුවේ කුරුදු, ගම්මිරිස්, ගොරකා, ඇතුළු සුළු අපනයන බෝග මිළ ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 08 July 2019
ඇමෙරිකාවේ ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනයට ඉඩක් ඇමෙරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අවස්ථාව පුළුල්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. 07 July 2019
රාජ්‍ය - පෞද්ගලික බැංකුවල රාත්‍රී සේවය සීමා කෙරේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු රාත්‍රී කාලයේ සේවා සැපයීම සීමාකර තිබේ. 05 July 2019
වතුර නැති නිසා විලච්චියේ ගොවීන් අමාරුවේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ රැසකට ජලය හිඟවීමෙන් තම අතිරේක බෝග වගාවන් විනාශයට පත්ව ඇතැයි ගොවිහු පවසති. 05 July 2019
කුඩා තේ වතු හිමියෝ දුක් අඳෝනා නගති අමු තේ දලු කිලෝවක මිල ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව කුඩා තේවතු හිමියෝ මැසිවිලි නගති. 05 July 2019
සංචාරයට සුදුසු රටක් ලෙස පළමු තැන ලංකාවට ලැබීම ගෞරවයක් ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්ෂේත්රයේ ලොකු කුඩා සියළු පාර්ශවකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 July 2019
විද්‍යාත්මක වීදුරු උපකරණ නිපදවීමෙන් කැලණි සරසවිය තවත් ඉදිරියට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ වීදුරු භාණ්ඩ නිෂ්පාදන පාඨමාලාව හැදෑරීමට උනන්දු දරුවන්ට එම මධ්‍යස්ථානය විවෘතව ඇත. 02 July 2019
ශ්‍රී ලංකාව-තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමක් සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි. 30 June 2019
සමාගම් 4 ක් 20 දර්ශකයට එක්වෙයි එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට නව සමාගම් 4ක් ඇතුළත් වී අතර තවත් සමාගම් 4ක් ඉන් ඉවත් වී තිබේ. 28 June 2019
ලංකාවට කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය ශ්‍රී ලංකාව සඳහා කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් අද (26) හඳුන්වා දුන්නේය. 26 June 2019
ජාතික කිරි මණ්ඩලයේ මැයි මස අලෙවිය ඉහළට ජාතික කිරි මණ්ඩලය (මිල්කෝ) මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති හෙයින් දෛනික යෝගට් නිෂ්පාදන වැඩිකරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 26 June 2019
මේ වසර අගදී වින්ඩෝස්වලින් වට්ස්ඇප් ඉවතට මේ වසර අවසානය වනවිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සහාය නොදැක්වීමට වට්ස්ඇප් ආයතනය තීරණය කර ඇති බව තමන්ට දන්වා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2019
ක්ෂේත්‍ර 14 ක රැකියා දෙන්න ජපානය සුදානම් ක්ෂේත්‍ර 14 ක් ඔස්සේ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානය සූදානම් බැවින් ජපන් භාෂාව හා වෘත්තීය නිපුණතාව ලබාගැනීම ආරම්භ කරන්නැයි ජපානයේ රැකියා බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලීමක් කරයි. 26 June 2019
මහජන බැංකුව කොටස් නිකුත්කිරීමට සැරසේ ප්රාග්ධනය වැඩි කරගැනීමේ අරමුණින් මහජන බැංකුව සතුකොටස් සේවකයින්ට සහ තැන්පත්කරුවන්ට නිකුත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 26 June 2019
ලොකු ලූනූ ආනයනකරුවන්ට අනතුරු ඇඟවීමක් ඉදිරියේදී දේශීය ලොකු ලුනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ලොකු ලුනු ආනයනය සඳහා ආනයනකරුවන්ට අවසර නොදීමට රජය පියවර ගෙන ඇත. 14 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026