IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ බදු පරිපාලනය නවීකරණය වෙන්න ඕනෑ

අත්‍යවශ්‍ය වියදම් කපා හැරීමට නොව ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට 
බදු ආදායම පහළ ගොස් ඇත්තේ නැගී එන කර්මාන්ත සඳහා දුන් බදු නිදහස් කිරීම් හේතුවෙන් 
කුමන අංශයක වුවත් ලාබ ලැබීමෙන් පසුව සමාගම් බදු ආදායමට දායක විය යුතුයි
ඩිජිටල්කරණයේ සහායෙන් නවීකරණය වූ බදු පරිපාලනයක් අවශ්‍යයි
 ඍ විදේශ ආයෝජන අධෛර්යවත් කරන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අනතුරු අඟවයි
වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද සහ සෙස් වැනි බදු හේතුවෙන් මෙරට බදු ව්‍යූහය විකෘති වෙලා


විමුක්ති එස් රුද්‍රිගු


මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා පැසැසුමට ලක් කළේය. කෙසේ නමුත් ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටමේ පවත්වා ගැනීම රජයට අභියෝගයක් වනු ඇති බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 75 ක් පිරීම නිමිත්තෙන් පැවැති ප්‍රථම මහජන දේශනයේදී ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම අදහස් පළ කළේය. අත්‍යාවශ්‍ය වියදම් කපා හැරීමට අවධානය යොමු කරනවා වෙනුවට රජය කළ යුත්තේ බදු ආදායම ඉහළ දමා ගැනීමට ප්‍රමුඛතාව ලබාදීම බව කුමාරස්වාමි මහතා එහිදී පැවැසුවේය.

එහිදී මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස පසුගිය වසර 20 පුරාවට පහළ ගිය ආකාරය පිළිබඳව කුමාරස්වාමි මහතා එහිදී අදහස් දැක්වූවේය. 1990 දශකයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ මෙරට බදු ආදායම 2022 වසරේදී සියයට 7.4 ක් දක්වා පහත වැටී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙරට බදු ආදායම පහළ යාමට හේතුවූයේ 2019 වසරේදී සිදුකළ බදු කප්පාදු කිරීම් මෙන්ම ඇඟලු‍ම් සහ සංචාරක කර්මාන්ත වැනි නැගී එන කර්මාන්ත සඳහා ලබාදුන් බදු නිදහස් කිරීම් බව ඔහු පැවැසුවේය. බදු නිදහස් කිරීම් මගින් අහිමි වූ ආදායම තේ, පොල් සහ රබර් වැනි සම්ප්‍රදායික අංශයන්ගෙන් අයකර ගැනීමට රජය අපොහොසත් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

කුමන අංශයක මෙහෙයුම් කටයුතු සිදු කළත් සමාගමක් ලාබ ලැබීම ආරම්භ කළ පසු බදු ආදායමට දායක වියයුතු යැයි කුමාරස්වාමි මහතා පැවැසුවේය. මෙරට බදු පරිපාලනය නවීකරණය වියයුතු යැයි ඔහු පැවැසුවේය. ඒ සඳහා ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (රැමිස්) වැනි ඩිජිටල් පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. එමගින් විනිවිදභාවය සහ බදු අනුකූලතාව ඉහළ යනු ඇති බවද කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

බදු පරිපාලනය සමග රාජ්‍ය ආයතන සම්බන්ධ කරන ප්‍රතිසංස්කරණ මගින් රජයේ බදු ආදායම ඉහළ නැංවීමට මෙන්ම අකාර්යක්ෂමතා අවම කිරීමටද හැකියාව ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවේය. හිටපු මහ බැංකු අධිපතිවරයා අපනයන අංශය පිළිබඳවද එහිදී අදහස් දැක්වූවේය. 2000 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 35 ක්වූ මෙරට අපනයනයන් වර්තමානය වනවිට සියයට 20 දක්වා අඩුවී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව 1978 වසරේ සිට අපනයන නායකත්වය ගත් ආර්ථික වර්ධනයක් ගැන කතා කළත් මේ වනතෙක් එය ඉටුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

විදේශ සෘජු ආයෝජන අධෛර්යවත් කර, ගෝලීය සැපයුම් දාමයන්ට රට ඒකාබද්ධ වීමෙන් බැහැර කර ඇති ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව ද ආචාර්ය කුමාරස්වාමි අනතුරු ඇඟවීය. වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද සහ සෙස් බද්ද වැනි තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ බදු ව්‍යූහය විකෘති වී ඇති බවත් එය අපව තරඟකාරීත්වයෙන් ඉවත්කර ඇති බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

ලංකාවේ බදු පරිපාලනය නවීකරණය වෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site