
තීන්ත ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළම වෙළෙඳ ආයතනයක හිමිකරුවකු වීම මොහොමඩ් නවුෂාඩ් මහතාගේ මුල් කාලයේ සිටම තිබූ අරමුණකි. මේ වන විට ඔහු ඒ අරමුණ කරා ළඟාවී ඇත්තේ තමාගේම උත්සාහය හා ධෛර්යෙනි. මේ වන විට මෙම තීන්ත වෙළෙඳපොළට වසර 40ක පමණ කාලයක් ගතවී තිබේ. ඔහු මේ තත්වයට පැමිණියේ පියවරෙන් පියවර බව ඔහු අපට පැවසුවේ නිරහංකාරවය.
මේ දවස්වල බිස්නස් සොයා යන ගමනේ අපගේ තවත් එක් නවාතැනක් වූයේ මොහුගේ ව්‍යාපාරික ස්ථානයයි. සිසිල පේන්ට් ස්ටෝර්ස් ඔහුගේ ව්‍යාපාර නාමයයි.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
ඇත්තම කිව්වොත් මේ දවස්වල බිස්නස් සෑහෙන්න අඩුයි. මට හිතෙන්නේ මේ දවස්වල මිනිසුන්ගේ අතේ මුදල් ගැවසෙනවා සෑහෙන්න අඩුයි. කොරෝනාවලට කලින් අපි තීන්ත ටිකක් විකුණගෙන ඉතාම හොඳට බිස්නස් එක කරගෙන ගියා. ඒ හැමදේම කොරෝනාවලින් පස්සේ වෙනස් වුණා. බඩුවල මිල වැඩිවීමත් ලොකුවටම බලපෑවා. එකකට එකක් මිල වැඩි වුණාම කවුද තමන්ට අවශ්‍ය දේවල් ඕන වුණත් ගන්නේ.
මේ දවස්වල අපේ සීසන් එක, නෝම්බි අවුරුද්ද. ඉන්පස්සෙ සිංහල අවුරුද්ද. මේ කාලයට මිනිස්සු තීන්ත ගන්න ආවේ පොරකකා. දැන් අපි කඩවල්වල වේළෙනවා. දැනට සේවකයෝ 11ක් එක්ක තමයි මේවා ඇදගෙන යන්නේ. කලින් සිටි සේවකයෝ එක්ක මේක ඇදගෙන යන එකත් ලොකු දෙයක්.
Q: බිස්නස් අඩුවෙන්න බලපාපු හේතු මොනවද?
බිස්නස් අඩුවෙන්න හේතු ගොඩක් බලපාලා තියෙනවා. රජය පැත්තෙන් අපි ඉල්ලන්නේ බඩු මිල අඩු කරන්න. ජනතාවට දරන්න පුළුවන් මිලකට ඒ බඩු දෙන්න. එහෙම නැතිවුණොත් තීන්ත නෙවෙයි කිසිම බිස්නස් එකක් කර ගන්න විදියක් නැහැ. දැන් තීන්ත අවශ්‍යම අය විතරයි අපි ළඟට එන්නේ. ඉස්සර මෙහෙම නෙවෙයි. අවුරුද්දෙන් අවුරුද්ද තීන්ත ගාපු ගෙවල් තිබුණා. ඉස්සර තීන්ත ලීටර් 04ක් ගෙනියපු කෙනා දැන් ගෙනියන්නේ ලීටරයයි. අපටම වෙන්වූ පාරිභෝගික පිරිස නිසා තමයි අපි මෙහෙම හරි රැකිලා ඉන්නේ.
අමිල චින්තක ගමගේ
ඡායාරූප : ළහිරු හර්ෂණ

2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් හොඳටම අඩුයි