IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පෙබරවාරියේ තේ නිෂ්පාදනය පහළට

පෙබරවාරි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 15.59ක් දක්වා මිලියන 4.40කින් පහළට 

ජනවාරි - පෙබරවාරි සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 37.16ක් දක්වා මිලියන 1.37කින් පහළට 


භානුක අමරසිංහ 


පෙබරවාරි මාසයේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 15.59ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 19.99ක තේ නිෂ්පාදනය හා සැසඳී‍මේදී කිලෝග්‍රෑම් මිලියන 4.40ක අඩුවීමකි. මෙම දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ෆෝබ්ස් ඇන්ඩ් වෝල්කර් රිසර්ච් ආයතනය, 2023 පෙබරවාරි මාසයේදී වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 18.76ක තේ නිෂ්පාදනය හා 2025 පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය හා සැසඳීමේදී තේ කිලොග්‍රෑම් මිලියන 3.16 ක අඩුවීමක් සඳහන්ව තිබේ. 

මේ අතර 2025 වසරේ ජනවාරි - පෙබරවාරි කාලසීමාවේදී සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 37.16ක් වාර්තා කර තිබේ. එය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ සමස්ත තේ කිලෝග්‍රෑම් මිලියන 38.53 හා සැසඳීමේදී තේ කිලෝග්‍රෑම් මිලියන 1.37ක අඩුවීමකි. 

එහිදී උස් බිම් තේ නිෂ්පාදනයේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර, මැදි බිම් සහ පහත් බිම් තේ නිෂ්පාදනය පහත වැටීමක් පෙන්නුම් කර තිබේ. මේ අතර ෆෝබ්ස් ඇන්ඩ් වෝල්කර් රිසර්ච් ආයතනය වසරේ මුල් මාස දෙකේදී වාර්තා කළ මෙම තේ නිෂ්පාදනය 2023 වසරේ එම කාලසීමාවේ වාර්තා කළ තේ කිලෝග්‍රෑම් මිලියන 37.23 හා සසඳමින්, එය කිලෝග්‍රෑම් මිලියන 0.07ක අඩුවීමක් ලෙස සඳහන් කරයි.



අදහස් (0)

පෙබරවාරියේ තේ නිෂ්පාදනය පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site