IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සෙලාන් බැංකුවට රුපියල් බිලියන 10 ක බදු පසු ලාබයක්

සෙලාන් බැංකුව, 2024 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 10.05 ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පෙර වසර සාපේක්ෂව සියයට 61ක වර්ධනයකි. බැංකුවේ ආදායම් බදුවලට පෙර ලාබය සියයට 59 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.04 ක් ලෙස වාර්තා වී තිබේ. 
මෙලෙස වාර්තා වූ රුපියල් බිලියන 10 ඉක්මවූ බදු පසු ලාබය, සෙලාන් බැංකුවේ 36 වසරක ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම බදු පසු ලාබය ලෙස සැලකේ. 2024 දෙසැම්බර් 31 දින වන විට බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 780 ක් විය. මෙය පෙර වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 718 ට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයකි. 
ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු‍ විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 491.37 ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 415.75 ක් විය. බැංකුවේ හානිකරණ ණය (අදියර 3) සම්බන්ධ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය  [Asset Quality Ratio of Impaired Loan (Stage 3) Ratio] සියයට 2.10 ක් විය (2023 - 3.85%). සුපරීක්ෂාකාරී ප්‍රතිපාදන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් සියයට 80.90 ක අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතයක් වාර්තා කිරීමට බැංකුවට හැකි වී තිබේ (2023 වසරේදී 68.29%). මෙය වසර අවසානයේදී මෙරට බැංකු ක්ෂේත්‍රයේ පැවති ප්‍රතිපාදන ආවරණ අනුපාතය වූ සියයට 54 ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි. 



අදහස් (0)

සෙලාන් බැංකුවට රුපියල් බිලියන 10 ක බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site