IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මී මැසි පාලනය ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක්

වල් අලි ප්‍රශ්නයට මී මැසි පාලනය හොඳ විසඳුමක් 


  • වසරකට මී පැණි මෙට්‍රික් ටොන් දෙකක් ගෙන්නනවා
  • එක වැවක් ළඟ මී මැසි පෙට්ටි එකක් තිබ්බොත් මී මැසි පෙට්ටි 5000 ක් හදන්න පුළුවන්
  • දැනටමත් දැදුරු ඔය ආශ්‍රිතව මී මැසි පෙට්ටි සීයක් පමණ නොමිලේ ගොවියන්ට ලබා දීලා
  • මී පැණි බෝතලයක් විකිණෙන්නේ රුපියල් 3000 - 5000 වැනි මිල ගණන්වලට
  • මී මැසි ජනපද අලෙවි වන්නේ රුපියල් දස දහසේ සිට ඉහළ මිලකට
  • මී මැසි පෙට්ටියකින් සාමාන්‍යයෙන් පැණි බෝතල් තුනක් පමණ ලබා ගන්න පුළුවන්

මහව - සජීවා කෝට්ටගොඩ


මී මැසි පාලනය ලංකාවේ කර්මාන්තයක් ලෙස දියුණු කළ හැකි ලාබදායී මාර්ගයකි. ඖෂධ නිෂ්පාදනයේදී ඉතා හොඳ ප්‍රමිතිගත ලෙස මී පැණි ලබා ගැනීමට ඇති අවස්ථා අහිමිව ඇත්තේ මී මැසි පාලනයට තරුණ ප්‍රජාව යොමු වීමේ අඩුකම නිසාය.

මීමැසි පාලනයේ දී මී මැස්සන්, ඇති දැඩි කිරීම සහ ඔවුන්ගෙන් මී පැණි, මී ඉටි, පරාග සහ අනෙකුත් නිෂ්පාදන ලබා ගැනීම සිදුවේ. මෙම කර්මාන්තයෙන් ඉතා හොඳ ආදායමක් උපයාගත හැකිය. මී පැණි සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලු‍මක් පවතින අතර, එයින් ඉහළ ආදායමක් ලබා ගත හැකිය. මී ඉටි විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා අතර, එයින්ද ආදායමක් උපයා ගත හැකිය. මී මැස්සන් කෘෂිකාර්මික බෝග පරාගනය සඳහා අත්‍යවශ්‍ය වන අතර, එමඟින් බෝග අස්වැන්න වැඩි කර ගත හැකිය.

කෘෂිකාර්මික කටයුතුවලට භාවිත කරන කෘමි නාශක නිසා පැණි නිෂ්පාදනය අවම මට්ටමක පවතී. බොහෝ සතුන් කැලෑබද ප්‍රදේශවල ගස්වල මී වද බැඳගෙන ජීවත් වන අතර මී පැණි නිෂ්පාදනය සඳහා ලංකාවේ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම කර්මාන්තය කරගෙන යන පිරිසට බරපතළ ලෙස බලපා තිබේ.

මී මැසි පාලනයේ යෙදෙන සුබසිංහ ජයසුන්දර මහතා මෙසේ අදහස් දැක්වීය.

මී මැසි පෙට්ටියක් සෑම ගෙදරකම ඇති කරමු යන දැක්ම ඇතිව මෙම කර්මාන්තය දියුණු කරන්න මැදිහත්වීම ඉතාමත්ම අවශ්‍යයි. 

මී මැස්සා අපට අත්‍යවශ්‍ය සතෙක්. මී මැස්සා නොමැති දිනෙක විද්‍යාව කොතරම් දියුණු වුවත් මී පැණි නිෂ්පාදනය කිසිවකුටත් කළ නොහැකියි. සතාට අවුරුද්දකට වඩා ජීවත් වෙන්න බෑ. ආදි කාලේ ඉඳලා මී පැණිවලින් අපි බොහෝ ප්‍රයෝජන ගත්තා. ලෙඩ රෝග නැතිකර ගැනීම, ආහාර කල් තබා ගැනීම, මී පැණි දිව්‍ය ඖෂධයක් විදියටයි පැරැන්නෝ දැක්කේ. 

අපේ හේන්වල දැන් හැදෙන වට්ටක්කා වැලක් අඩි 15 - 20 දිගට ඇදෙනවා. එහෙත් මල් නැහැ. තව ටික කලක් යද්දි ගොවියන්ට සිද්ධ වෙයි තම දරුවෝ ගස්වලට නංවලා පින්සලක් අරන් ගහෙන් ගහට මල් රේණු පරාගනය කරන්න. විශේෂයෙන්ම අද අපේ රට මුහුණ පා සිටින වල් අලි ප්‍රශ්නයට මී මැසි පාලනය හොඳ විසඳුමක්. 

ශ්‍රී ලංකාවේ කර්මාන්තයක් විදියට මී මැසි පාලනය නොකළාට දකුණු ආසියාතික රටවල් බොහොමයක අක්කර දහස් ගණනක මීමැසි ගොවිපොළ පවත්වාගෙන යනවා. ඔවුන් හදන මි පැණි ලෝකයේ බොහෝ තැන්වලට යවනවා. හැබැයි ඔවුන් මල් වර්ග දෙක තුනක් වවලයි එහෙම කරන්නේ. අපේ රටටත් මී පැණි මෙට්‍රික් ටොන් දෙකක් වසරකට ගෙන්නනවා.

ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ බොහොමයක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් කුඩා වැව් පන්දහසක් පමණ තියෙනවා . මී කුඹුක්, හුබුටු හොඩ්ජ මල් වර්ග. අපේ රටේ මී පැණිවල විශේෂ ගුණාංගයක් තියෙනවා.හේතුව මල් වර්ග රාශියක් අපේ ස්වභාවික වනාන්තරවල තියෙනවා. මී මැස්සො කැමැති මල් වර්ග රාශියක් අපට ගෙවල්වල හදන්න පුළුවන්. එක වැවක් ළඟ මී මැසි පෙට්ටි එකක් තිබ්බොත් මී මැසි පෙට්ටි 5000ක් හදන්න පුළුවන්. 

සෑම ගෙදරටම මී මැසි ජනපදයක් ඇති කර ලෝකයේ ආහාර හිඟයට විසඳුමක් හොයනවා සේම දිව්‍ය ඖෂධයක් බදු මී පැණි ටිකක් හදා ගැනීම හැම කෙනකුටම කරන්න පුළුවන්.

අත්දැකීම් බහුල ප්‍රවිණයන් කිහිපදෙනෙක් එකතුවෙලා වසම (වයඹ සංවර්ධන මධ්‍යස්ථානය) නමින් ලාබ නොලබන ආයතනයක් ලෙස අපි මී මැසි පාලනය පවත්වාගෙන යමින් දැනුවත් කිරීම් පිළිබඳ වැඩසටහන් කරගෙන යනවා. දැනටමත් දැදුරු ඔය ආශ්‍රිතව මී මැසි පෙට්ටි සීයක් පමණක් නොමිලේ ගොවියන්ට ලබා දී තිබෙනවා. කහල්ල පල්ලෙකැලේ ,මොරගොල්ලාගම ප්‍රදේශයේ වසරකට වරක් කැලේට ගොස් මී පැණි ලබාගන්නා ගොවියන්ගේ අස්වැන්න ඉහළ මිලකට අලෙවි කරදීමට කටයුතු යොදමින් ඉන්නවා. 

ලංකාවේ මී පැණි නිෂ්පාදනය එක් බෝතලයක් රුපියල් 3000 -5000 වැනි මිල ගණන්වලට අලෙවි වෙමින් පවති. පෙට්ටි මී පැණිවලට වඩා කැලෑ මී පැණිවලින් වටිනාකමක් ඇති බව හා රසයෙන් හා ගුණයෙන් වෙනස්කමක් තිබෙනන බවද සඳහන් වේ. විශාල පොල් වතුවල මී මැසි පෙට්ටි තැබීමේ වැඩපිළිවෙළක් ඇතිකිරීමෙන් මී පැණි නිෂ්පාදනය වැඩිකර ගැනීමටද හැකියාවක් තිබේ. මී මැසි පෙට්ටි නිෂ්පාදනය වාරියපොළ, රිදීගම වැනි ප්‍රදේශවලින් ලබා ගත හැකි අතර මැසි ජනපද රුපියල් දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට අලවි දවන බවද කියයි. 

මෙහිදී මී පැණී නිෂ්පාදන කර්මාන්තය හරහා වක්‍ර රැකී අවස්ථාද බොහොමයක් නිර්මාණය වීම නිසා තරුණ ප්‍රජාවට වෙනත් රැකියාවක් සිදු කරන අතරතුරදීම ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස මී මැසි පාලනය කරගත හැකිය. මී මැසි ජනපද ලබා ගැනීමේ ලාබදායි ක්‍රමය වන්නේ කල ගෙඩියකට දුම්මල අල්ලා සත්තුන්ට ඒමට සැලසීමයි. එමගින් මී මැසි ජනපද ලබා ගැනීමට හැකිය. අඹ මල් පිපෙන කාලයට හා මාර්තු ජුනි මාසවලදී මී පැණි කැඩීම සිදු කරයි. වසරකට දෙවරක් මී පැණි කඩා ගැනීමටද හැකියාවද පවතී. මී මැසි පෙට්ටියකින් සාමාන්‍ය පැණි බෝතල් තුනක් පමණ ලබා ගැනීමට හැකියි.

නියඟය, අධික වර්ෂාව වැනි දේශගුණික විපර්යාස නිසා මී මැසි ජනපදවලට හානි සිදුවිය හැකිය.මී මැස්සන්ට වැළඳෙන රෝග සහ පළිබෝධ නිසා මී මැසි ජනපද විනාශ වීමේ අවදානමක් පවතී. මී මැස්සන්ට අවශ්‍ය මල් පැණි සහ පරාග ලබා ගැනීමට වනාන්තර අවශ්‍ය වන අතර, වනාන්තර විනාශය නිසා ඔවුන්ගේ ජීවන තත්වය අඩාල විය හැකිය.

මෙම කර්මාන්තයෙන් ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කර ගත හැකිය. කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යාමට නම්, මී මැසි පාලනය පිළිබඳ නිසි දැනුමක් සහ පුහුණුවක් ලබා ගැනීම, මී මැසි ජනපදවල සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වෙළෙදපොළ අවස්ථා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මී මැසි පාලනය පිළිබඳව ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් අද (17) පෙරවරු 9.30 - 1.00 දක්වා කුරුණෑගල. යන්තම්පලාවේදී නොමිලේ පැවැත්වීමට වසම සංවිධානය කටයුතු කර තිබේ.

 



අදහස් (0)

මී මැසි පාලනය ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site