
වෙන්කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න
සුළු හා මධ්‍ය ව්‍යවසාය මුහුණ දෙන ණය ගැටලු ගැනත් අවධානය
අංජුල මහික වීරරත්න
කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුවකදීය.
ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙයවීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදු කිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය කිරීම, ආයෝජන කලාප ආශ්‍රිත දේශීය කුඩා පරිමාණ කර්මාන්ත බිහි කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මුහුණ දෙන ව්‍යාපාර ණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම සඳහා ආනයන සීමා පවත්වාගෙන යාම හා විගණනය කිරීම, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රසම්පාදනයේ දී දේශීය සැපයුම්කරුවන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ එහි පූර්ණ ආදායම ජාතික ආර්ථිකයට එකතු කර ගැනීම පිළිබඳව ද එහිදී අවධානයට යොමු විය.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දිරිගැන්වීම සඳහා සංචාරකයන්ට ලබාදෙන බදු නිදහස් කිරීම කඩිනමින් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, එම නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කර්මාන්ත-ව්‍යවසාය ශක්තිමත් කරන්න ජනපතිගෙන් උපදෙස්