භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ඊ-චැනලින් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මාර්තු 12 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ. ඇය සතුව ළමාරෝග සායන, වෛද්‍ය අධ්‍යාපන සහ ළමා සෞඛ්‍ය පර්‌යේෂණය පිළිබඳව දශක දෙකක අත්දැකීම් සහිත බව සමාගම පවසයි. ඇය වර්තමානයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසද කටයුතු කරයි. එසේම කොළඹ දකුණ ශික්ෂණ රෝහලෙහි ළමාරෝග පිළිබඳ උපදේශිකාවකද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd