IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර හවුල්කාරිත්ව කාර්ය රාමුවක්

 නිමල කොඩිතුවක්කු


ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුවට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සූර්ය බල ශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය පිහිටුවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර රටවල් 54ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර ඇත.

ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් 25,000 ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වේ. සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයට අදාළව සුර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන (STAR - C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙතින් අත් කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

ඒ අනුව, බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 2024/25 මූල්‍ය වර්ෂයේ සිට ඇමෙරිකා ඩොලර් 25,000 ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම. ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR - C) පිහිටුවීම. රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර අත්සන් තැබීම එය ඇතුළත්ය.



අදහස් (0)

ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර හවුල්කාරිත්ව කාර්ය රාමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site