කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙරේදා (මාර්තු 12) නැවත පිබිදීමක් වාර්තා කරන ලද නමුත්, පසුගිය සති දෙකක පමණ කාලය තුළ තිබුණ පසුබැසීම ආවරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට තරමක දෝලනයක් පැවැතියේය. එදින පස්වරුව වන විට මිල දී ගැනීම් සඳහා යුහුසුළු වූ අතර, ඊයේ වෙළෙඳපොළ නිවාඩු දිනයක් හා අද ගනුදෙනුවලට විවෘත වන අවස්ථාවේ දී තවත් වර්ධනයක් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාව වූ බව පෙනිණ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ අලුත් බදු ප්‍රතිපත්ති කෙරෙහි සැලකිල්ල යොමු කරමින් එරට ප්‍රධාන කොටස් වෙළෙඳපොළ තියුණු පසුබෑමකට පත් වූ අතර, යුරෝපා, ජපානය හා දකුණු කොරියාව දක්වා සඳුදා ගනුදෙනුවල දී එය පැතිරී ගියේය. කෙසේ වෙතත් කැනඩාව සඳහා පනවන ලද බදු සම්බන්ධ නියෝග ආපසු හැරවීමට සූදානම් වන බවක් දැක්වීම හේතුකොටගෙන ආයෝජන අංශ නැවතත් මිල දී ගැනීමට නැඹුරු විය. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳාමේ විදේශ මිලදී ගැනීම් තවමත් ප්‍රමාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,861.14 තෙක් ඉහළ ගිය අතර, එය දර්ශක 150.57 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,730.84 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 50.02 ක පහළ වැටීමක් සේ දැක්විය හැකිය.
ජෝන් කීල්ස් රු. මිලියන 197 ක්, සම්පත් රු. මිලියන 98 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 90 ක්, එල්. ඕ. එල්. සී රු. මිලියන 76 ක්, ලයන් බෲවරි රු. මිලියන 67 ක්, හේලීස්රු. මිලියන 60 ක් සහ සියෙරා කේබල් රු. මිලියන 58 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 12,449 ක් වූ අතර, එහි දී සමාගම් 197 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 46 කි. පෙරේදා දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 2.42 ක අගයක් වාර්තා කළේය.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැලකිය යුතු අවාසියෙන් කොටසක් ආවරණය කරගනී