IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බිස්නස් වැඩිවෙයි කියලා කියන්න අමාරුයි

ප්‍රින්ස් වීදියේ GLOBAL වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික වී.අඩෙක්කන්


පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය. 
එළඹෙන උත්සව සමයත් සමඟ වෙළෙඳපොළේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්බස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී ප්‍රින්ස් වීදියේ GLOBAL වෙළෙඳ ආයතනයේ වී.අඩෙක්කන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q:  මේ දවස්වල බිස්නස් කොහොමද?
පාසල් වාරය ආරම්භයත් එක්ක යම් මට්ටමක බිස්නස් එකක් තිබුණා. මේ දවස්වල බිස්නස් අඩුයි. එළඹෙන උත්සව සමයත් එක්ක බිස්නස් වැඩි වෙයි කියලා කියන්න අමාරුයි. උත්සව සමයේ වෙළෙඳාමත් එක්ක තමයි අඩු වැඩිවීම කියන්න පුළුවන්.


Q: බිස්නස් අඩුවීමට  බලපෑ හේතු මොනවාද?
අපි විසිතුරු භාණ්ඩ, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය, තෑගි භාණ්ඩ තොඟ වශයෙන් වෙළෙදාම් කරන්නේ. ආනයනය කරනු ලැබූ භාණ්ඩ බහාලු‍ම් දීර්ඝ කාලයක් තිස්සේ රේගුවෙන් නිකුත් කරගැනීමේ ගැටලු‍වක් තියෙනවා. අදාළ භාණ්ඩ ලබා ගැනීමට මුදල් ගෙවලා තිබුණත් භාණ්ඩ නිකුත් කරනකම් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. එළඹෙන උත්සව සමය ඉලක්ක කරගෙන භාණ්ඩ ආනයනය කළත් ඒවා නියමිත කාලයට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකිවීමත් බිස්නස් අඩුවෙන්න හේතුවක් වෙලා තියෙනවා.
පාරිභෝගිකයෝ භාණ්ඩයක් මිලදී ගැනීමේ දී පෙරට වඩා ගුණාත්මකභාවය සහ එහි නිමාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙනවා. අපි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ පාරිභෝගිකයාගේ රුචිකත්වයට ගැළපෙන පරිදි භාණ්ඩ හඳුන්වා දෙන්න. පෙර සැලසුම් කරලා භාණ්ඩ ආනයනය කරලා වෙළෙඳපොළට නිකුත් කරන්න උත්සාහ ගත්තත් ආයතනික වශයෙන් සිදුවන ප්‍රමාදවීම් හේතුවෙන් බිස්නස් කඩා වැටෙනවා. උත්සව සමය ඉලක්ක කරගෙන ප්‍රධාන නගරවල වෙළෙඳුන් මාර්තු දෙවැනි සතිය වෙද්දී තොඟ වශයෙන් භාණ්ඩ අරගෙන යනවා. එහෙත් අපිට ඔවුන්ට ලබා දෙන්න භාණ්ඩ අතිරික්තයක් නොමැතිවීම ගැටලු‍වක් වෙලා තියෙන්නේ. ඉදිරියේ දී භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරන කාලය අනුව භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. බිස්නස් සාධනීය මට්ටමක නොතිබුණත් කාලයක් පුරාවටම අප වෙළෙඳ ආයතනයේ සේවය කරන වෙළෙඳ සහයකයන් දහ දෙනකු සහභාගී කරගනිමින් තමයි වෙළෙඳාම කරගෙන යන්නේ.

මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ

 



අදහස් (0)

බිස්නස් වැඩිවෙයි කියලා කියන්න අමාරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site