භානුක අමරසිංහ
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී සමාගමේ ජාතික දිගු-කාලීන ශ්‍රේණිගත කිරීම දැනට පවතින AA(lka) මට්ටමේම තවදුරටත් පවත්වාගෙන යන බව පවසයි.
සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී සමාගම සතු සිල්ලර වෙළෙඳ සැල් සහ බෙදාහැරිමේ ජාලය මෙන්ම වඩාත් ස්ථාවර වූ සන්නාම හේතුවෙන් ඇති කරගෙන තිබෙන ශක්තිමත් වෙළෙඳ පොළ තත්වය ඊට හේතුව බව එම ආයතනය සඳහන් කරයි.
සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම හේලීස් සමූහයට අයත් සමාගමක් වන අතර අද වනවිට මෙරට කල්පවතින පාරිභෝගික භාණ්ඩ අංශයේ පළමු තැන පසුවෙයි. එසේම ආසන්න වසර කිහිපයේදී එම සමාගමේ කුඩා තරගකරුවන් අසීරුතාවලට මුහුණ දීම හෝ තරගයෙන් ඉවත්වීමත් එම සමාගමට වාසියක් වී තිබේ.
“2025 මාර්තු මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂයේදී සිංගර් සමාගමේ ආදායම සියයට 18කින් ඉහළ යනු ඇතැයි ෆිච් බලාපොරොත්තු වෙනවා. එහිදී අලෙවි පරිමාවේ සිදුවන ඉහළ යාම ඊට හේතු වනු ඇති.“ එම ආයතනය පවසයි.
එසේම 2025-2026 කාලයේදී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 3.5ක සාමාන්‍යයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වා දෙන ෆිච් රේටින්ග්ස් ආයතනය, ඒ හරහා ඉදිරි මාස 12-18 කාලයේදී රටේ පාරිභෝගික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමක් සිදු වනු ඇතැයිද පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගතකිරීම AA-(lka) මට්ටමේම