භානුක අමරසිංහ
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ඊයේ (18) කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී ණයකර කොටස් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් සඳහා අයැදුම්පත්‍ර ලැබී තිබේ.
මෙහිදී බැංකුව මගින් බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි පස් අවුරුදු (2025/30) ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි.
ඒ යටතේ පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50 ක් (50,000,000ක්) නිකුත් කෙරුණු අතර, ඊට ලැබුණු අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20 ක් නිකුත් කර තිබේ. එසේම එම නිකුතුවට ද ලැබුණු අධි ඉල්ලුමක් සමගින් තවත් ණයකර කොටස් මිලියන 30 ක් නිකුත් කෙරී තිබිණි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්