නිමල කොඩිතුවක්කු
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) කොළඹදී පැවසීය.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුතුව නිලධාරී කමිටුවක් පත් කිරීමට 2024.12.18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබීය.
එම කමිටුව විසින් ආයතන 160ක් සමාලෝචනය කර ඇති අතර ඉන් විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන 36 ක් සමාලෝචනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුවක සහාය ලබා ගැනීමට තීරණය කර ඇත. එම ආයතන හැර ඉතිරි ආයතන 124 කාණ්ඩ 09 ක් යටතේ වර්ගීකරණය කරමින් කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචන වාර්තාවක්