IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


2024 වසරේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මූල්‍ය අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්: Kaspersky නවතම ආරක්ෂක වාර්තාව හෙළිකරයි

ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක්

දේශීය වංචනික මෘදුකාංශ මගින් සිදුවන සයිබර් ප්‍රහාර මිලියන 12.5කට වැඩි ගණනක්


2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක් වාර්තා වී තිබෙන බව පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂක වාර්තාව හෙළිකරයි. ඒ අනුව ව්‍යාපාරවල සංවේදී මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් සිදුවන අන්තර්ජාල අපරාධවල ශීඝ්‍ර ඉහළ යාමක් මේ හරහා පෙන්නුම් කෙරේ. 

විවිධ මූල්‍ය ආයතනවල වෙස් ගත් සාවද්‍ය දැනුම්දීම් පදනම් කරගත් මෙවැනි මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ සිදුවීම් මේ වනවිට ලොව පුරා ව්‍යාපාර ආයතන මුහුණ දෙන බරපතළ ගැටලු‍වක් බවට පත්ව තිබේ. මෙම සයිබර් සොරකම්වලට ගොදුරු කරගන්නා පුද්ගලයන්ට, ඔවුන්ගේ බැංකු පිවිසුම් කේත, ක්‍රෙඩිට් කාඞ්පත් අංක සහ ගෙවීම් තොරතුරු ආදිය හුවමාරු කරගැනීමට සයිබර් අපරාධකරුවන් විසින් පොළඹවාගනු ලැබේ. ඒ වෙනුවෙන් විවිධ වෙබ් දිගු (links) ඔවුන්ට පිරිනැමෙන අතර, ඒවාට පිවිසෙන පුද්ගලන්ගේ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට සයිබර් අපරාධකරුවෝ ක්‍රියාකරති. 

ශ්‍රී ලංකාව තුළ සිදුවන මූල්‍ය දත්ත සොරකම් කිරීමේ සිදුවීම් හරහා ශ්‍රී ලංකාවත් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙමින් පවතින බවට සාක්ෂි සපයයි. ව්‍යාපාර ආයතන තමන්ගේ මූල්‍ය ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමේදී ඊට සමගාමීව මතුවිය හැකි සයිබර් තර්ජන පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම සංවේදී දත්ත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්ථර කිහිපයක ආරක්ෂාවක් තමන්ගේ ඩිජිටල් පද්ධති වෙත ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්, යනුවෙන් Kaspersky හි ආසියානු කලාපයේ නැගීඑන රටවල් අංශයේ අලෙවි ප්‍රධානී සෑම් යන් මහතා ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන සයිබර් ආරක්ෂාව ව්‍යාපාරික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගැනීම වැදගත්. සයිබර් මූල්‍ය අපරාධ වර්තමානයේ සුලබව දැකිය හැකි අතර, ඊට නිසි විසඳුම් නොගතහොත් දරුණු ප්‍රතිඵල උදාවිය හැකියි. එමනිසා සයිබර් අපරාධ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමත්, සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට සහ ඒවා වැළැක්වීමට තම කාර්යමණ්ඩලය පුහුණු කිරීමත් අතිශය වැදගත්, ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

මේ අතර, ශ්‍රී ලංකාව තුළ වෙබ් ආශ්‍රිත සහ දේශීය වංචනික මෘදුකාංග ප්‍රහාරවල ඉහළ යාමක් ගැන ද Kaspersky වාර්තාව අනතුරු අඟවයි. 2024 වසරේදී වෙබ් ආශ්‍රිත සයිබර් තර්ජන මිලියන 8.6කට වැඩි ගණනක් ද, දේශීය වංචනික මෘදුකාංශ මගින් සිදුවන සයිබර් ප්‍රහාර මිලියන 12.5කට වැඩි ගණනක් ද Kaspersky නිෂ්පාදන මගින් ග්‍රහණය කරගෙන තිබේ. මෙමගින් ද ව්‍යාපාර ආයතන දැඩි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.



අදහස් (0)

2024 වසරේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මූල්‍ය අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්: Kaspersky නවතම ආරක්ෂක වාර්තාව හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 227 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site